Sunday, February 2, 2014

කයිසෙන් යෝජනා

 

    මම 9 වසරේ වගේ ඉන්නකොට 5S සංකල්පය ඉස්කෝලේ හොදටම කරගෙන ගියා. ඕකේ කයිසෙන් යෝජනා කියලා කොටසකුත් තිබුණා. අපේ අදහස් යෝජනා ඕකට තමා දාන්න ඕනේ. 


    මම දන්න විදිහට අපේ එවුන් නම් ඕකට වැඩකට ඇති යෝජනා නම් දාලා නෑ. පන්තියට එක ගානේ කයිසෙන් යෝජනා පෙට්ටි තියෙන්න ඕනේ කියලා හදිස්සියේම ආරංචියක් ආවා. පන්තියේ වග කිවයුතු ශිෂ්‍යයෙක් වශයෙන් මමම මේක හදන එන්න බාර ගත්තා. ගෙදර ගිහින් කාඩ්බෝඩ් පෙට්ටියක් හොයාගෙන වටේට කොළ අලවලා, කයිසෙන් කියලා ලොකුවට ගහලා, ගිහින් පන්තියේ එල්ලුවා.

    ගින්නක් නැ පන්තිය දැන් අංග සම්පුර්නයි. දවස් දෙක තුනකට පස්සේ කයිසෙන් ගැන පොඩි හැදින්වීමක් තිබ්බා අපේ පන්තියේ තව පන්ති දෙක තුනකුත් දාලා. කොල්ලෝ අපේ එවුන්ගේ ඔඩොක්කෙත් එක්ක. මොනවදෝ මොනවදෝ කියලා, (අපි අහන ඉන්නෙත් නැනේ) අන්තිමේට මැඩම් 

"අහ මේ පන්තියෙත් ලස්සන කයිසෙන් පෙට්ටියක් තියනවා. බලමු මොනවද තියන යෝජනා"

කියලා පෙට්ටිය අරන් හොලවලා බැලුවා. අපේ එවුන් දාපු චෝක් කෑලිද කොහේදෝ හෙලවෙන්නවා. 

"යෝජනා ගොඩක් තියනවා වගේ."

කියලා මැඩම් හතර වටේ කරකනවා පෙට්ටිය. 

"ළමයි මේකේ කොහෙන්ද යෝජනා එලියට ගන්නේ." 

හුටා එළියට ගන්න තැනක් හැදුවේ නැනේ මම. පන්තියේ එවුන් මගේ දිහා බලනවා වස නෝන්ඩිය.

මැඩම් ගියාට පස්සේ කට්ටියම එකතු වෙලා, කවුළුවක් කපුවා යෝජනා එලියට ගන්න. නොදකින් මුන් දාලා තියන යෝජනා, හොද වෙලාවට යෝජනා ටික මැඩම්ට බලන්න බැරි උනේ....


http://mixedmartialworld.com/be-all-that-you-can-be-with-kaizen/