Friday, December 26, 2014

පොඩි එකාට අවවාදයක්



        අපි කාලයක් බලන් හිටපු මළ ගෙදරක ගියා මීට කාලෙකට කලින්. අනේ වාසනාවන්. අවුරුදු ගානක් බලන් හිටියා ඕකට. දන්නා කියන ගොඩක් එවුන් ඇවිත් හිටියා. ඔය අතර අපේ අතා දවස් දෙකක් තුනක් එහෙම ඉදලා එහෙ පවුලේ එකෙක්ම වගේ වෙලා. පිටින් එන අය අහනවලු "පුතා මෙහේද?" කියලා.

         අතා, ගහේගේ අම්ම නැති උනා කියලා තමා ගහේගේ අත්තම්මගේ මළගෙදර ඇවිත් තියෙන්නේ. මේකා ලජ්ජා නැතුව ගහෙට කියනවා "අඩෝ සොරි බං, මට උබලගේ අම්මා මරන්න සිද්ද උනා. උබ වැඩේ ලික් කරන්න එහෙම එපා" කියලා. මේ වගේ පුත්තු රටකට සම්පතක්.


      කතා කර කර ඉන්න ගමන් අතා පොඩි එකෙක් පෙන්නලා කියනවා,


"අඩෝ උබ දන්නවද? මේකට කියන්නේ බාගයා...
මේකාගේ පියා හවසට ගහන්න තිබ්බ බාගයක් මේකා තනියම ගහලානේ....
පව් බන් අර වැඩ කරලා, වැඩ කරලා මහන්සි වෙලා ගෙදර එන මනුස්සයා, එක්කෝ කාලක් ගහපන්, අර මනුස්සයාට ඉතුරු කරලා.....
නැත්තම් කාලක් ගහලා ඉතුරු ටිකට වතුර පුරවපන් අපි වගේ...."


        ඔන්න ඔහොමයි වැඩිහිටියෝ වශයෙන් පොඩි එවුන්ට උපදෙස් දෙන්නේ. ඉගෙනගනිල්ලා...



Sunday, February 2, 2014

කයිසෙන් යෝජනා

 

    මම 9 වසරේ වගේ ඉන්නකොට 5S සංකල්පය ඉස්කෝලේ හොදටම කරගෙන ගියා. ඕකේ කයිසෙන් යෝජනා කියලා කොටසකුත් තිබුණා. අපේ අදහස් යෝජනා ඕකට තමා දාන්න ඕනේ. 


    මම දන්න විදිහට අපේ එවුන් නම් ඕකට වැඩකට ඇති යෝජනා නම් දාලා නෑ. පන්තියට එක ගානේ කයිසෙන් යෝජනා පෙට්ටි තියෙන්න ඕනේ කියලා හදිස්සියේම ආරංචියක් ආවා. පන්තියේ වග කිවයුතු ශිෂ්‍යයෙක් වශයෙන් මමම මේක හදන එන්න බාර ගත්තා. ගෙදර ගිහින් කාඩ්බෝඩ් පෙට්ටියක් හොයාගෙන වටේට කොළ අලවලා, කයිසෙන් කියලා ලොකුවට ගහලා, ගිහින් පන්තියේ එල්ලුවා.

    ගින්නක් නැ පන්තිය දැන් අංග සම්පුර්නයි. දවස් දෙක තුනකට පස්සේ කයිසෙන් ගැන පොඩි හැදින්වීමක් තිබ්බා අපේ පන්තියේ තව පන්ති දෙක තුනකුත් දාලා. කොල්ලෝ අපේ එවුන්ගේ ඔඩොක්කෙත් එක්ක. මොනවදෝ මොනවදෝ කියලා, (අපි අහන ඉන්නෙත් නැනේ) අන්තිමේට මැඩම් 

"අහ මේ පන්තියෙත් ලස්සන කයිසෙන් පෙට්ටියක් තියනවා. බලමු මොනවද තියන යෝජනා"

කියලා පෙට්ටිය අරන් හොලවලා බැලුවා. අපේ එවුන් දාපු චෝක් කෑලිද කොහේදෝ හෙලවෙන්නවා. 

"යෝජනා ගොඩක් තියනවා වගේ."

කියලා මැඩම් හතර වටේ කරකනවා පෙට්ටිය. 

"ළමයි මේකේ කොහෙන්ද යෝජනා එලියට ගන්නේ." 

හුටා එළියට ගන්න තැනක් හැදුවේ නැනේ මම. පන්තියේ එවුන් මගේ දිහා බලනවා වස නෝන්ඩිය.

මැඩම් ගියාට පස්සේ කට්ටියම එකතු වෙලා, කවුළුවක් කපුවා යෝජනා එලියට ගන්න. නොදකින් මුන් දාලා තියන යෝජනා, හොද වෙලාවට යෝජනා ටික මැඩම්ට බලන්න බැරි උනේ....


http://mixedmartialworld.com/be-all-that-you-can-be-with-kaizen/