Friday, December 9, 2011

මෙහෙම වැඩත් වෙනවා.



ගිය සතියේ මාර වැඩක් උනා. මම Facebok එකේ Offline හිටියත් වැඩිය Online ඉන්නේ නෑ. Online ගිය වෙලාවක අපේ පන්තියේ එකෙක්  Chat එකට ආවා. මිනිහා Online ඉන්නවා දැකලා තිබ්බට Chat කරලම තිබ්බේ නෑ.

පොර මාත් එක්ක පොඩි කාලේ ඉදලම එක පන්තියේ හිටියේ. O/L කරන කාලේ විතරක් පන්ති දෙකක හිටියේ. ඊට පස්සේ A/L කරන කොට ආයෙත් එකම පන්තියට වැටුනා. ආයේ කියල වැඩක් නෑ පරක්කුවෙලා පාසල් ඒම පිළිබද Cup ගහලා තියෙන්නේ.  ජීවිතේට කලින් ඇවිත් නැතුව ඇති. ටිකක් ඇත හිටියට කලින් එන්න බැරි කමකුත් නෑ. ඉකෝලෙනුත් මොකුත් කියන්නේ නෑ . කියලම එපා වෙලා. පිනාත් දවසක්  “මේ ළමයා සදා කාලිකවම පරක්කුයි ” කියලා යන්න කිව්වලු. A/L කරන කාලේ තමා අපේ විනය හොදටම තිබ්බේ. ඒ හින්දා Meeting එකක් තිබ්බා. එදත් අපේ එකා පරක්කු වෙලා ඇවිත් පිටිපස්සේම ඉන්නවා. පිනා මේකව පෙන්නලා කියනවා “අර ළමයා මම දන්න කාලේ ඉදන් හැමදාම පරක්කු වෙලා එන්නේ. A/L කරන කාලේවත් මේ ළමයට මේ ළගින් බෝඩ් වෙන්න උවමනාවක් නෑ.” ඕවා මානසිකව වට්ටන්න කියන කතා. අපි සැලෙයි ඔවාගෙන්. ඒවා කොහේද දිගටම පරක්කුවෙලා තමා එන්නේ. (කිව්වට මොකද මමත් ඔය Set එකේම තමා හිටියේ. ඒත් එච්චරම පරකුවෙන්නේ නෑ.)


පරක්කු වෙලා එන අයගේ නම් ලියන්න මැඩම් කෙනෙක් හිටියා ගේට්ටුව ගාව. අපි නම් බොරු නමක් දීලා කොහේ හරි වන්නියක් කියලා ෂේප් වෙනවා. ඒත් බැනුම් ටිකක් අහගන්න නම් වෙනවා. මුලදී නම් මොකක් හරි බොරුවක් කියනවා. ඒත් මැඩම්ව බම්බන්න අමාරුයි. ලේසිම වැඩේ තමා කොහෙහරි වන්නියක නමක් කියන එක. අපේ එකා ගේන්නම් ඕවා මොකුත් අහන්නේ නෑ. මැඩම් මුගේ මුන බලලා යන්න කියනවා. උගේ නම මැඩම්ට මතකයි. හැමදාම කියලම. සමහර දවස් වලට නම ලියන්නෙත් නෑ. අන්තිම කාලේ මට උනෙත් ඔය වැඩේම තමා.


දැන් යමු Facebook සින් එකට......


යාළුවා - හායි
මම - හායි මචෝ
යාළුවා - කොහොමද?
මම - අවුලක් නෑ බං..... උබට?
යාළුවා - වරදක් නෑ....... මොකද කරන්නේ මේ දවස්  වල?
මම - .......... යනවා බං. උබ .......... එකේ වැඩ කරනවද?
යාළුවා - ඕව් ... අදත් වැඩ..... අයියා නම් වැඩ මම තමා Online ඉන්නේ... 

මේක නම් වෙන්න බැරි වැඩක්. මොකද මම හොදටම දන්නවා ඕක කවුරුත් නෑ කියලා. ඕකා තනි අලියා.


මම - ඕකට මල්ලියෙක් නෑනේ ....
යාළුවා - මල්ලි නෙවෙයි එයාගේ නoගි.

