Sunday, November 11, 2012

කුඩයක් තියෙනවද බං?


මේ දවස්වල වහින හින්දා පන්තියේ එවුන් කුඩෙට කරපු කුජිත වැඩ ටිකක් මතක් උනා. A/L පන්තියේදී ෆ්‍රී පීරියඩ් එකක් හම්බුන ගමන් අපේ එවුන්ගේ වැඩේ ක්‍රිකට් ගහනවා නැත්නම් සිංදු කියනවාඔය අතරේ දෙතුන් දෙනෙක් කනේ පුළුන් ගහගෙන පාඩම කරනවා. ඕකුන් හින්දා තමා හදිස්සියකට එකෙක් හොම්බ ඇනගත්තොත් බෙහෙත් දාන්න තිබ්බ පුළුන් ටික ඉවර උනේ. අයියෝ සල්ලි....

ඔය අතරේ කවදාවත් නැතුව පොයියා පැත්තකට වෙලා කඩදාසියක් අරන් කැලි වලට ඉරනවා කාටත් හොරෙන්. කවුරුත් ගනන් ගත්තෙත් නෑ. කෙළිදෙලෙන් කාලය ගත වෙලා ඉස්කෝලේ අරින වෙලාවත් ආවා.   වැස්සත් පටන් ගත්තා ඒත් එක්කම. ඉස්කෝලේ යද්දී කුඩයක් ගෙනියනවා ඒ හින්දා හිතට බයක් නෑ. ගේට්ටුවෙන් එලියට ඇවිත් ගත්තා කුඩේ එලියට. ඉහලන්න හදනකොට ඇතුලේ තිබිලා කොළ කැලි ටිකක් බිම වැටුනා. දැන්නේ වැඩේ මීටර් උනේ. පොයියා ළග ඉන්න එකා කියලා නෑ මටම වැඩේ දීලනේ. වට පිට බලලා හෙමිට බිත්තිය අයිනට කරලා කුඩේ ඉහිලුවා. සල බල ගාලා කොළ කැලි ටික බිම. යන්තම් නින්ඩියෙන් බේරුණා. ගත්ත ගමන් ඉහිලුවා නම් දෙනෝදාහක් මැද මගේ රෙදි ගැලෙවෙනවා.

පහුවදා ආරංචි උනා තව එකෙක් කුඩේ ඉහලලා නොන්ඩි වෙලා කියලා. පොයියා දීලා තියෙන්නේ ඩබල් ගේමක් වගේ. පව් අරු අසරණයා, කිසි හිරිකිතයක් නැතුව ටවුන් ඒක මැද්දෙම කුඩේ දිග ඇරලා. 



තව දවසක් අම්බානක වහිනවා. කුඩේකුත් නෑ. හිමිට පොයියා ළගට කිට්ටු උනා.

" අඩෝ කුඩයක් තියෙනවද? "

" ආ පාට කුඩයක් තියෙනවා දෙන්නද? "

" ආපෝ එපා උබම තියා ගනින්... මම තෙමි තෙමි යන්නම්... "


http://www.toxel.com/tech/2011/02/02/unusual-and-creative-umbrellas/

Tuesday, October 2, 2012

පුසෙක් ගුරුවරියකට කල හදියක්

ඉස්සර අපේ ඉස්කෝලෙට හවස් යාමේ කොහෙදෝ ඉදලා කාලකන්නි පුසෙක් එනවා. උදේට මේකා හොයා ගන්නත් නෑ. සමහර දවස්වල උදේ පාන්දර එන හැම එකගේම සිත කුල්මත් කරන දර්ශනය පුසාගේ බොක ගොඩ. සමාන්‍යයෙන් පුසෙක් ඔය වැඩේ කරන්නේ වලක් හරලා පිලිවෙලටනේ. මේ නැහැදිච්චි පුසා, පුස් ආචාර ධර්ම අමු අමුවේ උල්ලංගනය කරලා කිසිම හිරිකිතයක් නැතුව උඩ තට්ටුවේ කොරිඩෝවේම දාලා යනවා. උදේ පාන්දර ඕක දකින එවුන් පුසාගේ දේවාලය මහන්න හිතාගෙන තමා පන්තියට එන්නේ.

මොකෙක් හරි වාසනාවන්තයෙක්ට ඕක අයින් කරන්න වෙනවා. සමහර දවස්වල මොකෙක් හරි අල්ල ගන්න බැරි උනොත් මම යන වෙලාවටත් ඕක තියෙනවා බැබලි බැබලි. චික් දවසම ඉවරයි. 

දවසක් දොරත් එකක්ම තියෙන වංගුවක අපේ පුසා අපිට තෑග්ගක් තියලා ගිහින්. ඕක අයින් කරන්න වගකිය යුත්තන්ට එකෙක් හොයා ගන්න බැරි වෙලා. අපි ලැබ් එකට යන්න එලියට බැහැලා හිටියේ. කෙමෙස්ට්‍රි මැඩම් දොරෙන් ඇවිත් වංගුව ළගින් කපලා ගත්තා, කකුලක් බොක ගොඩේ. ඈක්කා...

මැඩම් මුණත් ඇඹුල් කරගෙන නොන්ඩි ගගහා පහළ ටැප් එකට ගිහින් පුසට බැන බැන කකුල හොද ගත්තා. මොනවා කරන්නද? කවුරුත් දැක්කේ නැත්තම් ෂේප් එකේ අයිනක පිහිදාගන්න තිබ්බා. අපේ එවුන් කරනවා වගේ. කට්ටියම සීන් එක දැක්කේ නෑ වගේ ලැබ් එකට දුවගෙන ඇවිත් මුල්ලක් අල්ලන් බඩ අල්ලගෙන හිනා වෙනවා.

ඔය අතරේ වක්කඩයක් වගේ කටක් තියෙන පොයියා සීන් එක දැක්කේ නැති එවුන්ට රංගනයත් සමග කතාව කියනවා....

ඊට පස්සේ මැඩම්ව දකින හැම වෙලාවකම  පොයියා " ආපෝ... අර මැඩම් තමා එදා පුස් බොක පාගගෙන ඉස්කෝලේ වටේ ගාගා ගියේ..." කියලා කියන්න අමතක කරන්නේ නෑ.

http://www.felinest.com/famous-cartoon-cats/


Monday, September 3, 2012

සිංදුවක්‌ අමතක උනොත්


මේකත් පොයියා Address නැති කරපු පංතියේ වුන වැඩක්. ඉස්සර ඉස්කෝලේ ගිය කලේ වගේම තමයි, ඉස්කෝලේ හිටපු ඔක්කොමයි, අනිත් ඉස්කෝලවල ඔක්කොමයි රිවිෂන් එකේ. ඒ හින්දා ෆන් එකේ ඉන්න පුළුවන් උනා. අපි නම් ඉදිරි පෙළ තමා ක්‍රීඩා කරේ. ඒත් පසු පෙළ තරම්ම ආතල් තිබ්බා. මොකද පොයියා ( තවත් වැඩර් කෙනෙක් ) හිටියේ අපිත් එක්කනේ.

මාත් එක්ක එකට රිවිෂන් ගියපු එකෙක් තමා මුට්ටියා. අපේ ගෙවල් පැත්තේ හිටියේ. ඒ හින්දා යන්නේ එන්නේ එකට. වෙලාවට වැඩ කිරීම නම් සුපිරි. මම හැමදාම විනාඩි 10කට වඩා ඉන්නවා හෝල්ට් එකට වෙලා ඕකා එනකල්. වැඩේ කියන්නේ පරක්කු වෙන හැමදාම මේකට කියන්න දෙයක් තියෙනවනේ.


