Friday, May 24, 2013

විද්‍යා පොළ





උසස් පෙළ කරන කාලේ අයිස් ගහන්න සෙට් වෙන හොදම වැඩේ තමා මොකක් හරි ඩේ එකකට සම්බන්ද වෙන එක. කට්ටිය 13 වසරට යනකල් බලන් ඉන්නවා ඩේ එකක් කරන්න. අපිත් අයියලාගේ අඩි පාරේ යමින් පවිත්‍ර පිවිතුරු  සිතින් ඩේ එකක් කරන්න ලෑස්ති වුණා.

මොනවා හරි කරලා අයිස් පාරක් ගහන්නනේ ඕනේ. ඒ හින්දා කට්ටියම විද්‍යා පොළක් කරන්න ලෑස්ති වුණා. 


සාමානයෙන් ඩේ එකක් අපේ එවුන්ගේ ටැලන්ට් ෂෝ එකක් කර ගන්නවනේ. ඒත් මේ විකාරේ එහෙම කරන්න බෑ. යොදා ගන්න පුළුවන් ස්වාභාවික සංගීතේ විත‍රයි. ඒ වගේම කියන්න ඕනේ විද්‍යාවට සම්බන්ධ ගීත. ඔය නීති හින්දා අපේ කට්ටිය අවුලෙන් හිටියේ. මොනවා කරන්නද මොනවා හරි කරන්න ඕනේ හින්දා කට්ටිය වැඩේට සෙට් වුණා.


හැම නිතියකටම හරියන්න කරන්න තියන වැඩේ තමා තියන සින්දුවක් විකෘර්ති කරන එක. ඒ වැඩේ පොයියා ඇතුළු පිරිස බාර ගත්තා. ඕක ඉතින් කලින් නොකරපු වැඩක්ද? අමාරු වැඩකට තියෙන්නේ හැමෝටම අහන්න පුළුවන් වචන ටිකක් දාන එක තමා. දවසකින් විතර කට්ටිය රම්බරි සින්දුවේ වචන මාරු කරලා අපිට හරියන සින්දුවක් හදා ගත්තා. වැඩේට ගැළපෙනම සින්දුව. ඩේස්වලට තට්ටුවක් දාගෙන රියසල් කරද්දී පොඩි රෙකෝඩ් පාරක් දාගත්තා බුදු ගේමක් දීලා.








ප.ලි.

කොච්චර මහන්සි වෙලා වැඩ කරත් මේ මගුල තිබ්බේ නෑනේ. අපරාදේ අපේ මහන්සිය. අන්තිමට අපිට ඩේ එකකුත් නැති වුණා නොදන්න මගුල් කරන්න ගිහින්. ඉතුරු වුනේ විකෘර්ති කරපු සින්දුවක් විතරයි. 



http://www.lascifair.org/site-coordinators/site-coordinators/

4 comments:

  1. :P මාරු සින්දුව මචන් :)

    ReplyDelete
  2. Pasubim sangithaye math hitiya wage mathakai........

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ඉන්න ඇති. පන්තියේ ඔක්කොම වට වෙලා හිටියනේ :P

      Delete