කාලා වරෙන්කො. මම ටක් ගාලා බැලුවා මොනවද මම කලින් ලියලා තියෙන්නේ කියලා. හොද වෙලාවට ජරා මොකුත් ලියලා නෑ. යකෝ මේ මාස තුන හතරට මේකට කොහෙන්ද Chat කරන්න පුළුවන් නoගියෙක්.ටික මෙතන වෙන සින් එකක් යන්නේ....

යාළුවා - නoගි කීවට එහෙමමත් නෙවෙයි..

ආහ... ඔය මීටර් වෙන්නේ සින් එක. ෂුවර් එකටම මේ උගේ බඩුව වෙන්න ඕනේ. ඒත් කොහොමද ඕක අහන්නේ. විලි ලැජ්ජාවයිනේ. ඉතින් මම බබා පාර්ට්  එක රග පෑමට තීරණය කෙළෙමි.

මම - මට පිස්සුද?? නැත්නම්.......
යාළුවා - ඒකනම් නම් මම දන්නේ නෑ... මම එකත් අයියාගෙන් 
අහන්නම්.... bt එයා නම් එහෙම කියල නෑ....
මම -  ....... නම් මට නoගි කෙනෙක් ගැන කියලා නම් නෑ.
යාළුවා - මම එයාගේ Wife.... දැන් හරිනේ....
මම - එහෙම කියන්න එපයිනේ....මම අහන්න බැරුව හිටියේ....
යාළුවා - අයියෝ ඔයා මාව දන්නවනේ.... මම නම් ගොඩක් දන්නවා ඔයා ගැන ...
මම - දෙයියෝ..... ඒ කොහොමද?
යාළුවා - මම ඔයාව දැකලත් තියනවා. ඔයා මාව දන්නේ නැද්ද?

අපිත් හොද ඕපාදුප කාරයෝ තමා. ඒ කාලේ ඉදන් අපි ඕකිව දන්නවා. ඒ කලෙත් ඔයා හුටපටේ අපිට ආරංචි උනා. ඊට පස්සේ පාරේදීත් දෙන්නව හම්බෙලත් තියනවා. අපි ගියපු Class වලටත් ආවා.

මම -  දන්නවා Class ආවේ....
යාළුවා - අන්න හරි... ඔය බොරුනේ කිව්වේ දන් නෑ කියලා... දැන් නම් 
යන්න වෙනවා...බායි...
මම -  බායි...

අපිට වෙන්නෙම ඔහොම වැඩ තමා.




Wednesday, November 16, 2011

කෙසේ හෝ ජාමේ බේරා ගතිමු.


        අපිටත් ලැජ්ජා නැනේ ආයෙත් හන්තා ගියා. මුන්ව හදන්න බැනේ. හන්තානේ යන්නම ඕනේ කිව්වා. ඕන දෙයක් වෙච්චාවේ කියලා මාත් සෙට් උනා ගමනට. ගිය පාර හන්තානේ ගිහින් වුණු දේවල් චාරිකාවක පාඩම් කියලා මම මගේ පළවැනි post එකෙන් දැම්මනේ. කලින් කැලෑ පත්තර ගහලා තිබ්බට blog ලියලා තිබ්බේ නැනේ.

      ඔන්න ඉතින් ඔක්කොම ඊයේ (2011/11/15) තමා යන්න සෙට් උනේ. ඒත් උදේ පාන්දරම මම කියන එකා පරක්කුයි. බලු බැනුම් මට. බස් එකේ එන ගමන් පොයියා මට කතා කරා.

පොයියා - උබ කොහෙද ඉන්නේ?
මම - තාම මග බන්...
පොයියා - ඉක්මනට වරෙන්..
මම - පොඩ්ඩක්‌ හිටපන් මම driver ට පෝන් එක දෙනකල්...
පොයියා - දීපන් කොන්දොස්තරට......................................

      ටක් ගාලා මම පෝන් එක තිබ්බා. මොකටද උදේ පාන්දරම හොද පද ටිකක් අහා ගන්නේ......