ඔය කාලේම ගෙවල් පැත්තේ අපේ රිවිෂන් එකටම ආපු කෙල්ලෙක් මුට හිනා වෙලා. හෝල්ට්වල හිටන් ඉන්නයි, ඒකි යන බස්වල යන්නයි අපි මාර කට්ටක් කෑවේ. අපි නම් ඒකිට කිව්වේ පෙන්දී කියලා. ඒකි හැමදාම එනකොට කොන්ඩ කැරැල්ලක් මුණට දාගෙන එන්නේ. අපි දකින දකින සැරේ ඔකිගේ වැඩේම ඔය පෙන්ද අරගෙන කන අස්සේ ගහ ගන්න එක. මුට්ටියා බයිට් උනෙම ඔය පෙන්ද හින්දා තමා. මුට්ටියත් මෝඩයා වගේ අපේ කුණු කථා අහගෙන ඉන්නවා. පස්සේ ආරංචි උනා පෙන්දී කොල්ලෝ ගොඩකට ඔහොම හිනා වෙලා තියෙනවා කියලා. කොල්ලෝ අවුස්සන එක ඒකිගේ විනෝදාංශයලු. ඒ ආරංචියෙන් පස්සේ කොල්ලා අප්සට් ගහලා හිටියේ. ඒත් වැඩේ අත ඇරියේ නෑ. ඔය දවස්වලම පෙන්දිට බොක්කෙන්ම ට්‍රයි කරපු තව එකෙක් හිටියා.

කෙමෙන් කෙමෙන් කාලය ගෙවිලා රිවිෂන් පන්තියේ අන්තිම දවසටත් ආවා. අන්තිම පැය කිහිපය ළමයිට සිංදු කියන්න වෙන් කරලා තිබ්බේ (නෑ.. නෑ.. ඒ සිංදු නෙවෙයි යකෝ.). කොල්ලෝ ස්ටේජ් එකට නැගලා සිංදු කියනවා ඉවරයක්‌ නෑ.  එක කෙල්ලෙක් නෑ ආසාවට. ඔය අතරේ පෙන්දිට ට්‍රයි කරපු කොල්ලත් " උණුහුම....." සිංදුව කිව්වා.

මේක මුට්ටියා බයිට් කරන්න හොදම වෙලාව කියලා හිතපු පොයියයි මමයි මුට්ටියා වට කර ගත්තා. " බලපන් යකෝ අරු නම් සිංදුවක් කියලා පෙන්දිගෙන් ලකුණු දා ගත්තා. තොත් සිංදුවක් වත් කියලා ලකුණු ටිකක් ද ගනින්.... නැත්තම් වස නෝන්ඩිය..."

කාගේ මෝඩකමද දන්නේ නෑ. මුට්ටි එක පාරටම සර්ට පෙන්න අත උස්සලා නැගිටලා ඉස්සරහට ගියා. අපි නම් හිතුවෙම මු අපිට විහිලු කරනවා කියලා, කවුද දන්නේ මුට මෙච්චර ගතක් එයි කියලා. මුට්ටි මයික් එකත් අල්ලන් ස්ටේජ් එකට නගින පඩිපෙළේ පඩි දෙකක් නැගලා සිංදුව කියන්න පටන් ගත්තා. කිව්වේ " මතු දාක කාසි නිසා....". මම දන්න කාලේ ඉදන් ඕකගේ කටේම තිබ්බේ ඔය සිංදුව තමා. මට නම් එපා වෙලා තිබ්බේ මුට්ටියා ඔය සිංදුව කියනවා අහලම. මෙච්චර වෙලා කෑගගහ හිටපු අපේ එවුන් සද්දයක් නෑ. ඒත් අනිත් එවුන් කෑගහනවා.

එක පාරටම මුට්ටියා සින්දුව නැවැත්තුවා. මල කෙලියයි මුට සිංදුවේ ඉතුරු ට්ක අමතක වෙලා. දස අතේ කල්පනා කරනවා. දිවා රෑ නොබලා මුමුණන සිංදුව මුට අමතක උන එකත් පුදුමයි. අපි කල්පනා කරේ මේකා ස්ටේජ් එකෙන් බැහැලා ආවා නම් නෝන්ඩියක් නෑ කියලා. ඒත් මේකා එන පාටක් නෑ. තප්පර 30ක් විතර මුට්ටි පඩිපෙළ උඩ සිංදුව මතක් කරනවා. එක පාරටම මුට සිංදුවේ ඉතුරු ටික මතක වෙලා කියන්න පටන් ගත්තා. අවුලක් නැතුව ඉවර වෙන කල්ම කියා ගත්තා යන්තන්. සිංදුව ඉවර කරලා " ස්තුතියි... මගදී සිංදුව අමතක උනා. එකට සමාවෙන්න .... " කියලා මුට්ටි බැහැලා ආවා. ස්ටේජ් එකෙන් මගදී බැහැලා ආවට වඩා ඒක නම්බුකාරයි කියලා අපිට පස්සේ තේරුණා.

අවුලක් නෑ වැඩේ ලස්සනට ගියා. ඒත් මුට්ටිට අප්සෙට්. ටිකකින් මුටම අවුල් කියලා හිතිලද කොහේදෝ " අපි දැන් ගියොත් හොදයි නේද බං ? " කියලා බැග් එක අතට ගත්තා. මොනවා කරන්නද අපිත් මේවට වග කියන්න එපයිනේ. ඉතින් ෆිල්ම් එක ඉවර වෙන්නත් කලින් මුට්ටියි, මමයි නැගිටලා ආවා.

එලියට යන්න ආවට යන්න විදිහක් නෑ. ළමයි පොළින් ගැහිලා සර්ට වදිනවා. අන්තිම දවසනේ. එලියට යන්න ඕනේ නම් පෝලිමේ ඉන්න වෙනවා. හෝල් එකේ මැද අපි පෝලිමේ හිටගෙන. හෝල් එකේ ඔක්කොටම පේනවා. එහා පැත්තෙන් කෙල්ලොන්ගේ පොලිමකුත් හැදෙනවා. මුට්ටියා දිහා කට්ටිය නොන්ජලේට වගේ බලනවා අපිට දැනුනා. පෝලිමේ හිටියොත් අගුරු වෙන්නම කර වෙන්න වෙනවා. මෙච්චර කලි ඉගෙන ගත්ත භෞතික විද්‍යා දැනුමයි ස්ථානෝචිත මෙව්වා එකයි දාලා බංකු උඩින් ගිහින් බැම්මෙන් පැනලා එලියට යන්න අපි තීරණය කරා. හොද නරක හිතන්න වෙලාවක් නෑ. අපි සැලසුම ක්‍රියාත්මක කරා.

එලියට ආවා විතරයි පොයියා කෝල් කරනවා. " හිටපන් යකෝ අපිත් එනවා." බලනකොට කොල්ලෝ සෙට් එකක් අපේ තියරිය භාවිතා කරමින් හෝල් එකෙන් එලියට එනවා. සර්ට වදින්න හිටියොත් අපේ රෙදි ගැලවෙයි කියලා හිතලා අපි සර්ට වදින එක පස්සට කල් දාලා ගෙදර එන්න ආවා. බස් තොර තොර ඉන්න අපි එදා ආපු පලමු බස් එකේම නැගලා වෙනදාටත් වඩා කලින් ගෙදර ආවා.


