Wednesday, November 16, 2011

කෙසේ හෝ ජාමේ බේරා ගතිමු.


        අපිටත් ලැජ්ජා නැනේ ආයෙත් හන්තා ගියා. මුන්ව හදන්න බැනේ. හන්තානේ යන්නම ඕනේ කිව්වා. ඕන දෙයක් වෙච්චාවේ කියලා මාත් සෙට් උනා ගමනට. ගිය පාර හන්තානේ ගිහින් වුණු දේවල් චාරිකාවක පාඩම් කියලා මම මගේ පළවැනි post එකෙන් දැම්මනේ. කලින් කැලෑ පත්තර ගහලා තිබ්බට blog ලියලා තිබ්බේ නැනේ.

      ඔන්න ඉතින් ඔක්කොම ඊයේ (2011/11/15) තමා යන්න සෙට් උනේ. ඒත් උදේ පාන්දරම මම කියන එකා පරක්කුයි. බලු බැනුම් මට. බස් එකේ එන ගමන් පොයියා මට කතා කරා.

පොයියා - උබ කොහෙද ඉන්නේ?
මම - තාම මග බන්...
පොයියා - ඉක්මනට වරෙන්..
මම - පොඩ්ඩක්‌ හිටපන් මම driver ට පෝන් එක දෙනකල්...
පොයියා - දීපන් කොන්දොස්තරට......................................

      ටක් ගාලා මම පෝන් එක තිබ්බා. මොකටද උදේ පාන්දරම හොද පද ටිකක් අහා ගන්නේ......

      කොහොම හරි 8.30 විතර වෙද්දී ගියා. මෙන්න කට්ටිය ඉන්නවා බැන බැන. කට්ටිය ඇවිත් තියෙන්නේ හොදින් හෝ නරකින් හන්තාන උඩටම යන්න. එකේ පළමු පියවර තමා බස් එකේ යන එක. ගියා උඩුවෙල බස් එක ගාවට ඇහුවා කීයටද බස් එක යන්නේ කියලා. 9.15 ලු දැන් හිටපන්කෝ විනාඩි 45 ම. දන්නවා නම් තව ටිකක් පරක්කු වෙලා එනවා. යන්න වෙන බස් එකකුත් නෑ. ඩොටේ පැත්තක්.

     වෙන මොනවා කරන්නද? බස් එකේම යන්නත් එපයිනේ. කට්ටියම සෙට් උනා බස් එකේ පස්සහ සිට් එකට. බස් එකේ හිටිය කට්ටියටත් එපා වෙන්න ඇති. මෙතන එක විකාරයි. බයිට් කර ගන්නවා හෝ ගාලා. හිනා වෙනවා. කෑ ගහනවා. ඒ අස්සේ පරණ දේවල් කතා වෙනවා. ගොඩක් කලෙකින්නේ කට්ටිය සෙට් උනේ. විනාඩි 45 යනවා දැනුනෙත් නෑ. බස් එකටම ෆන් එකත් සපයලා. අපිව බස් එකටම සේල්.

     බස් එක යන්න පටන් ගත්තා. කදුම තමා. කැරකිලා කැරකිලා බස් එකෙනුත් බැස්සා. මෙන්න හන්තාන ළගටම ඇවිත්. තව ටිකයි. දැන් නම් මාර ෆිට්. හන්තාන දිහා බල බල නැංගා. කලින් YES එකෙන් ඊතල වගයක් ගහලා තිබ්බා. ඒවාපස්සෙම ගියා මේ පාර නම් කෝලෑ වෙන්න දෙන්නෙම නෑ කියලා හිතා ගෙන. අවුලක් ගියේම නෑ. ඉදලා හිටලා පාරෙන් පිට ගියාට කොහොම හරි හරි පාර හොයා ගත්තා.

      2.30 විතර වෙද්දී දෙයියනේ කියලා පහලට බැහැ ගත්තා. ඔන්න ඔහොමයි කොහොම හරි අපි හන්තානේ ගිහින් ජාමේ බේර ගත්තේ. අපිත් ලේසි පොරවල් නෙවෙයි.........


Friday, November 11, 2011

අමතක වීම.