      කොහොම හරි 8.30 විතර වෙද්දී ගියා. මෙන්න කට්ටිය ඉන්නවා බැන බැන. කට්ටිය ඇවිත් තියෙන්නේ හොදින් හෝ නරකින් හන්තාන උඩටම යන්න. එකේ පළමු පියවර තමා බස් එකේ යන එක. ගියා උඩුවෙල බස් එක ගාවට ඇහුවා කීයටද බස් එක යන්නේ කියලා. 9.15 ලු දැන් හිටපන්කෝ විනාඩි 45 ම. දන්නවා නම් තව ටිකක් පරක්කු වෙලා එනවා. යන්න වෙන බස් එකකුත් නෑ. ඩොටේ පැත්තක්.

     වෙන මොනවා කරන්නද? බස් එකේම යන්නත් එපයිනේ. කට්ටියම සෙට් උනා බස් එකේ පස්සහ සිට් එකට. බස් එකේ හිටිය කට්ටියටත් එපා වෙන්න ඇති. මෙතන එක විකාරයි. බයිට් කර ගන්නවා හෝ ගාලා. හිනා වෙනවා. කෑ ගහනවා. ඒ අස්සේ පරණ දේවල් කතා වෙනවා. ගොඩක් කලෙකින්නේ කට්ටිය සෙට් උනේ. විනාඩි 45 යනවා දැනුනෙත් නෑ. බස් එකටම ෆන් එකත් සපයලා. අපිව බස් එකටම සේල්.

     බස් එක යන්න පටන් ගත්තා. කදුම තමා. කැරකිලා කැරකිලා බස් එකෙනුත් බැස්සා. මෙන්න හන්තාන ළගටම ඇවිත්. තව ටිකයි. දැන් නම් මාර ෆිට්. හන්තාන දිහා බල බල නැංගා. කලින් YES එකෙන් ඊතල වගයක් ගහලා තිබ්බා. ඒවාපස්සෙම ගියා මේ පාර නම් කෝලෑ වෙන්න දෙන්නෙම නෑ කියලා හිතා ගෙන. අවුලක් ගියේම නෑ. ඉදලා හිටලා පාරෙන් පිට ගියාට කොහොම හරි හරි පාර හොයා ගත්තා.

      2.30 විතර වෙද්දී දෙයියනේ කියලා පහලට බැහැ ගත්තා. ඔන්න ඔහොමයි කොහොම හරි අපි හන්තානේ ගිහින් ජාමේ බේර ගත්තේ. අපිත් ලේසි පොරවල් නෙවෙයි.........


Friday, November 11, 2011

අමතක වීම.

          2010 අප්‍රේල් අපි ගියා අපේ පාසැල ජිවිතේ අවසාන trip එක. අදාල අවුරුද්දේ   A/L කරන පන්ති   trip එක්කන් යන සිරිතන් අපේ ඉකොලේ තිබ්බේ නෑ. ඒ වුනාට අපි කියලා කියලා කොහොම හරි trip එකක් දාගත්තා. ගියේ පාසිකුඩයි. වෙනදා නම් එක පන්තියකට එක බස් එක ගානේ ගන්නවා. ඒත් මේ පාර science section එකටම එක බස් එකයි. එච්චරකට ළමයි. විභාගේ ළග හින්දා කට්ටිය ගෙවල්වලට වෙලා වැඩ. මේ ටික එකතු කරගත්තෙත් මාර අමාරුවෙන්. වෙනදා ළමයි තිහකට විතර පත බස් එකක් ගන්නේ. බුදියගෙන යන්න පුළුවන්. 

        ඕන්න කොහොමහරි දැන් trip එක යනවා. සර්ලා දෙන්නෙක්  අන්තිම සිට් එකට කලින් සිට් එකේ. අයියලාගේ වැඩ දන්න හින්ද වෙන්න ඇති. අපේ එවුන්ට කරකියා ගන්න දෙයක් නෑ. සැලසුම් ඔක්කෝම අබ්ලික්. කට ඇරලා මොකුත් කියන්නත් බෑ. පාරේ බස් එකේ යනවට වඩා හොදට දැන් කට්ටිය යනවා. සින්දුත් නෑ. කට්ටියගේ මුණුත් අවුල්. පැයකින් විතර සර්ලාට එපා වෙලාද කොහේදෝ බස් එකේ ඉස්සරසට ගියා. හිතුවද දන්නෑ දිගටම මෙහෙම යයි කියලා. කට්ටිය හුරේ පාරක් එහෙම දාලා වැඩ පටන් ගත්තා. අපි බොහොම අමාරුවෙන් නහය කට තියාගෙන ගියේ. 