Wednesday, August 1, 2012

සිල් ගැනීම..



පාසලේ සිල් ගත් අයුරු අපේ සිලේ මැයෙන් පසුගිය වෙසක් මස පල විය. මෙම පොහෝ දිනද ලියන්නට යන්නේ සිල් ගෙන කල අජුත වැඩ පිළිබදවය.


පාසලේ සිල් ගැනීමේදී සරම අනිවාර්ය වේ. වැස්සකටවත් දහම් පාසලකට ගොඩ වී නැති සමහරුන්ට සුදු සරමක් නැත. ඔවුන් එදිනටද සුදු කලිසමෙන් සිල් ගනිති. එහෙත් සරමක් ඇද සිල් ගන්නා විට ආතල් එකක්ද ඇත. අපට සුදු සරම් තිබුනද අදින්නේ අකලටය. දහම් පාසල් අන්දේද නොඇද බැරි තැනය. දහම් පාසල් ගමන නැවතුන පසු සරම අදින්නට වුයේ අවුරුද්දට එක් වරක් පමණි. ඒ පාසලේ සිල් ගන්නා දිනයේය. අවුරුද්දක් පුරා සගවා තැබූ සුදු සරම එදිනට සොයා ගන්නේ බොහොම අමාරුවෙනි.


සිල් ගන්නා දිනයේ සුදු දිග කලිසම උඩින් සුදු සරම අපේ පුරුද්දය. එය ශරීර සෞඛ්‍යට හොදය. නැතහොත් නිසැකෙන්ම එකෙක් සරමේ එල්ලී සරම කඩා දමනු ඇත. එවිට විලි ලැජ්ජාවකි. එම නිසා සුදු කලිසමට උඩින් සරම ඇද කලිසමේ කකුල් තුන්කාලක් වන තෙක් නැමීම හොදය. ඒවිට වෙනසක්ද නොපෙනේ. කලිසමක් ඇද තිබේදැයි බැලීමට සරම ඉස්සිය යුතුය. එවන් අවස්ථාද එදීනට පන්තියේ සුලභය. තවද එදින බිම ඉද ගන්නා නිසා සුදු කලිසමේ මඩ ගෑ වීමෙන් ආරක්ෂා කර ගැනීමටද සරම යොදා ගත්හ. සුදු දිග කලිසම් ඇදීමට පටන් ගත් මුල් කාලයේ මඩෙන් දුවිල්ලෙන් කලිසම බේරා ගැනීම අසීරු කාර්යයකි. බස් රථයේදී කලිසම පාගන විට යකා නැගී. එකල පංතියේ එකාලා හවස් වනවිට රට හුණු අතුල්ලා කලිසමේ මඩ පහරවල් මකා ගත් ආකාරය මට හොදින් මතකය. පසුව අපි ඒ දේවල් සදහා හුරු වුනෙමු. කෙසේ වෙතත් සිල් ගන්නා දිනයේ එවන් කරදර අඩුය.


යටින් කලිසමක් ඇද සිටියත් බෙල්ට් එකක් දැමීමට අපි අමතක නොකෙළෙමු. නටන නැටුම්වලට සරමට යොදන ගැටය වැඩි වෙලාවක් රදා පැවතියොත් එය පුදුමයකි. අවුරුද්දට වරක් අදින සරමට හරිහමන් ගැටයක් දීමටද අපි නොදන්නෙමු,


සිල් ගන්නා දිනයේ සරමෙන් කල විකාර රැසකි. සමහරුන් බෝට්ටු පදි, තවකෙක් සරම කරට ගෙන ඩාන්ස් කරයි, තවකෙක් සරමෙන් බුතයා පාරක ගසයි. එක විකාරයකි. යටින් සුදු කලිසම තියෙන තෙක් ලැජ්ජාවක් නැත. කොහොමත් අපේ එවුන්ට ලැජ්ජාවක් නැත. අවසන් වරට සිල් ගත් දිනයේ ගත් සරම් ඩාන්ස් වීඩියෝවක් පහත ඇත.




11 වසරේ සිල් ගත් දිනයේ හාමුදුරුවෝ බණට වැදෑරු කරුණක් මතක් විය. අපත් සමග සිල් ගෙන සිටි පන්ති භාර ගුරුතුමා එලියට ගිය පසු හාමුදුරුවෝ " බලන්න මල්ලිලා අර ඔර්ලෝසු කනුව ළග පඩිපෙළේ, පඩිපෙළ බහිනවා ගෑණු ළමයි කොටට ඇදගෙන, පහළ ඉන්න අපිට මොනවද නොහිතෙන්නේ?? " කියා වැදෑරූවා මතකය.


ප.ලි. අනාගතයේ සිල් ගැනීමට සිටින උපාසකයන් මේවා ආදර්ශයට නොගන්නා මෙන් ඉල්ලා සිටිමි.


ප.ප.ලි. අප 10 වසරේ සිටින කල සිංහල ගුරුතුමා නිවසට සරම් අදින අය විමසු විට එකෙක් වත් නොවිය. එවිට එතුමා පැවසුවේ ඕවා අනාගතයට තමා බලපාන්නේ කියාය. එසේ පැවසුවේ කිමදැයි මම තවම සිතමි.

Tuesday, July 10, 2012

මස් කට්ටා...


O/L කරන කාලේ මට එහා පැත්තේ හිටියේ හයේ හතරේ පොරක්. පන්තියේ එවුන් පොරට කිව්වේ ඌරා කියලා. වැඩ කිඩ වල හැටියට නම දාලා තිබ්බේ. ඔය කාලෙම තමා රොබින්සන් අන්දරය ගියේ. එකේ හිටපු ඌරාගේ නම බානබස්නේ. ඒ හින්දා පොරටත් බානබස් කියන්න පුරුදු උනා. කවදාවත් පොරට ඇහෙන්න ඔය නම් එකක්වත් නොකියන්න අපේ එවුන් වග බලා ගත්තා. කවුරුත් කැමති නැනේ නිකන් බොරුවට අත පය කඩා ගන්න. බනා මැරයෙක් නෙවෙයි, ඒත් චන්ඩියෙක්. කවුරුත් ඌට බයයි. වචනයක් වත් කියන නෑ පොරට විරුද්ධව. මට එහා පැත්තේ හිටපු හින්දා මටත් එකෙක්වත් මොකුත් කියන නෑ. ඒ හින්දා මට බයක් සැකක් නැතුව හිටියා. පන්තියේ එවුන් " හිටන්කෝ බනා ආපු නැති දවසක තෝව අල්ල ගන්නම් " කියලා කීප සැරයක්ම කියලා තියෙනවා.

අපේ පෝලිමට ඉස්සරහ පෝලිමේ හිටියා මස් කට්ටා නොහොත් චුටි කුකු. ඔය නම හැදුන හැටි සුන්දරයි. සුන්දරයි කිව්වට පැත්තම ගද ගහන කුණු කතාවක්. ඕකා ජිවිතේටවත් බැග් ඒක අස් කරන එකෙක් නෙවෙයි. වට පිටාවේ ඉන්න එවුන් ගැන අපි දන්නවානේ. 

