Friday, August 9, 2013

Facebook for Engineers


  ඉස්සර අපිට තිබ්බා Computing for Engineers කියලා සබ්ජෙක්ට් එකක්. ඉගැන්නුවේ Mathlab. එපා වෙනවා ලෙක්චර්ස් යන්න. හොදකට තිබ්බේ ලෙක්චර්ස් තියෙන්නේ ලැබ් එකේ. ඒ හින්දා Mathlab කෙසේ වෙතත් වෙන වෙන වැඩ කර ගන්නවා.

  මුලදී කට්ටිය ටිකක් වැඩ කරා. කෝඩ් ගහලා උත්තර ගත්තා. ඒක එපා වෙන වැඩේ. සමහර වෙලාවට රචනාවක් වගේ කෝඩ් ගහන්න ඕනේ එකකට උත්තර ගන්න. සර් කරන්නෙත් සර්ගේ presentation slides වල තියන කෝඩ් කොපි පේස්ට් කරන එක. අපිත් සර්ගේ අඩි පාරේ ගියා. කොපි පේස්ට් වැඩේ නැගලම ගියා. ඒ හින්දා ටික දෙනෙක් ලෙක්චර්ස් එන එකත් නැවැත්තුවේ, ගෙදර ගිහින්ම කොපි පේස්ට් කර ගන්නම් කියලා. ඉතුරු එවුන් ටිකත් කොපි පේස්ට් පාරක් දාලා උත්තරේ අරන් Facebook යන්න පටන් ගත්තා. ටික දවසක් යද්දී Mathlab කෙසේ වෙතත් කට්ටිය Facebook ලොග් වෙලා ඉන්නවා. අන්තිමේදී කට්ටියට Mathlab බැරි උනාට Facebook Communication Skills හොද තත්වයකට ආවා. ඊට පස්සේ ඇඩ්මින් එක සබ්ජෙක්ට් එකේ නමත් Facebook for Engineers කියලා වෙනස් කරන්න යනවා කියලා තමා අපේ එවුන් කිව්වේ. :P


  විභාග ලං වෙද්දී තමා කට්ටියටම මතක් වෙන්නේ මෙහෙම සබ්ජෙක්ට් එකකුත් තියනවා කියලා. එකෙක්ටවත් හරියට Mathlab බෑ. 

  Engineering Maths කරපු සර් නම් පට්ට. හොදටම කියලා දෙනවා. හදන ගණන් විභාගෙටත් එනවා. ඉතින් අපේ එවුන් සර්ගෙන් Mathlab කියලා දෙනවද කියලා ඇහුවා.

සර් හිනා වෙලා, "Mathlab ලේසි සබ්ජෙක්ට් එකක්නේ. අපි ඒ දවස් වල Mathlab කරන්න ගියේ ටයිපින් ක්ලාස් යනවා කියලා". අපේ එවුන් කර වෙලා ගියා. සර් නොදැනෙන්න අපිට කින්ඩියක් දැම්මේ.

එතකොටම කවුදෝ එකෙක් "අපි නම් යන්නේ කොපි පේස්ට් ක්ලාස්" කියලා කිව්වා. සර් හිතා ගන්න ඇති  අපිට Mathlab බැරි වෙන්න හේතුව. 

http://forum.xcitefun.net/facebook-class-room-t68884.html