Saturday, September 19, 2015

බියුරෙට්ටුවක් කැඩීමේ සතුට.

    
     මයිනර් නොහොත් සාජන් මහත්තයා ජිවිතේට පන්තියට නොයෙන එකෙකි. ඉදලා ඉදලා පැමිණි දවසේ රසායනික විද්‍යා අනුමාපනයකි.

 මයිනර් අදාරකයේ බියුරෙට්ටුවක සෙට් කර අත ඇරියා පමණි, බියුරෙට්ටුව රූටා විත් බිමය. මේකා බියුරෙට්ටුව හරියට සෙට් කර නැතය. A/L පන්තියට පැමිණ පළමු වාරය ඉවර වීමටත් පෙර කැඩුවා නේද මේකා බියුරෙට්ටුවක්. අපේ එවුන් ගිය තැනක් විනාසය.

   විදුලි වේගයෙන් සර් එතනය "ඔයයි මේක කැඩුවා නම් එකක් ගෙනත් දෙන්න වෙයි". කෙලිය නේද?

  පන්ති නායක බටර්, සියල්ල සමග සාකච්චා කර එකාගෙන් රුපියල් 100 බැගින් එකතු කර බියුරෙට්ටුවක් අරන්දීමට තීරණය කරන ලදී. ඉතුරු වන මුදලින් එළ කිරි පාටියක් දාන්නත් තීරණය කර ගත්හ. කට්ටිය වැඩියෙන්ම සතුටු වූ කරුණ එයයි.




  අමාරුවෙන් අමාරුවෙන් මුදල් එකතු කරගෙන පටියක් දමන ලදී. නියමෙට පාටිය තිබ්බේය. බියුරෙට්ටුවක් ගැනීමට වෙන් කරන ලද මුදල් චිනාට බියුරෙට්ටුවක් ගෙන ඒම සදහා දෙන ලදී. බියුරෙට්ටුවක් නම් නොගෙන ආ බව සුවර්ය. මුදල්වලට උන දේ තාම අභිරහසකි.

  එදින පාර්ටියේදී කොතා සමග පොයියා දැමු නර්තනයක්. වස කැතයි කරන්න දෙයක් නෑ.