Sunday, November 11, 2012

කුඩයක් තියෙනවද බං?


මේ දවස්වල වහින හින්දා පන්තියේ එවුන් කුඩෙට කරපු කුජිත වැඩ ටිකක් මතක් උනා. A/L පන්තියේදී ෆ්‍රී පීරියඩ් එකක් හම්බුන ගමන් අපේ එවුන්ගේ වැඩේ ක්‍රිකට් ගහනවා නැත්නම් සිංදු කියනවාඔය අතරේ දෙතුන් දෙනෙක් කනේ පුළුන් ගහගෙන පාඩම කරනවා. ඕකුන් හින්දා තමා හදිස්සියකට එකෙක් හොම්බ ඇනගත්තොත් බෙහෙත් දාන්න තිබ්බ පුළුන් ටික ඉවර උනේ. අයියෝ සල්ලි....

ඔය අතරේ කවදාවත් නැතුව පොයියා පැත්තකට වෙලා කඩදාසියක් අරන් කැලි වලට ඉරනවා කාටත් හොරෙන්. කවුරුත් ගනන් ගත්තෙත් නෑ. කෙළිදෙලෙන් කාලය ගත වෙලා ඉස්කෝලේ අරින වෙලාවත් ආවා.   වැස්සත් පටන් ගත්තා ඒත් එක්කම. ඉස්කෝලේ යද්දී කුඩයක් ගෙනියනවා ඒ හින්දා හිතට බයක් නෑ. ගේට්ටුවෙන් එලියට ඇවිත් ගත්තා කුඩේ එලියට. ඉහලන්න හදනකොට ඇතුලේ තිබිලා කොළ කැලි ටිකක් බිම වැටුනා. දැන්නේ වැඩේ මීටර් උනේ. පොයියා ළග ඉන්න එකා කියලා නෑ මටම වැඩේ දීලනේ. වට පිට බලලා හෙමිට බිත්තිය අයිනට කරලා කුඩේ ඉහිලුවා. සල බල ගාලා කොළ කැලි ටික බිම. යන්තම් නින්ඩියෙන් බේරුණා. ගත්ත ගමන් ඉහිලුවා නම් දෙනෝදාහක් මැද මගේ රෙදි ගැලෙවෙනවා.

පහුවදා ආරංචි උනා තව එකෙක් කුඩේ ඉහලලා නොන්ඩි වෙලා කියලා. පොයියා දීලා තියෙන්නේ ඩබල් ගේමක් වගේ. පව් අරු අසරණයා, කිසි හිරිකිතයක් නැතුව ටවුන් ඒක මැද්දෙම කුඩේ දිග ඇරලා. 



තව දවසක් අම්බානක වහිනවා. කුඩේකුත් නෑ. හිමිට පොයියා ළගට කිට්ටු උනා.

" අඩෝ කුඩයක් තියෙනවද? "

" ආ පාට කුඩයක් තියෙනවා දෙන්නද? "

" ආපෝ එපා උබම තියා ගනින්... මම තෙමි තෙමි යන්නම්... "


http://www.toxel.com/tech/2011/02/02/unusual-and-creative-umbrellas/

No comments:

Post a Comment