          2010 අප්‍රේල් අපි ගියා අපේ පාසැල ජිවිතේ අවසාන trip එක. අදාල අවුරුද්දේ   A/L කරන පන්ති   trip එක්කන් යන සිරිතන් අපේ ඉකොලේ තිබ්බේ නෑ. ඒ වුනාට අපි කියලා කියලා කොහොම හරි trip එකක් දාගත්තා. ගියේ පාසිකුඩයි. වෙනදා නම් එක පන්තියකට එක බස් එක ගානේ ගන්නවා. ඒත් මේ පාර science section එකටම එක බස් එකයි. එච්චරකට ළමයි. විභාගේ ළග හින්දා කට්ටිය ගෙවල්වලට වෙලා වැඩ. මේ ටික එකතු කරගත්තෙත් මාර අමාරුවෙන්. වෙනදා ළමයි තිහකට විතර පත බස් එකක් ගන්නේ. බුදියගෙන යන්න පුළුවන්. 

        ඕන්න කොහොමහරි දැන් trip එක යනවා. සර්ලා දෙන්නෙක්  අන්තිම සිට් එකට කලින් සිට් එකේ. අයියලාගේ වැඩ දන්න හින්ද වෙන්න ඇති. අපේ එවුන්ට කරකියා ගන්න දෙයක් නෑ. සැලසුම් ඔක්කෝම අබ්ලික්. කට ඇරලා මොකුත් කියන්නත් බෑ. පාරේ බස් එකේ යනවට වඩා හොදට දැන් කට්ටිය යනවා. සින්දුත් නෑ. කට්ටියගේ මුණුත් අවුල්. පැයකින් විතර සර්ලාට එපා වෙලාද කොහේදෝ බස් එකේ ඉස්සරසට ගියා. හිතුවද දන්නෑ දිගටම මෙහෙම යයි කියලා. කට්ටිය හුරේ පාරක් එහෙම දාලා වැඩ පටන් ගත්තා. අපි බොහොම අමාරුවෙන් නහය කට තියාගෙන ගියේ. 

           පාසිකුඩයි ගිහින් දිය වෙන්න නාලා කාලා බිලා එන්න ලෑස්ති. බස් එක ආවාට වඩා වේගෙන් සැහැල්ලුවෙන් යනවා වගේ අපිට තේරුණා. ටිකක් වටපිට බැලුවහම මෙන්න ඉස්කෝලෙට හිටපු ලොකුම එකම වල් අලියා නෑ. අහ් දැන් වල් අලි නැනේ. වන අලියා. මල මගුලයි. මේකා මුහුදෙවත් ගහගෙන ගියාද.....? නෑ නෑ... අපි එකාව මුහුදට බැස්සුවේ නෑ. මුහුද ගොඩ ගලයි කියලා. මුට මොකද උනේ....

    වෙන එකෙක් නම් අමතක උනත් අවුලක් නෑ. දැක්කේ නෑ කියන්නවත් තිබ්බානේ. ඒත් මේ පර්වතයක් වගේ හිටපු වන අලියා අමතක උනා කිව්වාහම. හිතා ගන්න පුළුවන්නේ උගේ පන්තියේ එවුන්ගේ සිහිය ගැන. බස් එක අයින් කරලා නැවැත්තුව අනිත් බස් ටික යනකල්. දැන් බස් වල අලියෙක් ඉන්නවද කියලා බලනවා. එතකොට  එක බස් එකක් අයින් කරලා අනිත් පැත්තෙන් නැවැත්තුවා. බස් එක  එක පාරටම උඩ ගියා. යන්තන් ඇති වගා පාළුවා ඒ බස් ඒකෙන් බැස්සා. බැස්සද? බැස්සුවද? කියලා තම හරියටම දන්නේ නෑ. ඇවිත් සතුටින් අපේ බස් එකට නැග්ගා. අයියෝ අපේ බස් එක පාත් උනා. දැන් ඔය යන්නේ ආයෙත් ඇද ඇද අන්තිමේට. නැග්ග ගත්තේ අපරාදේ කියලා හිතුනා. දුක තමා.

         කොහොම හරි පොළොන්නරුවටත් ආවා ඇද ඇද. දැන් බස් එක හරවන්න reverse කරනවා. අපේ පණ්ඩිත හැත්තට ඉන්න බැනේ. reverse කරන්න උදවු කරනවා.

"හරේ ගන්න....අංකල් පස්සට reverse කරන්ඩ..."

"හරේ දැන් full කපලා තව ටිකක් කපන්න....."

    මේ අතරපස්සහම හිටපු තව එකෙක් අමාරුවෙන් පස්ස හැරී අංකල් reverse කරනවා දැකලා....

