Saturday, December 19, 2015

තෑගි දෙන්න අළුත් විදිහක්


    අද කියන්නේ යන්නේ රෝගී වූ යාළුවෙක් බැලීමට යෑමේදී ගෙන යාමට සුදුසු දෙයක් ගැන. හරි, ඉස්සෙල්ලාම කියලා ඉන්නම් අවශ්‍ය ද්‍රව්‍ය ටික. 

    මුලින්ම ඕනේ රෝගී වූ යාළුවෙක්. අපි නම් කාටත් ගිනිගෙඩි දෙන පොයියා අල්ලා ගත්තා. ඊට පස්සේ ඕන වෙනවා ලෙඩාව බලන්න යන්න යාළුවෝ ටිකක්. ඕව් තුන්දෙනෙක් වගේ ඇති. පොයියා බලන්න ගියේ නම් ගහේයි, බට්ටයි, මමයි. ඔය අතරේ අහිංසක විදිහට දතක් ගලවා ගන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් වැඩේ ලේසි. අපි බට්ටාගෙන් ඒ වැඩේ කර ගත්තා. :D

    දැන් යන්නයි තියෙන්නේ ලෙඩා බලන්න. අත වන වනා යන්න එපා යකෝ. මොනවා හරි අරන් පලයල්ලා. ඔන්න ඔය වෙලාවට තමා අර අහිංසකයා ඕන වෙන්නේ. වැඩිය ගලවන්න එපා බන් හීනියට ඉස්සරහා දතක් ගලවපන් රුපියල් සීයක් විතර. බට්ටාගෙන් ගලවන්න ලේසි උනේ නෑ. 

   හරි දැන් රුපියල් සීයක් අතේ තියනවනේ. ළගම තියන කඩේට ගිහින් රුපියල් පනහට තියන ටිපි ටිප් ගන්න ඕනේ. එකක් අරන් ඉතුරු පනහා වමට ගහනවා නෙවෙයි ඔන්න. සල්ලි සල්ලි කියලා බලන් නැතුව දෙකක්ම ගනිල්ලා. ඇතුල හිස් උනත් කමක් නෑ ලොකුවට පුම්බලා තියන එකක් ගත්තා නම් හරි. දෙන එක හොදට දෙන්න එපැයිනේ. :P

   දැන් ඕක ගත්ත විදිහටම අරන් යන්න එපා යකෝ. පිළිවෙලකට අරන් යන්න එපැයිනේ. බ්‍රවුන් පේපර් බෑග් එකකට දාලා ඊට පස්සේ සිලි මල්ලකට දාලා අරන් ගියා නම් වැදගත් පාටයිනේ. දැන් ආයේ අර අහින්සකයගෙන් දත ගලවන්න හදන්න එපා. පොඩි ගානක් වියදම් කරලා හොද බෑග් එකක් ගනින්. දැන් ගත්ත ටිපි ටිප් එක බෑග් එකට දාපන්. පිස්සුද බන් ගත්ත දෙකම ඕකට දාන්න එපා. ඒකක් හොදටම ඇති. ලෙඩ්ඩුන්ට වැඩිය කන්න හොද නෑ ඕවා.

  අපේ එවුන්ගේ පාර අයිනේ නැනේ ගෙවල්. ඩොටේට ගෙවල් හොයන යද්දී අනිත් ටිපි ටිප් එක කකා යන එකයි ඇත්තේ. ගෙදර ළගට යන්න කලින් කාලා ඉවර කර ගනිල්ලා. කන්න බැරි එවුන්නේ අපිත් එක්ක ගියේ. බට්ටට කන්නම බෑ ඕවා. :P

  ගෙදර ළගට යද්දී ගත්ත දේ වන වන යන්නේ නැතුව බරට තියනවා වගේ පෙන්න අරන් පලයල්ලා. අනික වැඩර්ලා වගේ ගියපු ගමන් ඕක අරුගේ අතට එහෙම දෙනවා නෙවෙයි. ගිහින් පරිස්සමට මේසයක් උඩින් තියපන්. ගෙදරින් එනකල් ඕක කාටවත් අතපත ගාන්න දෙන්න එපා. වැඩේ මට්ටු වෙයි. :P

  මොනවා උනත් පොයියා අපිට හොදට සැලකුවා. ඇති වෙන්න රබුටන් කන්න දුන්නා. ගියාට පස්සේ ආරංචි උනා මේකාගේ බොරු ලෙඩක් කියලත්.

බොරුවට ලෙඩ වූ පොයියා.

පොයියගේ රබුටන් :P


   පොයියෝ ලබන පාර රබුටන් වාරෙටත් අපි එනවා උබව බලන්න තෑගී අරන්. 

ප.ලි. : ඉහත කරුණු අනුගමනය නොකොට පසුව තේ එකක්වත් නොලැබුණු බවට චෝදනා නොකරන්න.


2 comments: