Tuesday, October 2, 2012

පුසෙක් ගුරුවරියකට කල හදියක්

ඉස්සර අපේ ඉස්කෝලෙට හවස් යාමේ කොහෙදෝ ඉදලා කාලකන්නි පුසෙක් එනවා. උදේට මේකා හොයා ගන්නත් නෑ. සමහර දවස්වල උදේ පාන්දර එන හැම එකගේම සිත කුල්මත් කරන දර්ශනය පුසාගේ බොක ගොඩ. සමාන්‍යයෙන් පුසෙක් ඔය වැඩේ කරන්නේ වලක් හරලා පිලිවෙලටනේ. මේ නැහැදිච්චි පුසා, පුස් ආචාර ධර්ම අමු අමුවේ උල්ලංගනය කරලා කිසිම හිරිකිතයක් නැතුව උඩ තට්ටුවේ කොරිඩෝවේම දාලා යනවා. උදේ පාන්දර ඕක දකින එවුන් පුසාගේ දේවාලය මහන්න හිතාගෙන තමා පන්තියට එන්නේ.

මොකෙක් හරි වාසනාවන්තයෙක්ට ඕක අයින් කරන්න වෙනවා. සමහර දවස්වල මොකෙක් හරි අල්ල ගන්න බැරි උනොත් මම යන වෙලාවටත් ඕක තියෙනවා බැබලි බැබලි. චික් දවසම ඉවරයි. 

දවසක් දොරත් එකක්ම තියෙන වංගුවක අපේ පුසා අපිට තෑග්ගක් තියලා ගිහින්. ඕක අයින් කරන්න වගකිය යුත්තන්ට එකෙක් හොයා ගන්න බැරි වෙලා. අපි ලැබ් එකට යන්න එලියට බැහැලා හිටියේ. කෙමෙස්ට්‍රි මැඩම් දොරෙන් ඇවිත් වංගුව ළගින් කපලා ගත්තා, කකුලක් බොක ගොඩේ. ඈක්කා...

මැඩම් මුණත් ඇඹුල් කරගෙන නොන්ඩි ගගහා පහළ ටැප් එකට ගිහින් පුසට බැන බැන කකුල හොද ගත්තා. මොනවා කරන්නද? කවුරුත් දැක්කේ නැත්තම් ෂේප් එකේ අයිනක පිහිදාගන්න තිබ්බා. අපේ එවුන් කරනවා වගේ. කට්ටියම සීන් එක දැක්කේ නෑ වගේ ලැබ් එකට දුවගෙන ඇවිත් මුල්ලක් අල්ලන් බඩ අල්ලගෙන හිනා වෙනවා.

ඔය අතරේ වක්කඩයක් වගේ කටක් තියෙන පොයියා සීන් එක දැක්කේ නැති එවුන්ට රංගනයත් සමග කතාව කියනවා....

ඊට පස්සේ මැඩම්ව දකින හැම වෙලාවකම  පොයියා " ආපෝ... අර මැඩම් තමා එදා පුස් බොක පාගගෙන ඉස්කෝලේ වටේ ගාගා ගියේ..." කියලා කියන්න අමතක කරන්නේ නෑ.

http://www.felinest.com/famous-cartoon-cats/


12 comments:

  1. පූසගේ දෙමාපියන්ට හැමදාම සෑහෙන්න අමාරු වෙනව ඇති

    ReplyDelete
    Replies
    1. අනිවා... පූස් පරම්පරාවටම අමාරු වෙන්න ඇති....

      Delete
  2. හී හී හී :)

    ReplyDelete
  3. පොඩි කතන්දරයක් උනත් ලියල තියන විදිය නම් මැක්සා.........
    ඔය ටැලන්ට් එකෙන් ලියමුකො හිනායන කතන්දරම?

    ඇත්තටම වැඩක් ඇති දේකට යොදවන්න ඔයාගේ දක්ෂතාවය!
    සුභපැතුම් සහෝදරයා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කමෙන්ට් එකට.... ඔය වගේ කමෙන්ට් එකක් ආවාමයි.... හරි සන්තෝසයි....

      Delete
  4. දහම්පාසලේ පොඩි කොල්ලෝ දෙන්නෙක් රන්ඩුවලා එකෙක් බිමට නැමිලා වැලි අහුරක් අරගෙන ගහලා අනික් එකාට...මෙන්න වැලි ගහපු එකාම අඬ අඬ දුවනවලු...බැලින්නං මූ අහුලලා තියෙන්නේ ඔය ම්ස්ට පෑගිච්ච වගේ එකක් අමු අමුවේ.....

    ReplyDelete
  5. එළ එළ... පව් හැබැයි ටීචර්!!!

    :D

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් නෑ බං... සිහියෙන් පාරේ යන්න එපයිනේ....

      Delete