මේකත් පොයියා Address නැති කරපු පංතියේ වුන වැඩක්. ඉස්සර ඉස්කෝලේ ගිය කලේ වගේම තමයි, ඉස්කෝලේ හිටපු ඔක්කොමයි, අනිත් ඉස්කෝලවල ඔක්කොමයි රිවිෂන් එකේ. ඒ හින්දා ෆන් එකේ ඉන්න පුළුවන් උනා. අපි නම් ඉදිරි පෙළ තමා ක්‍රීඩා කරේ. ඒත් පසු පෙළ තරම්ම ආතල් තිබ්බා. මොකද පොයියා ( තවත් වැඩර් කෙනෙක් ) හිටියේ අපිත් එක්කනේ.
මාත් එක්ක එකට රිවිෂන් ගියපු එකෙක් තමා මුට්ටියා. අපේ ගෙවල් පැත්තේ හිටියේ. ඒ හින්දා යන්නේ එන්නේ එකට. වෙලාවට වැඩ කිරීම නම් සුපිරි. මම හැමදාම විනාඩි 10කට වඩා ඉන්නවා හෝල්ට් එකට වෙලා ඕකා එනකල්. වැඩේ කියන්නේ පරක්කු වෙන හැමදාම මේකට කියන්න දෙයක් තියෙනවනේ.
කෙමෙන් කෙමෙන් කාලය ගෙවිලා රිවිෂන් පන්තියේ අන්තිම දවසටත් ආවා. අන්තිම පැය කිහිපය ළමයිට සිංදු කියන්න වෙන් කරලා තිබ්බේ (නෑ.. නෑ.. ඒ සිංදු නෙවෙයි යකෝ.). කොල්ලෝ ස්ටේජ් එකට නැගලා සිංදු කියනවා ඉවරයක් නෑ. එක කෙල්ලෙක් නෑ ආසාවට. ඔය අතරේ පෙන්දිට ට්‍රයි කරපු කොල්ලත් " උණුහුම....." සිංදුව කිව්වා.
මේක මුට්ටියා බයිට් කරන්න හොදම වෙලාව කියලා හිතපු පොයියයි මමයි මුට්ටියා වට කර ගත්තා. " බලපන් යකෝ අරු නම් සිංදුවක් කියලා පෙන්දිගෙන් ලකුණු දා ගත්තා. තොත් සිංදුවක් වත් කියලා ලකුණු ටිකක් ද ගනින්.... නැත්තම් වස නෝන්ඩිය..."
කාගේ මෝඩකමද දන්නේ නෑ. මුට්ටි එක පාරටම සර්ට පෙන්න අත උස්සලා නැගිටලා ඉස්සරහට ගියා. අපි නම් හිතුවෙම මු අපිට විහිලු කරනවා කියලා, කවුද දන්නේ මුට මෙච්චර ගතක් එයි කියලා. මුට්ටි මයික් එකත් අල්ලන් ස්ටේජ් එකට නගින පඩිපෙළේ පඩි දෙකක් නැගලා සිංදුව කියන්න පටන් ගත්තා. කිව්වේ " මතු දාක කාසි නිසා....". මම දන්න කාලේ ඉදන් ඕකගේ කටේම තිබ්බේ ඔය සිංදුව තමා. මට නම් එපා වෙලා තිබ්බේ මුට්ටියා ඔය සිංදුව කියනවා අහලම. මෙච්චර වෙලා කෑගගහ හිටපු අපේ එවුන් සද්දයක් නෑ. ඒත් අනිත් එවුන් කෑගහනවා.