දවසක් ඉන්ටවල් එකේ බනා මස් කට්ටක් සුප්පු කර කර ඉන්නවා. චුටි කුකු එලියට යනකල් ඉදලා " මේකා මෙහෙමවත් හදා ගන්න ඕනේ " කියලා බනා සුප්පු කර කර හිටපු මස් කට්ට අරුගේ බැග් එකට දැම්මා. පන්තියේ හිටපු එවුන් මොකුත් ඇහුනෙත් නෑ දැක්කෙත් නෑ වගේ හිටියා. කවුරුත් කට හොල්ලන් නෑ. දන්නවනේ බනා හැටි. අකාලේ තරුණ ජිවිතයක් වල පල්ලට යවා ගන්න ඕනේ නෑනේ බානබස්ට කියලා.

දවස දෙක තුනක් ගියා. කිසිම ප්‍රතිචාරයක් නෑ. බැරිම තැන බනා පොරට කරපු වැඩේ කිව්වා. ඊට පස්සේ තමා මේකා බැග් ඒක අදින්න පටන් ගත්තේ. මෙහෙමත් එකෙක්. මාසයක් ගියත් ඔය ටිකම තමා. බොහොම අමාරුවෙන් හොයලා හොයලා මස් කට්ට එලියට ගත්තා. ඉතුරු ටික ඕනේ නෑනේ. මටත් අප්පිරියයි වගේ. මේකා බනාට බනිනවා පලු යන්න. අපිට හිනා. ඊට පස්සේ තමා මස් කට්ටා කියලා නම හැදුනේ. ඊට අමතරව චුටි කුකු කියන්නත් පටන් ගත්තා.

මට මේ සිද්දිය මතක් උනේ මස් කට්ටා මේ බ්ලොග් එක කියවන ගමන් SMS එවපු හින්දා. පොර මෙහෙම වැඩත් වෙනවා පොස්ට් එක කියවන ගමන් මට SMS එවනවා. 

මස් කට්ටා - මචෝ මේ චැට් සීන් එක ඇත්තටම උන දෙයක්ද බං...

මම -  ඕව් යකෝ... ඇයි ??

මස් කට්ටා - නෑ බං. ඕකි මටත් ඔය වැඩේම කරානේ. වැඩේ කියන්නේ මගේ අතින් කුණු හරප ටිකක් කිය උනනානේ බං. මොනවා හිතුවද දන්නේ නෑ...

මම - ඔහේ පලයන්.... මොනවා හිතන්නද බං.... මෙහෙමත් ගැනු.....




Friday, June 15, 2012

කියන දේ හරියට අහගනින්...



   මම 6 වසරට අලුත් ඉස්කෝලෙට ගියපු දවසේ මට ගොඩක් උදවු කරපු එකෙක් තමා මාළු කට්ටා. මාළු කට්ටා හිටපු පේලියේ ඩේස් 3 තිබ්බේ. ඔකේ මාළු කට්ටි, හොක්කයි, දස කුට්ටයි තමා හිටියේ.  මම අලුත් පංතියට ගිය දවසේ පංතියේ වැඩිපුර පුටු තිබ්බේ නෑ. මාළු කට්ටා තමා ඉස්කෝලේ වටේම ඇවිදලා මට පුටුවක් හොයන් ආවේ. ඒ විතරක් නෙවෙයි මුන් තුන්දෙනා මාව උන්ගේ පොලිමටත් ගත්තා.


   අපේ පංතියට එහා පැත්තේ තවත් පංති කාමරයක් තිබ්බා. එකේ තමා අපේ ඉංග්‍රීසි මැඩම් උගන්නන්නේ. මැඩම් හොදයි ඒත් වසයි. මැඩම් ඉස්කෝලේ එන්නේ කාර් එකේ. ඔය පංති කාමරය අතු ගාන්න එක එක පංතිවලට බාර දීලා තමා තිබ්බේ. ඒත් සමහර දවස්වලට අයියලා අතු ගාන්න එන්නේ නෑ. එහෙම දවසට අපිට තමා අතු ගාන්න සෙට් වෙන්නේ.


   ඒ කාලේ මම 6.30 විතර වෙද්දී ඉස්කෝලෙට යනවා. ලොකු පංතිවලට යන්න යන්න තමා පරක්කු වෙලා ඉස්කෝලේ යන්නේ. උදේම ගියාට කරන්න වැඩකුත් නෑ. ඉස්කෝලේ පටන් ගන්නෙත් 8 නේ. ඒ හින්ද අතු ගාන්න සෙට් උනොත් අතු ගානවා. නියම වැඩේ කියන්නේ එහෙම අතු ගාපු දවසට මැඩම් අපිට රෝල්ස්, හැලප වගේ දේවල් අරන් දෙනවා. ඒ හින්දා අතු ගාන්න සෙට් උනොත් අත අරින්නෙම නෑ.

   දවසක් ඉංග්‍රීසි මැඩම් මාළු කට්ටාට යතුරක් දීලා මොනවදෝ කියලා. මාළු කට්ටා " වරෙන්කෝ මචෝ.." කියලා මාවත් ඇදගෙන මැඩම්ගේ කාර් එක ගාවට ගියා. මු කාර් එකේ දොර ඇරලා, යතුර මැඩම්ගේ බෑග්‍ එකට දාලා, දොර වැහුවා. මේකා දොර ලොක් කරේ නැනේ. වැඩි ආරක්ෂාවට මොකෙක් හරි රින්ගුවොත් කියලා මම දොර ආයෙත් ඇරලා ලොක් එක දාලම දොර වැහුවා.




   මාළු කට්ටා විරයා වගේ ගිහින් කාර්ය සාර්ථකව නිම කල බව ලොකු තැනට වාර්තා තරා. මෙන්න මැඩම් එනවා කඩාගෙන බිදගෙන. ඇවිත් කාර් එක වටේ දුවනවා දෙරවල් අරින්න හදනවා. එක විකාරයයි. ඒත් ඔක්කොම දෙරවල් ලොක් කරලා.


   මල මගුලයි මාළු කට්ටා කාර් එකේ යතුරනේ මැඩම්ගේ බැග් එකට දාලා තියෙන්නේ. දෙන්නම අම්බානක බය වෙලා හිටියේ. ඒ මදිවට පන්තියේ එවුනුත් වට කරගෙන බය කරනවා. මැඩම් ෆෝන් ඒකෙන කාටදෝ කතා කරා. දැන් අපේ වාරේ කන පැලෙන්න අහගන්න වෙයි. කඩ්ඩෙන් බැන්නොත් ගොඩ. මෙලෝ දෙයක් තේරෙන්නේ නැනේ.


   ෂුවර් එකටම මැඩම් මාළු කට්ටට කඩ්ඩෙන් කියන්න ඇත්තේ. මේ මැටි පුතාට ඒක තේරිලා නෑ. මොනවා උනත් මැඩම් අපිට වචනයක්වත් කිව්වේ නෑ. මේ මෝඩයෝ දෙන්නට කියලා වැඩක් නෑ කියලා හිතෙන්න ඇති.


   මට නම් තේරුන හැටියට මගේ අතේ වැරද්දක් නෑ. මාළු කට්ටා කරන්න ඕන දේ හරියට අහගෙන නැනේ. බලනකොට මැඩම් කියලා තියෙන්නේ කාර් එකේ තියෙන බැග්‍ ඒක අරගෙන එන්න කියලානේ.




http://blog.autoroadservice.com/public/item/use-your-phone-to-unlock-your-car-door





Friday, June 1, 2012

ඉස්කුල් බස් එක මිස් උනාද?