"මාරුවෙන් හැරී හැරී reverse කරන්න ඕනේ නෑ අංකල්.....ඔය රවුමත් අරන් මෙහෙට එන්නඩො.... මෙතෙන්න හොදට පස්ස පේනවෝ...."

මුන්ට තියෙන්නේ වක්කඩ වගේ කටවල්නේ.....

Thursday, November 3, 2011

Address නැති වීම.

             අපි Revision යන කලේ දවසක් කොළඹ පැත්තේ ස්කොලෙකින් මල්ලිලා වගයක් ආවා Project එකට සමීක්ෂණයක් කරන්න. ඔන්න ඔක්කොටම තඩි කොලයක් දුන්න පුරවලා දෙන්න කියලා. මාර දේවල් එකේ පුරවන්න තිබ්බේ. හෙන ගේමක් දීලා අමාරුවෙන් පුරවා ගත්තා.


             මට එහා පැත්තේ හිටියේ පොයියාය. මගේ අති ජාත මිත්‍රයෙකි. කිව්වොත් පොයියකි. ඉදහිට ඇත්තද පවසයි. ඇත්තේ වක්කඩයක් වැනි කටකි. ලැජ්ජාවක් කියා නාමයක්වත් නැත. පාසලේදීත් මට සමීපයේ හිටියේ ඔහුය. ඒ නිසා මගේ වම් කනේ ඇසීමේ දුරුවල කමක් එකල පැවතිනි. ඔහු නැතිදාට පන්තිය සොහොන් පිටියක් වැනිය. හිටිනදාට ඉරිදා පොළ වැනිය. කවුරුන් හෝ පන්තියේ කර වුවහොත් එයට පොයියාද වග කිව යුතුය. පොයියාට රහසක් කියනවාට වඩා පත්තරේ දැමීම හොද බව කවුරුත් දනී. එවන් අජුත කටක් ඔහුට ඇත. පොයියාගේ සැම වචනයකින්ම කෙනෙකු අපහසුතාවයට පත්වන සුළුය.


           මේ අතරේ කොළ ටික එකතු කරගෙන යනවා. මල්ලි කෙනෙක් පොයියාගේ කොළේ අරගෙන බලලා


"අයියා මේකේ Address එක දාලා නෑ" කියලා ඇහුවා.


"පිස්සුද මල්ලි..... ගියපාර Result ආවට පස්සේ අපේ Address නැති උනානේ" අපේ එකා කිව්වා.


            මෙහෙම දෙයක් නොකිව්වනම් තමා පුදුමේ. අර මල්ලි මොකුත් නොකියම යන්න ගියා.


            අර පොඩි එකා මොනවා හිතුවද දන්නේ නෑ. කොහොමත් ඔහොම Project කරොත් Address නැති වෙනවම තමා. අපිත් Project කරානේ. Project කියලා වැඩියෙන්ම කරන්නේ පොත් හදන එකනේ. අපේ එවුන් නම් වැඩිම උනොත් බලාගෙන මොනවා හරි ලියයි. ඊට වඩා වැඩි දෙයක් නම් කරන්නේ නෑ.


           අපේ එකෙක් තිබ්බ නම ඉරලා එතන තමන්ගේ නම අලවන්න යද්දී එතන තව නම් 5 විතර තිබිලා උඩට උඩට අලවලා. රජ කලේ ඉදන් එන Project එකක් එක. ඒ අතරේ කෙල්ලෙක්ගෙ නමකුත් තිබිලා. ඒක ස්කොලෙන් පිටත් ගිහින්. ජාත්‍යන්තර Project එකක්. 


           සමහර project බර දෙද්දී මැඩම් කියනවා.


"මේ Project එක නම් මම දැකලා තියනවා"


          දීපන්කො උත්තර......


           කොහොමද මැඩම්ගේ මතකේ. අමතක උනානනම් තමා පුදුමේ. හැම අවුරුද්දෙම එක එක්කෙන එකම Project එක දෙද්දී. මැඩම් හොද හින්දා හොදයි.


           අනිත් එක තමා Group Project එක. මම තම හොයනවා මම හිටිය Group එකයි අපි කරපු Project එකයි මොකක්ද කියලා. මැඩම් කණ්ඩායම් කරලා Project එකත් කරලම දීලා. අපි එක්කෙනෙක් වත් දන්නේ නෑ අපේ කණ්ඩායම. ලකුණුත් තියෙනවා හොදටම. ඔන්න ඔහොමයි ගුරුවරු අපිට සැලකුවේ.