එක පාරටම මුට්ටියා සින්දුව නැවැත්තුවා. මල කෙලියයි මුට සිංදුවේ ඉතුරු ට්ක අමතක වෙලා. දස අතේ කල්පනා කරනවා. දිවා රෑ නොබලා මුමුණන සිංදුව මුට අමතක උන එකත් පුදුමයි. අපි කල්පනා කරේ මේකා ස්ටේජ් එකෙන් බැහැලා ආවා නම් නෝන්ඩියක් නෑ කියලා. ඒත් මේකා එන පාටක් නෑ. තප්පර 30ක් විතර මුට්ටි පඩිපෙළ උඩ සිංදුව මතක් කරනවා. එක පාරටම මුට සිංදුවේ ඉතුරු ටික මතක වෙලා කියන්න පටන් ගත්තා. අවුලක් නැතුව ඉවර වෙන කල්ම කියා ගත්තා යන්තන්. සිංදුව ඉවර කරලා " ස්තුතියි... මගදී සිංදුව අමතක උනා. එකට සමාවෙන්න .... " කියලා මුට්ටි බැහැලා ආවා. ස්ටේජ් එකෙන් මගදී බැහැලා ආවට වඩා ඒක නම්බුකාරයි කියලා අපිට පස්සේ තේරුණා.
අවුලක් නෑ වැඩේ ලස්සනට ගියා. ඒත් මුට්ටිට අප්සෙට්. ටිකකින් මුටම අවුල් කියලා හිතිලද කොහේදෝ " අපි දැන් ගියොත් හොදයි නේද බං ? " කියලා බැග් එක අතට ගත්තා. මොනවා කරන්නද අපිත් මේවට වග කියන්න එපයිනේ. ඉතින් ෆිල්ම් එක ඉවර වෙන්නත් කලින් මුට්ටියි, මමයි නැගිටලා ආවා.
එලියට යන්න ආවට යන්න විදිහක් නෑ. ළමයි පොළින් ගැහිලා සර්ට වදිනවා. අන්තිම දවසනේ. එලියට යන්න ඕනේ නම් පෝලිමේ ඉන්න වෙනවා. හෝල් එකේ මැද අපි පෝලිමේ හිටගෙන. හෝල් එකේ ඔක්කොටම පේනවා. එහා පැත්තෙන් කෙල්ලොන්ගේ පොලිමකුත් හැදෙනවා. මුට්ටියා දිහා කට්ටිය නොන්ජලේට වගේ බලනවා අපිට දැනුනා. පෝලිමේ හිටියොත් අගුරු වෙන්නම කර වෙන්න වෙනවා. මෙච්චර කලි ඉගෙන ගත්ත භෞතික විද්‍යා දැනුමයි ස්ථානෝචිත මෙව්වා එකයි දාලා බංකු උඩින් ගිහින් බැම්මෙන් පැනලා එලියට යන්න අපි තීරණය කරා. හොද නරක හිතන්න වෙලාවක් නෑ. අපි සැලසුම ක්‍රියාත්මක කරා.
එලියට ආවා විතරයි පොයියා කෝල් කරනවා. " හිටපන් යකෝ අපිත් එනවා." බලනකොට කොල්ලෝ සෙට් එකක් අපේ තියරිය භාවිතා කරමින් හෝල් එකෙන් එලියට එනවා. සර්ට වදින්න හිටියොත් අපේ රෙදි ගැලවෙයි කියලා හිතලා අපි සර්ට වදින එක පස්සට කල් දාලා ගෙදර එන්න ආවා. බස් තොර තොර ඉන්න අපි එදා ආපු පලමු බස් එකේම නැගලා වෙනදාටත් වඩා කලින් ගෙදර ආවා.
හී හී :)
ReplyDeleteකුමටද උපමා ඉතිහාසේ උනු වෙන චා කථා වලින් ......... මැක්සා ....... දිගටම ලියමු
ReplyDeleteලියන්න නම් දහසක් දේවල් ඇත... වෙලාවක් තමයි නැත්තේ...
Deleteහී... :) :) මටත් මතක් උනා අපේ පන්තිය... ඒ කාලේ මරු ... :)
ReplyDeleteආයෙත් පන්ති යන්න හිතෙනවා....
Deletehah hah hah mathakai mathakai seen 1....maxa aaah....ubala ehema giya kiyala danne adane bn.....hehee
ReplyDeleteඑහෙම තමයි යකෝ වත්ත වටේ කිය කිය යන්න වෙලාවක් තිබ්බේ නෑ....