මේ අපේ මලියට වුන තවත් වැදගත් සිද්දියක්. මලියටයි DJටයි ( තවත් වැඩර් කෙනෙක්. )ඉන්නේ එකම පැත්තේ. ඒ හින්දා මුන් දෙන්නා යන්නේ එන්නේ එකටමයි. මුන් දෙන්නම A/L කරන්න තමා අපේ ඉස්කෝලෙට ආවේ. ඉස්කෝලෙට අලුතින් ආපු අනිත් හැම එකෙකුගෙන්ම අපි බිස්කට් කැවා. ඒත් මුන් දෙන්නා බිස්කට් ගෙනාවේ නෑ.

දවසක් DJ එනවා මාර සතුටකින් ඇවිත් කියනවා " වරෙන්කො මචෝ අද මරු සීන් එකක් උනා.... අහපන්කෝ කථාව " කියලා. මලියයි අපේ සෙට් එකයි වට වුණා උදේ පාන්දර මුගේ රස කතාව අහන්න. DJ කථාව පටන් ගත්තා.
" අද උදේ මලියයි මායි බස් එකට නැන්ගා. මලියා කෙල්ලෙක් ගාව ඉද ගත්තා. මම ඊට පස්ස සිට් එකේ ඉද ගත්තා. හරිද බං?

ටිකකින් මු අර කෙල්ලගේ මුණ දිහා බැලුවා. මට සීන් එක හොදට පේනවා පස්සට. ටිකකින් මේකා අරකිගෙන් ඇහුවනේ "අද ඉස්කුල් බස් එක මිස් උනාද?" කියලා. ඒකි මුගේ මුණ දිහා හොදට බලලා ගස්සලා අහක බලා ගත්තා. චා සීන් එක බං...

ඊට පස්සේ තමා මරු සීන් එක උනේ.... ටික දුරක් ගියාට පස්සේ මලියා හෙමිට පිටිපස්ස හැරිලා මගේ දිහා බැලුවා. ෂුවර් එකටම මු බලන්න ඇත්තේ මම සීන් එක දැක්කද කියලා බලන්න. මම සීන් එක දැක්කේ නෑ වගේ හිටියා."

මම මලියා දිහා බැලුවා. මුණ රතු වෙලා. වස ලැජ්ජවනේ. මේ නෝන්ඩිය ඉවසන් ඉන්න බැරුව මලියා කථාව පටන් ගත්තා.

" ඕව් බං ඒ වේසි මාව කැවා. ඉස්සර දහම් පාසලේ කෙල්ලෙක් හින්දා කථා කරේ. බලපකෝ බං මුන් ලොකු ලොකු ඉස්කොල්වලට ගිහින් දැන් මුන්ගේ ගෑස්.

ඇත්තටම මම හිතුවේ DJ මාති සීන් එක දැක්කේ නෑ කියලා බං. මම හිතන් හිටියේ අනේ වාසනාවන් මු සීන් එක දැක්කේ නැනේ කියලා. චික් විතරක්..."

එහෙම කියලා මලියා බේරුනාට තවමත් උට අපෙන් නම් බේරෙන්න හම්බෙන්නේ නෑ. තවමත් හම්බුන ගමන් අහන්නේ " ආ මචෝ අද ඉස්කුල් බස් එක මිස් උනාද? " කියලා.


Monday, May 7, 2012

අපේ සිලේ..





මේ වෙසක් කාලේ අපි ඉස්කෝලේ සිල් ගත්ත හැටි මතක් උනා.අපි එදාටවත් ධාර්මික උනේ නම් නෑ. වෙනදාටත් වඩා ෆන් එකේ තමා හිටියේ. සුදු දිග කලිසම තුන කාලක් වෙන්න නවලා සරම උඩින් ගහගෙන පත්තරයක් බිම එලාගෙන කරේම අජුත වැඩතමා. හැබැයි දවල් වෙන්න වෙන්න එක එකාගේ සරම් ගැලවිලා බෑග්වලට යනවා.
අපේ ඉස්කෝලේ එක පංතියට එක හාමුදුරුවෝ නම ගානේ වැඩම්මවනවා. මම දන්න විදිහට අපේ ඉස්කෝලේ තමා පළවෙනියට ඔය වැඩේ පටන් ගත්තේ. ඒත් කාඩ් එක දා ගත්තේ වෙන අය. මේ ක්‍රමයට අනුව තම තමන්ගේ පන්තිවලට හම්බෙන්නේ සම වයසේම වගේ හාමුදුරුවෝ නමක්.


පන්තියේ උගන්නදීත් නිදි කිරන අපේ එවුන් එදාටත් නිදි කිරන එක අහන්තත් දෙයක්ද? උදේ ධර්ම දේශනාව වෙලාවේ කට්ටිය නිදි කිරන්න පටන් ගන්නවා. එහෙම කට්ටිය ආසම වෙලාව තමා භාවනා කරන වෙලාව. ඒ වෙලාවට කාටත් හොරෙන් නිදි කිරන්න ඕනේ නැනේ. පාඩුවේ බිත්තියක්, කොනක් අල්ල ගෙන හොද ඇලට් එකක් දානවා කට්ටිය. භාවනාව අතර මග පොඩ්ඩක් හොරෙන් ඇහැ ඇරලා බලපුවහම කට්ටිය කට අරගෙන බෙලි කඩාගෙන නිදි නෑ වගේ ඉන්නවා පේනවා. ළග එකාට නින්ද ගියේ නැත්නම් හොදයි. නැත්නම් භාවනාව ඉවර උනාම අතින් ඇනලා නැගිට්ටවන්න එකෙක් නැති වෙනවා.


O/L පන්තියේදී හාමුදුරුවෝ මෛත්‍රී භාවනාව කෙරෙව්වා. වෙනදා වගේම එදත් කට්ටියක් නිදි. සියලු සත්වයන්ට මෛත්‍රී කරලා භාවනාව ඉවර වෙන්න කලින් හාමුදුරුවෝ " නිදා ගත්තා වූ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා..." කියලා කිව්වා. අවදානෙන් හිටපු අයට නම් හිනා ගියා. අනිත් අය ටියුබ් ලයිට්.


අපි අන්තිමට සිල් ගත්තේ A/L පන්තියේදී. ( මේක ජිවිතේ ගත්ත අන්තිම සිල් ගැනීම වෙන්නත් පුළුවන්.) වෙනදා   හම්බෙන්නේ ඉන්ටවල් එකට විනාඩි 20 නේ. ඒත් එදා පැයකටත් වැඩිය දානේ ගන්න හම්බුනා. විනාඩි 20 උඩපහල යනකොට ඉවරයිනේ. ඒත් එදා අපිට කරන්න වැඩක් නෑ. ඒ හින්දා කට්ටිය ඇගේ හිරි ඇරෙන්නත් එක්ක කියලා වෙනදා වගේම කොළ බෝලෙයි, ඩේස් එකකින් ගැලව ගත්ත අපේ පරණ බැට් එකෙනුයි බෝල ගැහුවා. මේ එදා පටිගත කළ දර්ශන.....






ආයේ ජීවිතේටවත් සිල් ගන්න වෙයිද දන්නේ නෑ. සිල් ගත්තත් ආයේ මෙහෙම දේවල් නම් කරන්න වෙන්නේ නෑ.


ප/ලි : අපිට යන්න අපායක් හදන්න වෙන්නවා.



