Saturday, January 17, 2015

පොඩි එවුන් ඉදිරියේ නොන්ඩි වෙයි


    


    ටික කාලෙකට කලින් අපේ පොයිය මහතා (දැන් නම්බු දීලා කථා කරන්න එපයිනේ. වැදගත් මිනිස්සුනේ) ඉස්කෝලෙට ගිහින් නොතිබුන චරිතේ ගන්න. ඔය අතරේ අපේ කලින් පන්ති භාර මැඩම් හම්බෙලා. මැඩම් පොයියව ඇදන් ගිහින් පොඩි එවුන්ට පාඩම් කරපු හැටි කියල දෙන්න කියලා. 

     පන්තියට එක්කන් ගිහින් මැඩම් පොයියා හදුන්වලා දුන්නලු.

"මේ අයියා හොදට වැඩ කරලා දැන් කැම්පස්. මේ අයියා ගියා නම් ඔය කට්ටියට කොහොමත් කැම්පස් යන්න පුළුවන්." 

     ඔය දීලා තියෙන්නේ පොඩි එවුන් ඉස්සරහම රෙදි ගැලවෙන්න. ඉස්කෝලේ කලේ ඒවා තමා ඔය ඵල දෙන්නේ. පොයියා දෙලෝ රත් වෙලාලු හිටියේ තව මොනවා කියයිද කියලා.

"දැන් මේ අයියා පාඩම් කරපු හැටි කියයි"

     කියලා පොයියට පන්තිය බාර දුන්නලු. පොයියත් පොර ටෝක් ටිකක් දුන්න කියලා කියනවා. කොහොමත් පොයියනේ.

    පොර ටෝක් ටික ඉවර කරලා මැඩම් එක්ක එද්දී මැඩම් අහනවලු "ඔය ඔක්කොම කරාද?" කියලා.

   අයෙත් මේකා රෙදි ගලවාගෙන. කට උත්තර නෑලු.

   මේ සිද්දියෙන් පස්සේ මොන චරිතෙද කියලා පොර ගෙදර ආවලු. අයේ යන්නේ නෑ  කිව්වේ පැත්ත පළාතේ. දැන් අපිත් ඉස්කෝලෙට යන්න කලින් දෙපාරක් හිතන්න වෙයි.

      මේ සිද්දිය මාත් හරියට දන්නෑ. පොයියා තාම කිව්වේ. පොඩ්ඩක් සල්අඩි කරලා ගන්න වෙයි.   

http://www.craven.k12.nc.us/bes/

4 comments:

  1. ඇත්තටම..... තොට හෙන ගහනවා යකෝ.... මිනිස්සු අමාරුවේ දානවට.......... :D :D

    ReplyDelete
    Replies
    1. මමද යකෝ අමාරුවේ දැම්මේ?

      Delete
  2. හයියෝ ෆොයියා ඉවරයි..........

    ReplyDelete