Tuesday, March 5, 2013

බෝ කොළ තට්ටයා


පාසලේ ඉගෙනගත් සුන්දර කාලය නිමා විය. උසස් පෙළ විභාගය සදහා ඇඩ්මිෂන් දෙන දිනය උදා විය. ප්‍රධාන ශාලාවේ ඒ සදහා උත්සවයකි. ගුරුවරු මෙන්ම දෙමාපියන්ද එයට සහභාගී විය. නිල වශයෙන් පාසල් යන අවසන් දිනය  බැවින් වෛර පිරිමැසීම්, ගත යුතුව තිබු පලි සියල්ල ගත යුතුව තිබිණි.

උදේ සිට පැවති ආගමිකවතාවත් වලට හා ගුරුවරුන්ගේ අනුසාසනා අහවර වන විට දොළහත් පසු වී තිබුණි. මේ අටමගුල නිම වන පාටක් නැත. අහෝ අපිට පාඩම් කිරීමට ඇති කාලය (අනේද කියන්නේ :පී). බඩගින්නක්ද ඇත. ඊට හපන් පැය ගානක් ඉදන් සිටීමෙන් ඇති අමාරුව. වැඩසටහන නිමා කිරීමටද කොහේදෝ බෝ කොළ තට්ටයා වේදිකාවට ගොඩ විය.

බෝ කොලයක් වැනි තට්ටයක් ඇති බැවින් අළුතින් පැමිණි රසායන විද්‍යා ගුරුවරයා බෝ කොළ තට්ටයා නමින් හදුන්වයි. අළුතින් පැමිණියද හැසිරෙන්නේ පාසලේ අයිතිකාරයා මෙනි. අඩියක් පමණ ඉහලින් ගමන් කරන ඔහු කතා කරන්නේ හිට්ලර් මෙනි. ක්‍රියා කලාපයද එලෙසමය. මේ නිසා කාටත් මේ ගුරුවරයා දිරවන්නේ නැත.


පටන් ගත් ස්තුති කතාව නිමවන පාටක් නැත. ස්තුති කතාව නිම කර ගැනීමට දැඩි අවශ්‍යතාවක් ඇත. එක පාරටම කට්ටිය අත්පුඩි ගසන්නට පටන් ගත්හ. ඒ කෙසේ හෝ මෙලෝ රහක් නැති කතාව නිම කර ගැනීමටය. සර් සෙකන්ඩ් වීමට කැමති නැති පාටයි. තරහා මැඩගෙන දිගටම කතා කරයි. අපේ එවුන්ද වැඩේ අත අරින්නේ නැත. එන්න එන්නම සද්දය වැඩි වෙයි. ඊලග විනාඩියේ කෙසේ හෝ වචන ගලපා සර් කතාව නිම කර ගැනීමට හැකි විය.

ගුරුවරුන් හා දෙමාපියන් ඉදිරියේ බෝ කොළ තට්ටයා මෙලෙස අපහසුවට පත් කිරිමට හැකි වීම අප ලද ජයග්‍රහණයක් යැයි එකල අපි සිතුවෙමු.

පා.ලි.
හොද වෙලාවට එදා පාසල් ගිය අවසන් දිනය විය. නැතිනම් පංති කාමරයේදී කල දේට බෝ කොළ තට්ටයා  අපෙන් පලිය ගනු ඇත.


http://www.battleagainstbald.com/battle_against_bald/2009/07/index.html

5 comments:

  1. සිරා කතාව..

    පව් යකෝ... :ඩී

    ReplyDelete
    Replies
    1. අහිංසක විදිහටනේ පලි ගත්තේ... අවුද?

      Delete