Friday, April 27, 2012

ලන්ඩන් නයා





මම A/L කරලා ගෙදරට වෙලා කාලකන්නි වෙන කාලේ චැට් එකට ලන්ඩන් නයා සෙට් වුණා. ඒ දවස්වල ඔය නම හැදිලා තිබුණේ නෑ. මු මට චැට් එකේදී මට කියනවා " අඩෝ මම ලන්ඩන් ගියා higher education වලට, ආයේ එන්නේ pilot කෙනෙක් වෙලා තමයි  " කියලා. මම ගණන් ගත්තේ නෑ. මොකද ඕකත් අරිනවා ටොම්බ පොයි. ඒත් අපේ පොයියා තරම් ලස්සනට පොයි කෙලින්න බෑ. අතේ මාට්ටු වෙනවා. කෝකටත් කියලා profile එකේ බැලුවා. මේකා current city එකටත් ලොන්ඩන් කියලා දාලා. විශ්වාස කරන්නත් අමාරුයි.


කෝකටත් කියලා මම ඕක අපේ එවුන්ට කිව්වා. මේ සිද්දිය තව කීප දෙනෙක්ට ලන්ඩන් නයාම කියලා. අපේ එවුන් කියනවා " පිස්සුද යකෝ මම ඊයෙත් දැක්කා ඕකා පේපර් එක බාගෙට ලියලා කලින් ගෙදර යනවා " කියලා. මම බැලුවා මේකව ලන්ඩන් වලින් පන්නුවද දන්නේත් නැනේ. සමහරු නම් කිව්වේ " ඕකා airport එකක් නැතුවම නුවරට ප්ලේන් එකක් බායි" කියලා.


ලන්ඩන් නයාගේ ගෙදර තිබ්බේ ටවුන් එකෙමයි පයින් යන දුරින්. ඒ හින්දා පොයියා නම කිව්වේ " ඕකා ඔර්ලෝසු කනුව ලගින් යන බස් එකක 6 ටිකට් එකක් අරන් ලන්ඩන් යන්න ඇති" කියලා. එහෙම කියලා තමා ලන්ඩන් නයා කියලා නමත් දැම්මේ.


ලන්ඩන් නයා ඉස්කෝලේදී කරපු වැඩක් මතක් වුණා. අපි A/L කරන්න ගියපු ගමන්ම අපු ගුරු දිනයට, ගුරුවරුන්ට මොනවා හරි දෙමු කියලා කට්ටිය කථා වුණා. පන්ති නායක බටර් තමා මුලසුන. කට්ටිය දෙන්න හොද තෑගි යෝජනා කරනවා. 


ඒ දවස්වල අපිට අල්ලලාම ගියපු විෂය තමා physics. පන්ති භාර මැඩම් තමා ඕක කරේ. A/L කරන්න ගියපු ගමන් යාන්ත්‍ර විද්‍යාව හෙන පාඩමක්නේ. ඔය කාලේ තමා කප්පි ගණන් හැදුවේ. මැඩම්ගේ කටේම තියෙන්නේ කප්පි තමා. කප්පි ගණන් හදලම අපි කප්පි ඔස්තාර්ලා වෙලා හිටියේ.


ඔය හින්දා වෙන්න ඇති ලන්ඩන් නයා එක පාරටම නැගිටලා " මචං අපි අපේ මැඩම්ට කප්පියක් දෙමු " කිව්වේ. හරවත් සාකච්චාවක හිටපු බටර්ට මේ ගොන් කථාවට මල පැනලා ලන්ඩන් නයාගේ බෙල්ලෙන් අල්ල ගෙන ඇවිත් පයින් එකක් ගහලා දොරෙන් එළියට දැම්මේ " තෝ ඕන එකෙකුට කප්පියක් දී ගනින් " කියලා. ලැජ්ජාවක් නැති ලන්ඩන් නයාත් ඉස්කෝලේ වටේ දෙපාරක් ගිහින් ආපහු පංතියට අවේ අපේ මුවට හිනාවක් නංවමින්. 


මට මේ සිද්දි මතක් වුනේ ලගදි මට පොරව හම්බුන හින්දා. මම පොරගෙන් ඇහුවා " ආයේ ලන්ඩන් පැත්තේ එහෙම ගියේ නැද්ද? " කියලා. කින්ඩියට වගේ. මේකා කියනවා " අඩෝ මම කවදා හරි ලන්ඩන් යනවා " කියලා. අහේ හපොයි. ලන්ඩන් ඉවරයි......  





Wednesday, March 14, 2012

අපි නොදන්න මැජික්.




මැජික් කිව්වහම විවිධාකාර මැජික් තියෙනවානේ. අපිත් A/L කරන කාලේ පොඩි මැජික් ටිකක් කරා. අන්තරස්දාන මැජික් එකක් තමා කරේ.


ඒ දවස්වල පංතිවල ඉගෙන ගෙන ඉගෙන ගත්ත දේවල් දෙන පේපර් එකට ලියා ගන්න මාර ගේමක්නේ දෙන්නේ. සමහර දවස්වලට නන්නත්තාර පේපර් දෙනවා මේලෝ දෙයක් ලියා ගන්න බැරි. ඒ දවස්වලට පොඩි ෆන් එකක් ගන්න කට්ටිය අමතක කරන්නේ නෑ. ඔය කිව්වට අනිත් දවස්වලටත් ෆන් එකෙන්ම තමා ඉන්නේ. ඒ වගේ දවසක තමා මේ භයානක මැජික් කරේ.


මුලින්ම පොඩි පොඩි දේවල් තමා නැති කරේ.


මුලින්ම රුලක්.....



ඊට පස්සේ ෆෝන් එකක් නැති කරා.....





අන්තිමේට තමා භයානකම වැඩේ කරේ. ඒ තමා මිනිහෙක් නැති කරන එක.....



අත්හදා බැලීමෙන් වලකින්න. හික්ස්.....


විශේෂ ස්තුතිය.
මැජික් ශිල්පී ගන්නොරුව (ගහේ)
පොයියා.
අතා.




Thursday, March 8, 2012

චාටර් නොවීම.



A/L පංතියේ අන්තිම කාලේ එච්චර උගන්නන්නේත් නැනේ. වැඩියෙන්ම කරන්නේ නිකන් ඉන්න එක තමා. අපේ පංතියේ එවුන් නම් නිකන් ඉන්නෙම නෑ. එක්කෝ පංතිය ඇතුලේ කොල බෝලෙන් බෝල ගහනවා, නැත්නම් සිංදු කියනවා. ආ තව කට්ටියක් ඉන්නවා පංතියේ නිදා ගන්න. ඒත් විනාඩි පහකට වඩා උන්ට නිදා ගන්න හම්බෙන්නෙම නෑ. කොහේ හරි තෙමා ගෙන තමා නැගිටින්නේ. ගඩොලා තමා හැමදාම තෙමා ගන්නේ. මල පැනගෙන තමා නැගිටින්නේ. පොයියා තමා ඔය වගේ වැඩ වලට මුලිකත්වය ගන්නේ. කවුරු කරත් අන්තිමේට අහුවෙන්නේ පොයියා තමා. ළග ඉන්න එකා කියලා නෑ ඕකා මවත් තෙමලා තියෙනවා. පංතියේ අනිත් පැත්තේ හිටියා නිදි චුලා කියලා එකෙක්. උගේ ඇත්ත නම කවුරුත් දන්නේ නැතුව ඇති. මිනිහගේ වැඩේම වෙලාවක් කලාවක් නැතුව නිදා ගන්න එක. උගන්නන වෙලාවටත් මේකා නිදි. තෙමුවට වැඩකුත් නෑ මේකා හැදෙන එකෙක් නෙවෙයි. ඒ හින්දා තමා නිකන්ම නිකන් චුලා නිදි චුලා උනා. 


