Thursday, November 3, 2011

Address නැති වීම.

             අපි Revision යන කලේ දවසක් කොළඹ පැත්තේ ස්කොලෙකින් මල්ලිලා වගයක් ආවා Project එකට සමීක්ෂණයක් කරන්න. ඔන්න ඔක්කොටම තඩි කොලයක් දුන්න පුරවලා දෙන්න කියලා. මාර දේවල් එකේ පුරවන්න තිබ්බේ. හෙන ගේමක් දීලා අමාරුවෙන් පුරවා ගත්තා.


             මට එහා පැත්තේ හිටියේ පොයියාය. මගේ අති ජාත මිත්‍රයෙකි. කිව්වොත් පොයියකි. ඉදහිට ඇත්තද පවසයි. ඇත්තේ වක්කඩයක් වැනි කටකි. ලැජ්ජාවක් කියා නාමයක්වත් නැත. පාසලේදීත් මට සමීපයේ හිටියේ ඔහුය. ඒ නිසා මගේ වම් කනේ ඇසීමේ දුරුවල කමක් එකල පැවතිනි. ඔහු නැතිදාට පන්තිය සොහොන් පිටියක් වැනිය. හිටිනදාට ඉරිදා පොළ වැනිය. කවුරුන් හෝ පන්තියේ කර වුවහොත් එයට පොයියාද වග කිව යුතුය. පොයියාට රහසක් කියනවාට වඩා පත්තරේ දැමීම හොද බව කවුරුත් දනී. එවන් අජුත කටක් ඔහුට ඇත. පොයියාගේ සැම වචනයකින්ම කෙනෙකු අපහසුතාවයට පත්වන සුළුය.


           මේ අතරේ කොළ ටික එකතු කරගෙන යනවා. මල්ලි කෙනෙක් පොයියාගේ කොළේ අරගෙන බලලා


"අයියා මේකේ Address එක දාලා නෑ" කියලා ඇහුවා.


"පිස්සුද මල්ලි..... ගියපාර Result ආවට පස්සේ අපේ Address නැති උනානේ" අපේ එකා කිව්වා.


            මෙහෙම දෙයක් නොකිව්වනම් තමා පුදුමේ. අර මල්ලි මොකුත් නොකියම යන්න ගියා.


            අර පොඩි එකා මොනවා හිතුවද දන්නේ නෑ. කොහොමත් ඔහොම Project කරොත් Address නැති වෙනවම තමා. අපිත් Project කරානේ. Project කියලා වැඩියෙන්ම කරන්නේ පොත් හදන එකනේ. අපේ එවුන් නම් වැඩිම උනොත් බලාගෙන මොනවා හරි ලියයි. ඊට වඩා වැඩි දෙයක් නම් කරන්නේ නෑ.


           අපේ එකෙක් තිබ්බ නම ඉරලා එතන තමන්ගේ නම අලවන්න යද්දී එතන තව නම් 5 විතර තිබිලා උඩට උඩට අලවලා. රජ කලේ ඉදන් එන Project එකක් එක. ඒ අතරේ කෙල්ලෙක්ගෙ නමකුත් තිබිලා. ඒක ස්කොලෙන් පිටත් ගිහින්. ජාත්‍යන්තර Project එකක්. 


           සමහර project බර දෙද්දී මැඩම් කියනවා.


"මේ Project එක නම් මම දැකලා තියනවා"


          දීපන්කො උත්තර......


           කොහොමද මැඩම්ගේ මතකේ. අමතක උනානනම් තමා පුදුමේ. හැම අවුරුද්දෙම එක එක්කෙන එකම Project එක දෙද්දී. මැඩම් හොද හින්දා හොදයි.


           අනිත් එක තමා Group Project එක. මම තම හොයනවා මම හිටිය Group එකයි අපි කරපු Project එකයි මොකක්ද කියලා. මැඩම් කණ්ඩායම් කරලා Project එකත් කරලම දීලා. අපි එක්කෙනෙක් වත් දන්නේ නෑ අපේ කණ්ඩායම. ලකුණුත් තියෙනවා හොදටම. ඔන්න ඔහොමයි ගුරුවරු අපිට සැලකුවේ.
         

10 comments:

  1. ඔය කියන්නේ A/L කාලේ සිද්දියක්ද?
    පොය්යා කියන්නේ සිරා පොරක් නේ .. :D

    ReplyDelete
    Replies
    1. ඕව් ඕව් A/L කලේ සිද්දි තමා......
      පොයියා කියන්නේ සිරාම පොරක්.... අනේද කියන්නේ...

      Delete
  2. අඩෝ මාත් තාම හොයනව මන් හිටපු Group එකයි අපි කරපු Project එකයි මොකක්ද කියලා………ඒ තරම් හොඳට අපට මැඩම්ල සලකපු නිසාම හොඳයි,නැත්තම් කොරපන්කො Group Project කොලඹ සිද්දිය නම් තාම මතකයි අපි හිටියෙත් ලගපාතනේ...
    bale......

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මචෝ....... එහෙනම් උබටත් මතකයි කෙලපු පිස්සු........

      Delete
  3. ඒ කෙලපු පිස්සු කොහොම අමතක කරන්නද බන්? ජිවිතේ සොඳුරුම කාලය ඒ දවස්නෙ බන්....... අනික පොයියගෙ පච වලට ඉල කඩෙනකම් හිනා වෙච්ච...... සෙට් වෙලා බයිට් කරපුව​.......
    Bale...

    ReplyDelete
    Replies
    1. මොනවට කියනවද ඒවානම්... මම මතක වෙන විදිහට ඒවා ටික දාන්නම්කෝ....

      Delete
  4. මොකටද මන්දා අපිට කියලා ප්‍රොජෙක්ට් කරවන්නේ...ගෘප් එක නම් මටත් මතක නැහැ...තනියම කරන එකටනම් නියම එකක් කරා..."මරණින් මතු ජීවිතය" :)

    ReplyDelete
  5. :P ane apith poyyath ekka hitiyane :P

    ReplyDelete
    Replies
    1. අයෙත් අහලා....එකම සෙට් එකනේ....

      Delete