Saturday, December 19, 2015

තෑගි දෙන්න අළුත් විදිහක්


    අද කියන්නේ යන්නේ රෝගී වූ යාළුවෙක් බැලීමට යෑමේදී ගෙන යාමට සුදුසු දෙයක් ගැන. හරි, ඉස්සෙල්ලාම කියලා ඉන්නම් අවශ්‍ය ද්‍රව්‍ය ටික. 

    මුලින්ම ඕනේ රෝගී වූ යාළුවෙක්. අපි නම් කාටත් ගිනිගෙඩි දෙන පොයියා අල්ලා ගත්තා. ඊට පස්සේ ඕන වෙනවා ලෙඩාව බලන්න යන්න යාළුවෝ ටිකක්. ඕව් තුන්දෙනෙක් වගේ ඇති. පොයියා බලන්න ගියේ නම් ගහේයි, බට්ටයි, මමයි. ඔය අතරේ අහිංසක විදිහට දතක් ගලවා ගන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් වැඩේ ලේසි. අපි බට්ටාගෙන් ඒ වැඩේ කර ගත්තා. :D

    දැන් යන්නයි තියෙන්නේ ලෙඩා බලන්න. අත වන වනා යන්න එපා යකෝ. මොනවා හරි අරන් පලයල්ලා. ඔන්න ඔය වෙලාවට තමා අර අහිංසකයා ඕන වෙන්නේ. වැඩිය ගලවන්න එපා බන් හීනියට ඉස්සරහා දතක් ගලවපන් රුපියල් සීයක් විතර. බට්ටාගෙන් ගලවන්න ලේසි උනේ නෑ. 

   හරි දැන් රුපියල් සීයක් අතේ තියනවනේ. ළගම තියන කඩේට ගිහින් රුපියල් පනහට තියන ටිපි ටිප් ගන්න ඕනේ. එකක් අරන් ඉතුරු පනහා වමට ගහනවා නෙවෙයි ඔන්න. සල්ලි සල්ලි කියලා බලන් නැතුව දෙකක්ම ගනිල්ලා. ඇතුල හිස් උනත් කමක් නෑ ලොකුවට පුම්බලා තියන එකක් ගත්තා නම් හරි. දෙන එක හොදට දෙන්න එපැයිනේ. :P

   දැන් ඕක ගත්ත විදිහටම අරන් යන්න එපා යකෝ. පිළිවෙලකට අරන් යන්න එපැයිනේ. බ්‍රවුන් පේපර් බෑග් එකකට දාලා ඊට පස්සේ සිලි මල්ලකට දාලා අරන් ගියා නම් වැදගත් පාටයිනේ. දැන් ආයේ අර අහින්සකයගෙන් දත ගලවන්න හදන්න එපා. පොඩි ගානක් වියදම් කරලා හොද බෑග් එකක් ගනින්. දැන් ගත්ත ටිපි ටිප් එක බෑග් එකට දාපන්. පිස්සුද බන් ගත්ත දෙකම ඕකට දාන්න එපා. ඒකක් හොදටම ඇති. ලෙඩ්ඩුන්ට වැඩිය කන්න හොද නෑ ඕවා.

  අපේ එවුන්ගේ පාර අයිනේ නැනේ ගෙවල්. ඩොටේට ගෙවල් හොයන යද්දී අනිත් ටිපි ටිප් එක කකා යන එකයි ඇත්තේ. ගෙදර ළගට යන්න කලින් කාලා ඉවර කර ගනිල්ලා. කන්න බැරි එවුන්නේ අපිත් එක්ක ගියේ. බට්ටට කන්නම බෑ ඕවා. :P

  ගෙදර ළගට යද්දී ගත්ත දේ වන වන යන්නේ නැතුව බරට තියනවා වගේ පෙන්න අරන් පලයල්ලා. අනික වැඩර්ලා වගේ ගියපු ගමන් ඕක අරුගේ අතට එහෙම දෙනවා නෙවෙයි. ගිහින් පරිස්සමට මේසයක් උඩින් තියපන්. ගෙදරින් එනකල් ඕක කාටවත් අතපත ගාන්න දෙන්න එපා. වැඩේ මට්ටු වෙයි. :P

  මොනවා උනත් පොයියා අපිට හොදට සැලකුවා. ඇති වෙන්න රබුටන් කන්න දුන්නා. ගියාට පස්සේ ආරංචි උනා මේකාගේ බොරු ලෙඩක් කියලත්.

බොරුවට ලෙඩ වූ පොයියා.

පොයියගේ රබුටන් :P


   පොයියෝ ලබන පාර රබුටන් වාරෙටත් අපි එනවා උබව බලන්න තෑගී අරන්. 

ප.ලි. : ඉහත කරුණු අනුගමනය නොකොට පසුව තේ එකක්වත් නොලැබුණු බවට චෝදනා නොකරන්න.


Saturday, September 19, 2015

බියුරෙට්ටුවක් කැඩීමේ සතුට.

    
     මයිනර් නොහොත් සාජන් මහත්තයා ජිවිතේට පන්තියට නොයෙන එකෙකි. ඉදලා ඉදලා පැමිණි දවසේ රසායනික විද්‍යා අනුමාපනයකි.

 මයිනර් අදාරකයේ බියුරෙට්ටුවක සෙට් කර අත ඇරියා පමණි, බියුරෙට්ටුව රූටා විත් බිමය. මේකා බියුරෙට්ටුව හරියට සෙට් කර නැතය. A/L පන්තියට පැමිණ පළමු වාරය ඉවර වීමටත් පෙර කැඩුවා නේද මේකා බියුරෙට්ටුවක්. අපේ එවුන් ගිය තැනක් විනාසය.

   විදුලි වේගයෙන් සර් එතනය "ඔයයි මේක කැඩුවා නම් එකක් ගෙනත් දෙන්න වෙයි". කෙලිය නේද?

  පන්ති නායක බටර්, සියල්ල සමග සාකච්චා කර එකාගෙන් රුපියල් 100 බැගින් එකතු කර බියුරෙට්ටුවක් අරන්දීමට තීරණය කරන ලදී. ඉතුරු වන මුදලින් එළ කිරි පාටියක් දාන්නත් තීරණය කර ගත්හ. කට්ටිය වැඩියෙන්ම සතුටු වූ කරුණ එයයි.




  අමාරුවෙන් අමාරුවෙන් මුදල් එකතු කරගෙන පටියක් දමන ලදී. නියමෙට පාටිය තිබ්බේය. බියුරෙට්ටුවක් ගැනීමට වෙන් කරන ලද මුදල් චිනාට බියුරෙට්ටුවක් ගෙන ඒම සදහා දෙන ලදී. බියුරෙට්ටුවක් නම් නොගෙන ආ බව සුවර්ය. මුදල්වලට උන දේ තාම අභිරහසකි.

  එදින පාර්ටියේදී කොතා සමග පොයියා දැමු නර්තනයක්. වස කැතයි කරන්න දෙයක් නෑ.




Saturday, January 17, 2015

පොඩි එවුන් ඉදිරියේ නොන්ඩි වෙයි


    


    ටික කාලෙකට කලින් අපේ පොයිය මහතා (දැන් නම්බු දීලා කථා කරන්න එපයිනේ. වැදගත් මිනිස්සුනේ) ඉස්කෝලෙට ගිහින් නොතිබුන චරිතේ ගන්න. ඔය අතරේ අපේ කලින් පන්ති භාර මැඩම් හම්බෙලා. මැඩම් පොයියව ඇදන් ගිහින් පොඩි එවුන්ට පාඩම් කරපු හැටි කියල දෙන්න කියලා. 

     පන්තියට එක්කන් ගිහින් මැඩම් පොයියා හදුන්වලා දුන්නලු.

"මේ අයියා හොදට වැඩ කරලා දැන් කැම්පස්. මේ අයියා ගියා නම් ඔය කට්ටියට කොහොමත් කැම්පස් යන්න පුළුවන්." 

     ඔය දීලා තියෙන්නේ පොඩි එවුන් ඉස්සරහම රෙදි ගැලවෙන්න. ඉස්කෝලේ කලේ ඒවා තමා ඔය ඵල දෙන්නේ. පොයියා දෙලෝ රත් වෙලාලු හිටියේ තව මොනවා කියයිද කියලා.

"දැන් මේ අයියා පාඩම් කරපු හැටි කියයි"

     කියලා පොයියට පන්තිය බාර දුන්නලු. පොයියත් පොර ටෝක් ටිකක් දුන්න කියලා කියනවා. කොහොමත් පොයියනේ.

    පොර ටෝක් ටික ඉවර කරලා මැඩම් එක්ක එද්දී මැඩම් අහනවලු "ඔය ඔක්කොම කරාද?" කියලා.

   අයෙත් මේකා රෙදි ගලවාගෙන. කට උත්තර නෑලු.

   මේ සිද්දියෙන් පස්සේ මොන චරිතෙද කියලා පොර ගෙදර ආවලු. අයේ යන්නේ නෑ  කිව්වේ පැත්ත පළාතේ. දැන් අපිත් ඉස්කෝලෙට යන්න කලින් දෙපාරක් හිතන්න වෙයි.