           පාසිකුඩයි ගිහින් දිය වෙන්න නාලා කාලා බිලා එන්න ලෑස්ති. බස් එක ආවාට වඩා වේගෙන් සැහැල්ලුවෙන් යනවා වගේ අපිට තේරුණා. ටිකක් වටපිට බැලුවහම මෙන්න ඉස්කෝලෙට හිටපු ලොකුම එකම වල් අලියා නෑ. අහ් දැන් වල් අලි නැනේ. වන අලියා. මල මගුලයි. මේකා මුහුදෙවත් ගහගෙන ගියාද.....? නෑ නෑ... අපි එකාව මුහුදට බැස්සුවේ නෑ. මුහුද ගොඩ ගලයි කියලා. මුට මොකද උනේ....

    වෙන එකෙක් නම් අමතක උනත් අවුලක් නෑ. දැක්කේ නෑ කියන්නවත් තිබ්බානේ. ඒත් මේ පර්වතයක් වගේ හිටපු වන අලියා අමතක උනා කිව්වාහම. හිතා ගන්න පුළුවන්නේ උගේ පන්තියේ එවුන්ගේ සිහිය ගැන. බස් එක අයින් කරලා නැවැත්තුව අනිත් බස් ටික යනකල්. දැන් බස් වල අලියෙක් ඉන්නවද කියලා බලනවා. එතකොට  එක බස් එකක් අයින් කරලා අනිත් පැත්තෙන් නැවැත්තුවා. බස් එක  එක පාරටම උඩ ගියා. යන්තන් ඇති වගා පාළුවා ඒ බස් ඒකෙන් බැස්සා. බැස්සද? බැස්සුවද? කියලා තම හරියටම දන්නේ නෑ. ඇවිත් සතුටින් අපේ බස් එකට නැග්ගා. අයියෝ අපේ බස් එක පාත් උනා. දැන් ඔය යන්නේ ආයෙත් ඇද ඇද අන්තිමේට. නැග්ග ගත්තේ අපරාදේ කියලා හිතුනා. දුක තමා.

         කොහොම හරි පොළොන්නරුවටත් ආවා ඇද ඇද. දැන් බස් එක හරවන්න reverse කරනවා. අපේ පණ්ඩිත හැත්තට ඉන්න බැනේ. reverse කරන්න උදවු කරනවා.

"හරේ ගන්න....අංකල් පස්සට reverse කරන්ඩ..."

"හරේ දැන් full කපලා තව ටිකක් කපන්න....."

    මේ අතරපස්සහම හිටපු තව එකෙක් අමාරුවෙන් පස්ස හැරී අංකල් reverse කරනවා දැකලා....

"මාරුවෙන් හැරී හැරී reverse කරන්න ඕනේ නෑ අංකල්.....ඔය රවුමත් අරන් මෙහෙට එන්නඩො.... මෙතෙන්න හොදට පස්ස පේනවෝ...."

මුන්ට තියෙන්නේ වක්කඩ වගේ කටවල්නේ.....

Thursday, November 3, 2011

Address නැති වීම.

             අපි Revision යන කලේ දවසක් කොළඹ පැත්තේ ස්කොලෙකින් මල්ලිලා වගයක් ආවා Project එකට සමීක්ෂණයක් කරන්න. ඔන්න ඔක්කොටම තඩි කොලයක් දුන්න පුරවලා දෙන්න කියලා. මාර දේවල් එකේ පුරවන්න තිබ්බේ. හෙන ගේමක් දීලා අමාරුවෙන් පුරවා ගත්තා.