වැඩියෙන්ම බෝල නම් ගැහුවේ ඉස්කෝලේ පටන් ගන්න කලින්. ඒ හින්දා මම ඒ ගැන වැඩිය දන්නේ නෑ. මොකද මම කලින් ඉස්කෝලේ යන්නේ නෑනේ :P. ඔය වැඩේට පන්ති නායකයා බටර් හැමදාම බර බරේ දානවා. කොහොම හරි පංතියේ තිබුණේම අධ්‍යපන වාතාවරණයක්.


දවසක් ෆ්‍රී පීරියඩ් එකක කට්ටිය සෙට් වෙලා සිංදු කියනවා. ඔය ගායන ඇම්ම තිබ්බේ පොයියටයි, DJටයි, මලියාටයි, කොතාටයි, ගඩොලටයි, කුණු මුල්ලේ රජාටයි (වංගෙඩිය), තව කිපදෙනේකුටයි විතරයි. වැඩේ නැගලම යනවා. කවදත් සිංදු කාපු DJ මාති දෙකේ කාසියක් අරන් ඩේස් එකට තඩිබානවා. අනිත් එවුන් සිංදු කියනවා. 


වැඩේ නැගලම යද්දී එකපාරටම කෘමියා පන්තියට ආවා. කෘමියා කියන්නේ ඉස්කෝලේ Agri සර්. අපි ආදරේට කියන්නේ කෘමියා කියලා :P. සිංදු කියලා ගඩොලයා අතේ මට්ටු. කෘමියා ගඩොලයාට ඉස්සරහට ඇවිත් සින්දුවක් කියන්න කිව්වා. ගඩොලයා වැසිකිලිය පැත්තට යන්න ගිහින් කෝකටත් කියලා ඇබරි ඇබරි අමාරුවෙන් ඉස්සරහට ගියා. ඉස්සරහට වෙලා ගඩොලයා ආතල් එකේ ඉන්නවා. ටිකකින් සර් අමතන්න ගත්තා. එතකොට ගඩොලයා තනියම සිංදු කියන්න බෑ කියලා පොයියාටත් එන්න කිව්වා. පොයියාත් අමාරුවෙන් බෑ බෑ කියකිය  ඉස්සරහට ගියා. මුන් දෙන්නම එකතු වෙලා DJ වත් ඉස්සරහට ගත්තා. තුන්දෙනාම ඉස්සරහා වට මේස සාකච්චාවත්. ටික වෙලාවකින් පොයියයි, ගඩොයෙයි "සරා සදේ...." සිංදුව කියන්න ගත්තා. DJ සද්ද නෑ. ටිකකින් මෙන්න මු පටන් ගත්තානේ බිට් බොක්ස් දෙන්න. ඇඩෙනවා.


අපරාදේ කියන්න බෑ පට්ටටම සිංදුව කිව්වා. පංතිය මීක්‌ නෑ. සර්ටත් කට උත්තර නැතුව කට අරගෙන බලන් ඉන්නවා. කොහොම හරි මුළු සිංදුවම බොක්කෙන්ම ඩබල කිව්වා. සිංදුව ඉවර උන ගමන් අපි අත් පුඩියක්  එහෙම දිලා අප් කරලා ගත්තා. අපි හිතුවෙම මැදදී රැප් එකක් DJ දායිම කියලා. සර් හිතන් ඉන්න ඇති ගඩොලයට සිංදුව කියා ගන්න බැරුව එතන චාටර් වෙලා එක අල්ල ගෙන නොන්ඩියක් දෙන්නම් කියලා. ඒත් දැන් වැඩේ අවුල්. සර්ට කර කියා ගන්න දෙයක් නෑ.


"ඔය ළමයිට හොද හැකියාවක් තියෙනවා, ඒත් ඕවා කරන තැනක් නෙවෙයිනේ පන්තිය."


කියලා සර් ෂෙප් උනා. සර් කොල්ලන්ගෙන් බයිට් ද මන්දා? අපි ඔක්කොටම හිතුනේ එහෙමයි.


අපි හිතුවෙම හොද පෝරියල් එකක් සෙට් උනා කියලා. ගඩොලගෙයි, පොයියාගෙයි. DJගෙයි, හැකියාවෙන අනිත් එවුනුත් ගොඩ ගියා.


http://www.clipartof.com/portfolio/toonaday/illustration/cartoon-black-and-white-outline-design-of-a-school-boy-sleeping-on-his-desk-1046265.html

Monday, February 6, 2012

තවත් වැඩර් කෙනෙක්.


  මේක අපේ තවත් A/L වීර කතාවක්. මේ සිද්දිය වුනේ පොසොන් මාසේ. හරියටම කිව්වොත් 2009 ජුනි 05. එදා පොසොන් උත්සවය වෙනුවෙන් ආගමික වතාවත් කරන්න ඉස්කෝලේ ළග පන්සලකට එක්කන් යනවා කියලා කලින්ම කියලා තිබ්බා.ඒ හින්දම අපි පොඩි ප්‍ලෑනක් ගැහුවා. අපි ඉතින් ආගමට දහමට ලැදි ළමයිනේ. හිකිස්....

  උදේ බෑග් නැතුව ඉස්කෝලේ ඇවිත් පන්සල් යනකොට සේප් එකේ ගෙදර යන එක තමා ප්‍ලෑන. කොහොමද අපේ ටිකිරි මොළේ. :P ගෙදර කිව්වට යන්න තියෙන්නේ පොයියාගේ ගෙදර තමා. මමයි, පොයියායි (Address නැති වීම.), කොතයි (මෙහෙමත් වැඩ වෙනවා.), මලියායි, DJයි තමා වැඩේට රෙඩි වුනේ. තව පොඩ්ඩෙන් අමතක වෙනවා ගඩොලයත් අපිත් එක්ක ආවානේ. අත්දැකීම් බහුල ටීම් එකක්.

  එදා ප්‍ලෑන් කරපු විදිහට ඔක්කොම වැඩ සිද්ද උනා. Prefect ලාට ඉන්නෙත් අපේ එවුන්ම හින්දා උන්ටත් බායි කියා ගෙන අපි පොයියාගේ ගෙදර ගියා. ගිහින් තේ එකක් එහෙම බිලා කරන්න වැඩකුත් නැති හින්දා බැස්සා එලියට. මෙන්න තියෙනවා පොයියාගේ වන්ඩිය. වන්ඩිය කිව්වේ බයික් එකට. ටිකක් පරණයි. වෙලාවේ හැටියට මරු භන්ඩේ. දෙයියනේ කියලා පොයියා ගත්තා වන්ඩිය එළියට. ගත්ත ගමන්ම මේකා තැ‍රි ගහගෙන වැටුනනේ. ලැජ්ජාවේ බෑ. හිකිස්. හොද වෙලාවට අපි විතරයි දැක්කේ. හොද වෙලාවට තුවාල උනෙත් නෑ.

