Wednesday, January 2, 2013

පාසලකට සැබවින්ම ආදරය කරන්නවුන්..



   ඉස්කෝලේ ගිය අන්තිම කාලේ ඉස්කෝලෙට වෙලාවට ගියේම නෑ. ඒ කාලේ සීසන් එක කියලා එකක් තිබ්බා. ඒ හින්දා CTB බස් එකක් එනකල් හෝල්ට් එකට වෙලා බලාගෙන ඉන්නවා. උදේ පාන්දර ගිහින් අපේ එවුන් බෝල ගහන දිහයි, සින්දු කියන දිහයි බලන් ඉදලා මානසිකව වැටෙනවට වඩා හොදයි දෙන කීය කීය හරි ඉතුරු කර ගෙන CTB බස් එකක එන එක. ඉස්කෝලෙට වෙලාවට යන්න පුළුවන් බස් එනවා. හැබැයි පට්ට සෙනගක් ඉන්නේ. නැත්තම් පාරෙන් එහා පැත්තට ගිහින් අත දාන්න ඕනේ නවත්ත ගන්න. තව විකල්පයක් තිබ්බා. කවුරු හරි ගැනු පරානයක් අත දැම්මා නම් හරි. එහෙම අත දාන්නවත් කෙල්ලෙක් ඉතුරු වෙන්නේ නෑ, බාලිකා පාසල් සේවා බස් 3ක් 4ක් තියන හින්දා. අපිට කියලා තිබ්බෙත් එක බස් එකයි. එකෙත් යන්න පුළුවන් දවසට යන්නේ නෑ කලින් ඉස්කෝලේ යන්න වෙන හින්දා.

   බස් එනකල් හෝල්ට් එකේ ඉන්න කොට මාත් එක්ක ඉන්නවා අපේ ඉස්කෝලෙම පොඩි එවුන් දෙතුන් දෙනෙක්. උනුත් අපි වගේමයි. මුන්ට කට කැඩෙනකල් කියලා තියෙනවා කලින් ඉස්කෝලෙට පලයල්ලා, ගිහින් හොදට ඉගෙන ගනින් අපි වගේ කියලා. මුන් කනකට ගන්නේ නෑ.

හත, හතයි කාල වෙනකොට බස් පෝලිමක් එන්න පටන් ගන්නවා. සෙනගත් නෑ, බොක් එකකතුත් නෑ, පාඩුවේ යන්න පුළුවන්. 7.35ට කලින් ටවුන් එකට යන්න පුළුවන්. 7.45ට කලින් ඉස්කෝලෙට ගියොත් උදේ තියන හැම මගුලක්ම ඉවර වෙනකල් ගේට්ටුවෙන් එලියට වෙලා ඉන්න වෙනවා. එහෙම උනොත් මහජනතාවට චාටර් වෙනවා. ඔය මගුල් ටික ඉවර වෙලා ගියොත් කෙලින්ම ඇතුලට යන්න පුළුවන් නම ලියා ගෙනම. නම ලියා ගත්තට අවුලක් වෙන්නේ නැ. ඒත් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ගියාම තමා කෙල වෙන්නේ. බොරු මතක් වෙන්නෙත් නැ.

   පරක්කු වෙන සෙට් එකේ හිටියා පුඩිමා කියලා එකෙක්. පොරට බොරුවක් තාත්විකව කියා ගන්න පුළුවන්. අතර මගදී පොරට බොරුවක් කියලා දීලා ඉස්සරහින් යවනවා. පොර එතන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනට සාර්ථකව මුහුණ දීලා අම්බානක බැනුම් අහනවා. ගොඩක් වෙලාවට කියන්නේ කොහේ හරි ඩොටේ පැත්තක ඉන්නේ කියලා, එක බස් එකයි තියෙන්නේ කියලා, ඕක මගදී කැඩුනා කියන්න එක. තව පයින් ආපු සින් ටිකකුත් සෙට් කරාම වැඩේ ගොඩ. ඔය මොනවා කිව්වත් මැඩම් දන්නවා මුන් අත අරින්නේ ටෝම්බ් නයෙක් කියලා. ඒත් නිර්මාණශිලිත්වයට පොඩි සමාවක් හම්බෙනවා.


