Wednesday, August 1, 2012

සිල් ගැනීම..



පාසලේ සිල් ගත් අයුරු අපේ සිලේ මැයෙන් පසුගිය වෙසක් මස පල විය. මෙම පොහෝ දිනද ලියන්නට යන්නේ සිල් ගෙන කල අජුත වැඩ පිළිබදවය.


පාසලේ සිල් ගැනීමේදී සරම අනිවාර්ය වේ. වැස්සකටවත් දහම් පාසලකට ගොඩ වී නැති සමහරුන්ට සුදු සරමක් නැත. ඔවුන් එදිනටද සුදු කලිසමෙන් සිල් ගනිති. එහෙත් සරමක් ඇද සිල් ගන්නා විට ආතල් එකක්ද ඇත. අපට සුදු සරම් තිබුනද අදින්නේ අකලටය. දහම් පාසල් අන්දේද නොඇද බැරි තැනය. දහම් පාසල් ගමන නැවතුන පසු සරම අදින්නට වුයේ අවුරුද්දට එක් වරක් පමණි. ඒ පාසලේ සිල් ගන්නා දිනයේය. අවුරුද්දක් පුරා සගවා තැබූ සුදු සරම එදිනට සොයා ගන්නේ බොහොම අමාරුවෙනි.


සිල් ගන්නා දිනයේ සුදු දිග කලිසම උඩින් සුදු සරම අපේ පුරුද්දය. එය ශරීර සෞඛ්‍යට හොදය. නැතහොත් නිසැකෙන්ම එකෙක් සරමේ එල්ලී සරම කඩා දමනු ඇත. එවිට විලි ලැජ්ජාවකි. එම නිසා සුදු කලිසමට උඩින් සරම ඇද කලිසමේ කකුල් තුන්කාලක් වන තෙක් නැමීම හොදය. ඒවිට වෙනසක්ද නොපෙනේ. කලිසමක් ඇද තිබේදැයි බැලීමට සරම ඉස්සිය යුතුය. එවන් අවස්ථාද එදීනට පන්තියේ සුලභය. තවද එදින බිම ඉද ගන්නා නිසා සුදු කලිසමේ මඩ ගෑ වීමෙන් ආරක්ෂා කර ගැනීමටද සරම යොදා ගත්හ. සුදු දිග කලිසම් ඇදීමට පටන් ගත් මුල් කාලයේ මඩෙන් දුවිල්ලෙන් කලිසම බේරා ගැනීම අසීරු කාර්යයකි. බස් රථයේදී කලිසම පාගන විට යකා නැගී. එකල පංතියේ එකාලා හවස් වනවිට රට හුණු අතුල්ලා කලිසමේ මඩ පහරවල් මකා ගත් ආකාරය මට හොදින් මතකය. පසුව අපි ඒ දේවල් සදහා හුරු වුනෙමු. කෙසේ වෙතත් සිල් ගන්නා දිනයේ එවන් කරදර අඩුය.


යටින් කලිසමක් ඇද සිටියත් බෙල්ට් එකක් දැමීමට අපි අමතක නොකෙළෙමු. නටන නැටුම්වලට සරමට යොදන ගැටය වැඩි වෙලාවක් රදා පැවතියොත් එය පුදුමයකි. අවුරුද්දට වරක් අදින සරමට හරිහමන් ගැටයක් දීමටද අපි නොදන්නෙමු,


සිල් ගන්නා දිනයේ සරමෙන් කල විකාර රැසකි. සමහරුන් බෝට්ටු පදි, තවකෙක් සරම කරට ගෙන ඩාන්ස් කරයි, තවකෙක් සරමෙන් බුතයා පාරක ගසයි. එක විකාරයකි. යටින් සුදු කලිසම තියෙන තෙක් ලැජ්ජාවක් නැත. කොහොමත් අපේ එවුන්ට ලැජ්ජාවක් නැත. අවසන් වරට සිල් ගත් දිනයේ ගත් සරම් ඩාන්ස් වීඩියෝවක් පහත ඇත.




11 වසරේ සිල් ගත් දිනයේ හාමුදුරුවෝ බණට වැදෑරු කරුණක් මතක් විය. අපත් සමග සිල් ගෙන සිටි පන්ති භාර ගුරුතුමා එලියට ගිය පසු හාමුදුරුවෝ " බලන්න මල්ලිලා අර ඔර්ලෝසු කනුව ළග පඩිපෙළේ, පඩිපෙළ බහිනවා ගෑණු ළමයි කොටට ඇදගෙන, පහළ ඉන්න අපිට මොනවද නොහිතෙන්නේ?? " කියා වැදෑරූවා මතකය.


ප.ලි. අනාගතයේ සිල් ගැනීමට සිටින උපාසකයන් මේවා ආදර්ශයට නොගන්නා මෙන් ඉල්ලා සිටිමි.


ප.ප.ලි. අප 10 වසරේ සිටින කල සිංහල ගුරුතුමා නිවසට සරම් අදින අය විමසු විට එකෙක් වත් නොවිය. එවිට එතුමා පැවසුවේ ඕවා අනාගතයට තමා බලපාන්නේ කියාය. එසේ පැවසුවේ කිමදැයි මම තවම සිතමි.

12 comments:

  1. මට මතක් වුනේ ගමරාළ සිල්ගත්තා වගේ කතාව.

    ReplyDelete
  2. අපිත් ඔහොමයි ඉස්කෝලේ සිල් ගත්තේ.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම එකම බෝට්ටුවේ....

      Delete
  3. පෝස්ට් එකත් අර ෆෝටෝ කෑල්ලත් දෙකම උපරිමය. අර නම Ksharapani උච්ඡාරනය කරන්නට ගොස් හක්ක පැන්න සේක. ඒත් බැරි විය. අර හාමුදුරුවන්ගේ දේශනාව නම් අගේය. යකෝ ඔක්කොම අතහැරපු උන් වහන්සේලාටත් ඔහොම හිතෙනවා නම් මෛ ගිහියන්ට කවර කතාද!! අනේද කියන්නේ!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවට ස්තුතියි. කිමට ඇත්තේ බැරි වැඩ නොකරන් අඹරෝ කියා පමණි....

      Delete
    2. අවවාදය පිළිගතිමි. මේ ටෙම්ප්ලේට් එක නම් එලයැ. මට මේවගේ ටයි පොල්ලක්ද තිබේ.
      අඩේ මට ටිකක් වැඩිවගේය. බීම නැවැත්විය යුතුය. කෂරපානියාගේ ප්‍රෝෆයිල් ෆෝටෝවේ හතර දෙනෙක් ඉන්නවා සේ පෙනේ.
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. තාම මද පමණට ගෙන ඇති බව පෙනේ. ප්‍රෝෆයිල් ෆෝටෝවේ 4 දෙනෙක් සිටි. සමහරුන් මෙහි මා පල කල කථා වල වැඩර්ලාය.

      Delete
  4. ඉස්සර හෙන බයෙන් සිල් ගන්න යන්නේ...කොල්ලෝ එක එකාගේ සරම කඩලා දුවනවනේ...යටට සුදු කොට කලිසම ඇඳලා සරමට රෙදි පටියක් එහෙම ගැටගහලා රෙඩි වෙලා යන්නේ....

    ReplyDelete
    Replies
    1. සිල් ගන්න එකට වඩා ගේමක් දෙන්න ඕනේ සරම රැක ගන්න....

      Delete
  5. kshare nam podi kale sil gaththahma negitinne sil mudawalamane

    ReplyDelete