      මේ සිද්දිය මාත් හරියට දන්නෑ. පොයියා තාම කිව්වේ. පොඩ්ඩක් සල්අඩි කරලා ගන්න වෙයි.   

http://www.craven.k12.nc.us/bes/

Friday, December 26, 2014

පොඩි එකාට අවවාදයක්



        අපි කාලයක් බලන් හිටපු මළ ගෙදරක ගියා මීට කාලෙකට කලින්. අනේ වාසනාවන්. අවුරුදු ගානක් බලන් හිටියා ඕකට. දන්නා කියන ගොඩක් එවුන් ඇවිත් හිටියා. ඔය අතර අපේ අතා දවස් දෙකක් තුනක් එහෙම ඉදලා එහෙ පවුලේ එකෙක්ම වගේ වෙලා. පිටින් එන අය අහනවලු "පුතා මෙහේද?" කියලා.

         අතා, ගහේගේ අම්ම නැති උනා කියලා තමා ගහේගේ අත්තම්මගේ මළගෙදර ඇවිත් තියෙන්නේ. මේකා ලජ්ජා නැතුව ගහෙට කියනවා "අඩෝ සොරි බං, මට උබලගේ අම්මා මරන්න සිද්ද උනා. උබ වැඩේ ලික් කරන්න එහෙම එපා" කියලා. මේ වගේ පුත්තු රටකට සම්පතක්.


      කතා කර කර ඉන්න ගමන් අතා පොඩි එකෙක් පෙන්නලා කියනවා,


"අඩෝ උබ දන්නවද? මේකට කියන්නේ බාගයා...
මේකාගේ පියා හවසට ගහන්න තිබ්බ බාගයක් මේකා තනියම ගහලානේ....
පව් බන් අර වැඩ කරලා, වැඩ කරලා මහන්සි වෙලා ගෙදර එන මනුස්සයා, එක්කෝ කාලක් ගහපන්, අර මනුස්සයාට ඉතුරු කරලා.....
නැත්තම් කාලක් ගහලා ඉතුරු ටිකට වතුර පුරවපන් අපි වගේ...."


        ඔන්න ඔහොමයි වැඩිහිටියෝ වශයෙන් පොඩි එවුන්ට උපදෙස් දෙන්නේ. ඉගෙනගනිල්ලා...



Sunday, February 2, 2014

කයිසෙන් යෝජනා

 

    මම 9 වසරේ වගේ ඉන්නකොට 5S සංකල්පය ඉස්කෝලේ හොදටම කරගෙන ගියා. ඕකේ කයිසෙන් යෝජනා කියලා කොටසකුත් තිබුණා. අපේ අදහස් යෝජනා ඕකට තමා දාන්න ඕනේ. 


    මම දන්න විදිහට අපේ එවුන් නම් ඕකට වැඩකට ඇති යෝජනා නම් දාලා නෑ. පන්තියට එක ගානේ කයිසෙන් යෝජනා පෙට්ටි තියෙන්න ඕනේ කියලා හදිස්සියේම ආරංචියක් ආවා. පන්තියේ වග කිවයුතු ශිෂ්‍යයෙක් වශයෙන් මමම මේක හදන එන්න බාර ගත්තා. ගෙදර ගිහින් කාඩ්බෝඩ් පෙට්ටියක් හොයාගෙන වටේට කොළ අලවලා, කයිසෙන් කියලා ලොකුවට ගහලා, ගිහින් පන්තියේ එල්ලුවා.

    ගින්නක් නැ පන්තිය දැන් අංග සම්පුර්නයි. දවස් දෙක තුනකට පස්සේ කයිසෙන් ගැන පොඩි හැදින්වීමක් තිබ්බා අපේ පන්තියේ තව පන්ති දෙක තුනකුත් දාලා. කොල්ලෝ අපේ එවුන්ගේ ඔඩොක්කෙත් එක්ක. මොනවදෝ මොනවදෝ කියලා, (අපි අහන ඉන්නෙත් නැනේ) අන්තිමේට මැඩම් 

"අහ මේ පන්තියෙත් ලස්සන කයිසෙන් පෙට්ටියක් තියනවා. බලමු මොනවද තියන යෝජනා"

කියලා පෙට්ටිය අරන් හොලවලා බැලුවා. අපේ එවුන් දාපු චෝක් කෑලිද කොහේදෝ හෙලවෙන්නවා. 

"යෝජනා ගොඩක් තියනවා වගේ."

කියලා මැඩම් හතර වටේ කරකනවා පෙට්ටිය. 

"ළමයි මේකේ කොහෙන්ද යෝජනා එලියට ගන්නේ." 

හුටා එළියට ගන්න තැනක් හැදුවේ නැනේ මම. පන්තියේ එවුන් මගේ දිහා බලනවා වස නෝන්ඩිය.

මැඩම් ගියාට පස්සේ කට්ටියම එකතු වෙලා, කවුළුවක් කපුවා යෝජනා එලියට ගන්න. නොදකින් මුන් දාලා තියන යෝජනා, හොද වෙලාවට යෝජනා ටික මැඩම්ට බලන්න බැරි උනේ....


http://mixedmartialworld.com/be-all-that-you-can-be-with-kaizen/