  උගේ අවාසනාවට අපේ වාසනාවට මේ සීන් එක මගේ ෆෝන් එකේ රෙකෝඩ් උනා. ඒක අත්වැරදීමක්. මම ඒ දවස්වල ෆෝන් ඒක යන යන තැන ගෙනියනවා. හදිස්සියකට ගෙදරට කථා කරන්න. :P මෙන්න ඒ විකඩම.....




නිෂ්පාදනය හා අධ්‍යාක්ෂනය - මම.
පසුබිම් කථනය - කොතා.
ආරාධිත රංගනය - පොයියා.
තිර රචනය - මොකා ලිව්වද දන්නේ නැතෝ.

  ඊට පස්සේ තමා අපිට කෙල වෙන්න පටන් ගත්තේ. සෙනසුරාදා ඉරිදා class වලදී ආරංචි උනා අපේ ප්‍ලෑන ලික් කියලා. ඒත් ඉතින් අපිට අපේ එවුන් ෂුවර් නැනේ. වෙලාවකට පොයියා කැලේ උන්ගේ පොයිවලට. කෝකටත් සුදානම් ශරීරයෙන් සදුදා ඉස්කෝලේ ගිහින් ඔක්කොටම පොයියාගේ හපන්කම (චාටර් වීඩියෝව) පෙන්නලා පන්තියට ෆන් එකක් සැපෙව්වා. එදා පොයියා ටිකක් බයිට්. කවුරුත් පොයියව බයිට් කරන්න යන්නේ නෑ පොයියා බයිට් කරන්න ගත්තොත් රෙදි ගැලවෙන්නම බයිට් කරනවා කියලා දන්න හින්දා. ඒ කුරිරු අත්දැකීමට මුහුණ දෙන්න කවුරුත් කැමති නැනේ...

  ඉස්කෝලෙත් පටන් ගත්තා. මැඩම් ඇවිත් ගත්තා කොලයක් එළියට කියවන්න පටන් ගත්තනේ නම් සෙට් එකම. අපේ පැත්තේ 8 ක් හිටියා ඉතුරු වෙලා ඉදලා තියෙන්නේ 2යි. ගියේ 6 දෙනයි. ඒත් නම් 8 කියවුනා. පන්තියේ අනිත් ඇත්තේ 2 ක් අපේ මෙහෙවුමට හොරෙන් සවන් දීලා අපිව අනුගමනය කරලා උන් දෙන්නත් ගෙදර ගිහින්.

  මැඩම් පොඩි බණකුත් දුන්නා. ඒත් ඉහළට දැනුන් දීලා නෑ. මැඩම් හොද හින්දා හොදයි. මැඩම්ට අනුව මේක සංවිධානාත්මක කුමන්ත්‍රණයක්. මේකේ නායකත්වය පොයියා සහ කොතා අරගෙන ඇති බවයි මැඩම්ගේ මතය. පිස්සු වැඩ කොච්චර කරත් පන්තියේ තැනකට ඇවිත් තියෙන්නෙත් මේ සෙට් එකම තමා.

  තව පොඩ්ඩෙන් අමතක වෙනවා. පොයියගේ වීඩියෝවට මම දුන්න පබ්ලිකේෂන් ඒක දැකලා පොයියා අහපි.....

පොයියා - තෝ ඕකත් දාපං Facebook...
මම - කියන්න දෙයක් නෑ දාලා ඉවරයි...
පොයියා -නොදකින් තෝ නම්..
මම - බය වෙන්න එපා බං, උබේ මුණ පෙන්නේ නෑ..
පොයියා - එහෙනම් අවුලක් නෑ
මම - ඒ හින්දා මම උබව tag කරා. කාට හරි අදුර ගන්න බැරි උනොත් අපරාදෙනේ...
පොයියා - අපෝ...... අමනයා...

පව් අසරණයා....




Sunday, January 1, 2012

තේ හැදිල්ල


එහනම් කට්ටියටම සුභ නව වසරක් වෙන්න ඕනේ.....

           මේක පහුගිය අවුරුද්දේ වෙච්ච දෙයක්. වැඩි ඇතක නෙවෙයි ගිය සතියේ. මට අංකල් කෙනෙක් එන්න කියලා තිබ්බා එහෙට ඉන්ටනෙට් අරගෙන වයර් ටික මුට්ටු කර ගන්න විදිහක් නෑ කියලා. මම යද්දී ගෙදර හිටියේ අංකලුයි අංකල්ගේ දුවයි විතරයි. මම වයර් මුට්ටු කරන අතරේ මට තාත්තලා දුවලා කුටු කුටු ගානවා ඇහුණා. අංකල් සිනි හැදී 3, පිටි හැදී 2 .......කියලා කියනවා මට ඇහුණා . ඊට පස්සේ විනාඩි 15 කට විතර පස්සේ මෙන්න අංකල්ගේ දුව එනවා තේ කොප්පයකුත් අරන්....

මේක දැකපු අංකල්ට මාර හැපී. අංකල් කියනවා....

"ඔය ජිවිතේ පළවැනි පාරට තේ එකක් හැදුවේ. පුතාට ඉස්පිලිතාලේ යන්නත් වෙයිද දන්නෙත් නෑ...." කියලා....

මගේ ලේ වතුර උනා. මට එක පාරටම මතක් උනේ ක්ලොගර්ඩ් ඇඩ් එක. (මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී.)

අංකල්ගේ දුව හිනා වේවි කියනවා.

" අනේ තාත්ත වතුර නිමිලානේ."

කාලා වරෙන්කො මෙකි කිරි හැදුවේ ඇල් වතුරෙන්ද දන්නේ නෑ.

"කලින් කියන්න එපයිනේ. මම හිටරේ ගහලා දෙනවනේ" අංකල් කියනවා.

මෙකි ලැජ්ජා නැතුව යන ගමන් මගෙන් අහනවා.....

"අයියා වෙන තේ එකක් හදන් එන්නද?" කියලා.

මම ඕනේ නෑ කිව්වා. මොකටද නිකන් ඉල්ලන් කන්නේ....

          දැන් තමා නියම හරියට එන්නේ. කොහොම හරි මේක බොන්නම වෙනවා. එතන අංකලුත් ඉන්නවනේ විසි කරන්නත් බෑ. මොනවා කරන්නද මම මගේ ජිවිතේ පරදුවට තියලා මම තේ එක බොන්න පටන් ගත්තා. ඇල් වතුරෙන්ම තමා තේ හදලා තියෙන්නේ. බොන්න බැරි තරම් අවුලක් තිබ්බෙත් නෑ. අවුලක් නැත්තෙමත් නෑ. කිරි පිටි අඩුවෙන් දාලා වගේ දැනුනා. උගුරට දෙකට තේ එක බිව්වා. මොකද රස විදින්න දෙයක් තියනවා කියලය. තාම නම් කිසිම අවුලක් උනේ නෑ. අනාගතයේ මොනවා වෙයිද දන්නේ නෑ.

         මට පස්සේ හිතුනේ මෙහෙම ගැනු ගන්න වෙන අසරණ කොල්ලෝ පව් කියලා. හැබැයි මම එක දෙයක් ගැන සතුටු වෙනවා අමාරුවෙන් හරි තේ එකක් හදා ගත්ත එක ගැන. සමහර කෙල්ලෝ ඉන්නවනේ තමන්ගේ හස්බන්ඩට වත් තේ එකක් හදලා දෙන්නනේ  නෑ කියලා දැන්මම හිතාගෙන ඉන්න...... හිකිස්....