             මට එහා පැත්තේ හිටියේ පොයියාය. මගේ අති ජාත මිත්‍රයෙකි. කිව්වොත් පොයියකි. ඉදහිට ඇත්තද පවසයි. ඇත්තේ වක්කඩයක් වැනි කටකි. ලැජ්ජාවක් කියා නාමයක්වත් නැත. පාසලේදීත් මට සමීපයේ හිටියේ ඔහුය. ඒ නිසා මගේ වම් කනේ ඇසීමේ දුරුවල කමක් එකල පැවතිනි. ඔහු නැතිදාට පන්තිය සොහොන් පිටියක් වැනිය. හිටිනදාට ඉරිදා පොළ වැනිය. කවුරුන් හෝ පන්තියේ කර වුවහොත් එයට පොයියාද වග කිව යුතුය. පොයියාට රහසක් කියනවාට වඩා පත්තරේ දැමීම හොද බව කවුරුත් දනී. එවන් අජුත කටක් ඔහුට ඇත. පොයියාගේ සැම වචනයකින්ම කෙනෙකු අපහසුතාවයට පත්වන සුළුය.


           මේ අතරේ කොළ ටික එකතු කරගෙන යනවා. මල්ලි කෙනෙක් පොයියාගේ කොළේ අරගෙන බලලා


"අයියා මේකේ Address එක දාලා නෑ" කියලා ඇහුවා.


"පිස්සුද මල්ලි..... ගියපාර Result ආවට පස්සේ අපේ Address නැති උනානේ" අපේ එකා කිව්වා.


            මෙහෙම දෙයක් නොකිව්වනම් තමා පුදුමේ. අර මල්ලි මොකුත් නොකියම යන්න ගියා.


            අර පොඩි එකා මොනවා හිතුවද දන්නේ නෑ. කොහොමත් ඔහොම Project කරොත් Address නැති වෙනවම තමා. අපිත් Project කරානේ. Project කියලා වැඩියෙන්ම කරන්නේ පොත් හදන එකනේ. අපේ එවුන් නම් වැඩිම උනොත් බලාගෙන මොනවා හරි ලියයි. ඊට වඩා වැඩි දෙයක් නම් කරන්නේ නෑ.


           අපේ එකෙක් තිබ්බ නම ඉරලා එතන තමන්ගේ නම අලවන්න යද්දී එතන තව නම් 5 විතර තිබිලා උඩට උඩට අලවලා. රජ කලේ ඉදන් එන Project එකක් එක. ඒ අතරේ කෙල්ලෙක්ගෙ නමකුත් තිබිලා. ඒක ස්කොලෙන් පිටත් ගිහින්. ජාත්‍යන්තර Project එකක්. 


           සමහර project බර දෙද්දී මැඩම් කියනවා.


"මේ Project එක නම් මම දැකලා තියනවා"


          දීපන්කො උත්තර......


           කොහොමද මැඩම්ගේ මතකේ. අමතක උනානනම් තමා පුදුමේ. හැම අවුරුද්දෙම එක එක්කෙන එකම Project එක දෙද්දී. මැඩම් හොද හින්දා හොදයි.


           අනිත් එක තමා Group Project එක. මම තම හොයනවා මම හිටිය Group එකයි අපි කරපු Project එකයි මොකක්ද කියලා. මැඩම් කණ්ඩායම් කරලා Project එකත් කරලම දීලා. අපි එක්කෙනෙක් වත් දන්නේ නෑ අපේ කණ්ඩායම. ලකුණුත් තියෙනවා හොදටම. ඔන්න ඔහොමයි ගුරුවරු අපිට සැලකුවේ.
         

Monday, October 24, 2011

ඒ ඉට්ටයිල් එක

මේක සර් කෙනෙක් කියපු කථාවක්.....


                       ඔන්න පොඩි කෙල්ලෙකුයි කොල්ලෙකුයි වැල්ලේ සෙල්ලම් කරනවාලු. හැබයි දෙන්නම ඇදුම් ඇදගෙන නෑ ලු. හරියටම කිව්වොත් නිර්වස්තර්යෙන්. දැන්  මේ පොඩි කොල්ලා කෙල්ල දිසා හොඳට බැලුවලු පොඩි අවුලක් තියනවා වගේ දැනුන නිසා ළඟට ගිහින්


"අයි ඔයගේ කපිලද?"   කියලා අහුවලු.