Deleteමෙහෙම ගියොත් අරකා ඇවිත් වෙඩි තියනවා උබට...............
ReplyDeleteඑහෙම උනොත් අපි 2න්නට යන්න වෙන්නෙ හදට..........
පෙන්දත් අනෙ china bay යන්න ගියා දුකට..........
පෙන්දි ඉදී මග බල බල පෙන්දා නෑ ගෙදර..............
"පෙන්දි ඉදී මග බල බල පෙන්දා නෑ ගෙදර.............."
Deleteඋබ කොහොමද ඒක දන්නේ... උබ ගෙදරවත් ගියද?? :P
චන්ද රැස්වීමක එකෙක් ඒ දවස්වල ජන්ප්රියවෙලා වෙලා තිබුන "ගාලු කොටුවේ "සින්දුව කියන්න ගිහින් නා ගත්තා හොදටම ,මූ සින්දුව නතරකරන් ඉන්න කොට ගෘප් එකේ එකෙක් සින්දුව කියලා ජාමේ බේරලා දුන්නා නමුත් ඊට පස්සේ උගේ නම උනේ "ගාලු කොටුව "
ReplyDeleteමුට්ටියට සින්දුව මතක් කරලා දෙන්නවත් සිහියක් අපිට තිබ්බේ නැනේ..... :(
Deletekshare wenna ati e kale wge track eke music kare
ReplyDeleteමේකා ජිවිතේටවත් ඒ සිංදුව අහලා නෑ වගේ...
Deleteමටත් මතකයි ඔය සීන් ඒක...
ReplyDeleteඑදා පෙන්දී හිටියේ අපි හිටපු තැනට එහා පැත්තේ...
පෙන්දා සින්දුව කියනකොට එතන හිටි පෙන්දීගේ සෙට් එකම ඒකිව හපේට අරන් හිටියේ... අරූව වීඩියෝ කරනවා.., පොටෝ ගන්නවා.., අරකිව කොනිත්තනවා.., ඒක විකාරයි!!!
ඔය අස්සෙම තමයි සින්දුවේ හොදම හරිය අරූ කියන්න පටන් ගත්තේ..,
"හිරි වැටුණු මගේ දෙතොලේ සීතල නැති කරලා.. හැංගිච්ච ඔය සුසුමේ උණුහුම මට දීලා.."
අආආා...,පාරක් ආවා කියන්නේ.., අපිත් හිරි වැටුනා ඕන්!!!
අරූ සින්දුව කියනවා හෙන මූඩ් එකේ..,අරකි ඉන්නවා මූඩ් එක දෙපිටින් ගිහින් මූණ කජු ලෙල්ල කරගෙන...
අපිටත් ඉතින් මාරු විසුවල් එක...
:D
ම්ම් ඒ ගැනනම් එච්චර මතකයක් නෑ අයියෝ!!! sorry වෙන්ඩෝන...
Deleteතියෙන සොච්චම් මතකේ හැටියටනම්.., අපි බැලුවා මොටෝ මේ උලේ කියල.., එක පාරටම මග නවත්තද්දී... අපේ එකෙක් ටිකක් සද්දෙන් කිව්වා ඊට පස්සේ ටික.., අරූට ඇහුනේ නෑ ඉතින් සෑහෙන දුර අපි හිටියේ!!!
එච්චර දේවල් උනාද? අපේ එකා සිංදුව කියද්දී විසුවල් ඒකත් කියපන්කෝ.....
Deleteපතන පෙම්වතිය වෙනුවෙන් දිවි පරදුවට තියලා සින්දු කියන අර මොකෙක්දෝ ජාතියක එකෙක්..... නරකක් නෑ
ReplyDeleteඕව් ඕව් අමුතුම ජාතියේ එකෙක් තමා....
Deleteඅඩෝ එල එල.. පොයිය හැම තැනම ඉන්නවනේ :D
ReplyDeleteඕකා හැම මගුලටම ඔළුව දානවනේ....
Deletenaziyarge seen eka neee...matath mathakay....lol....
ReplyDeleteඒ සීන් එක තමා....
Delete