   පුඩිමා අම්බානක අහගන්නවා කියන්නේ අපි ගොඩ. "මැඩම් අපි ආවෙත් ඒ බස් එකේ තමා" කිව්වහම ආයෙත් රෙකෝඩ් එක රිපීට් කරන්න බැරි හින්දා නම ලියාගෙන එලවනවා. අවුලක් නෑ කියන්නේ බොරු නම්නේ.


  එතනින් බේරුනාට අපේ ශිෂ්‍ය නායක අයියලාගෙන් බේරෙන්න අමාරුයි. මට අවුලක් නැ. අපේ එවුන්මනේ ඉන්නේ. මග දිගට මට කණක් ඇහෙන්න නෑ "අනේ බුදු අයියේ මාවත් බේර ගනින්" කියලා. දවසක් දෙකක් බේරලා යැවුවා. ඒත් හැමදාම කරන්න බැනේ ඕක. කලින් ඉස්කෝලේ පලයල්ලා කිව්වට අහනෙත් නැනේ. ඕන මගුලක් කර ගනිල්ලා කියලා, "මුන්ගෙන් හොදට වැඩ ගනිල්ලා" කියා ගෙනම මම යන්නේ. 

   ඒත් මුන් හැදෙන්නේ නැ. පරක්කු වෙලා ඇවිත් කොරිඩෝ අතු ගානවා, මිදුල් අතු ගානවා, කුණු අදිනවා, වල් ගලවනවා, මල් වලට වතුර දානවා. ගෙවල්වල කොස්සක් ඉදලක් අල්ලන් නැති එවුන්නේ. පුදුම ආදරයක් තියෙන්නේ ඉස්කෝලෙට. 


   මට හිතුණේ අපිට වඩා මුන් කොච්චර ඉස්කෝලෙට ආදරෙයිද කියලා. 

http://qflf.wordpress.com/2011/05/17/clean-sweep/

  


8 comments:

  1. ඉස්කෝලෙට ඇතුල් වෙන්න හොර පාරවල් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. නැනේ.. ඇතුල්වීම හා පිටවීමට තිබ්බේ එක ගේට්ටුවයි. ඒක තිබ්බෙත් පිනාගේ ඔෆිස් එක ගාවනේ....

      Delete
  2. අපේ ඉස්කෝලේ නම් ඒකේ අනිත් පැත්ත පරක්කු වෙලා එන එකා කිසි අවුලක් නැතුව පන්තියට එනවා කලින් එන අය තමයි අතුගාන්න මල් වලට වතුර දාන්න සෙට් වෙන්නේ එකත් මගඇරියොත් කලින් ඇවිත් වැඩ කලේ නෑ කියලා අව්ව තපින්න සෙට් වෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. අපේ ඉස්කෝලේ අව්ව තපින්න තියලා කොල්ලෝ කාලකන්ණි කරේ නෑ. ඒ වෙලාවෙත් අනාගතයට හරියන රැකියාවකට පුරුදු කරා.

      Delete
  3. api itn scleta samaja sewayak ne kare late wela awit.....anik oya smahr ayt smahr wdda tbuna hlt eke ai eka gna kyl natte

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ ඒ සෙට් එකේ එකෙක්. තොපේ සමාජ සේවය මම නොදන්නවය :P

      ආ.... කට කට ඒවා මෙතන කියන්න එපා යකෝ...

      Delete
  4. Replies
    1. උබලා කලින් යනවනේ.. බස් දෙක තුනක යන්න තියන එවුන්නේ. :P

      Delete