මේ පොඩි කෙල්ලත් නැමිලා බැලුවලු ඇත්තනේ වෙනස්නේ මාර වැඩේ. දැන් මොනවා කියන්නද?


"ඒ හැටි"  කිව්වලු. ටිකකින් මේ පොඩි කෙල්ල අහනවලු


"අයි ඔයාගේ වඩි" කියලා.


 කොල්ලට කට උත්තර නෑලු.

"ඒ ඉට්ටයිල් එක" කියලා පොඩ්ඩා මාරු උනාලු.  


දැන් හැදෙන පොඩි එවුනුත් ලේසි නෑ.......



Wednesday, October 19, 2011

චාරිකාවක පාඩම්.....

                අපි ඊයේ (2011/10/18) හන්තානෙ යන්න ගියා. ඒත් කොළෑ වෙලා හන්තානට නම් ගියෙ නෑ. ඒ ළඟ තිබ්බ වෙන කන්දකට නැඟලා ජාමේ බේර ගෙන ආවා. තව මරු මරු වැඩ සිද්ද උනා. ඒ ගමනින් ඉගෙන ගත්ත පාඩම් ටික තමා මේ........


1)  පාර හොඳින් දන්නවා කියා ගන්නා අය ( පණ්ඩිතයන් ) හෝ පාර නොදන්නා අය ( මෝඩයන් ) සමඟ trip නොයමි.( මුං සමඟ ගොස් කොළෑ වුනේමි. )
2)  නියමිත පාරකින් ඇර වෙන කැළෑ පාරවල් වලින් කඳු නොනගිමි.( එහෙත් ආරාධනාවක් ලැබුනොත් නොපිළිද නොගනිමි. )
3)  මී වද දෙස ඇහැක් ඇර නොබලමි.
4)  කැළෑ මැදින් යන විට කෑ නොගසමි.( මී වද ඇවිස්සෙන නිසා )
5)  මී වදයක් අවිස්සුනු විට පළා පොළගෙකු  රැගෙන යන අයෙකුට ඉස්සර විමට ඉඩ නොදෙමි. ( පොළගට බයේ ඕකට ඉස්සර වෙන්න දුන්නා. ඒ හින්දා මගෙ මී මැස්සෝ තුන්දෙනේක්ම කෑවා. )
6)  කුමන පරමර්ථයකින් ගිනි පෙට්ටියක් රැගෙන ගියත් ඔවුන් ගැන අහිතක් නොසිතමි.( ගිනි පෙට්ටියක් තිබ්බ හින්දා තමා මී මැස්සෝ ටික එලව ගත්තේ. )
7)  ගල් සෙවෙල් ඇති ස්ථන වලින් පරිස්සමින් යමි. ( තාම කොන්ද රිදෙනවා )
8)  කූඩැල්ලන්ගෙන් කකුල් පරිස්සම් කර ගනිමි.
9)  YES හි සමාජිකයන්ට අඩු තරමේ කුඹියෙක් වත් නොපෙන්වමි.( පව් අර පොළොන්ගු )
10) ඉළුක් ගොඩේ පරිස්සමින් ගමන් කරමි.( වතුර ගැවෙන කොට තම රඟෙ තේරෙන්නෙ ) මොකා පන්නුවත්  දිවිමට උත්සහ නොකරමි. ( අයියෝ කකුල )
11) පරමාර්ථය ඉස්ථ කර ගැනිම සඳහා කුමක් හෝ කන්දකට නගිමි. ( යන්න ගියේ හන්තනේ. ඒත් හන්තාන ඇහැටවත් දැක්කේ නෑ. ලැජ්ජාවෙන් බේරෙන්න එතන තිබ්බ වෙන කන්දකට නැන්ගා. )
12) මොන මගුලේ ගියත් රාත්‍රි 7 විමට පෙර ගෙදර එමි.


ප. ලි.
මගේ කාපු කූඩැල්ලන්ගේ කකුල් දෙකම කැඩියන්.
මගේ කාපු මී මැස්සෝන්ගේ ගෙවල් වලට හෙනම ගහපිය.