Tuesday, July 10, 2012

මස් කට්ටා...


O/L කරන කාලේ මට එහා පැත්තේ හිටියේ හයේ හතරේ පොරක්. පන්තියේ එවුන් පොරට කිව්වේ ඌරා කියලා. වැඩ කිඩ වල හැටියට නම දාලා තිබ්බේ. ඔය කාලෙම තමා රොබින්සන් අන්දරය ගියේ. එකේ හිටපු ඌරාගේ නම බානබස්නේ. ඒ හින්දා පොරටත් බානබස් කියන්න පුරුදු උනා. කවදාවත් පොරට ඇහෙන්න ඔය නම් එකක්වත් නොකියන්න අපේ එවුන් වග බලා ගත්තා. කවුරුත් කැමති නැනේ නිකන් බොරුවට අත පය කඩා ගන්න. බනා මැරයෙක් නෙවෙයි, ඒත් චන්ඩියෙක්. කවුරුත් ඌට බයයි. වචනයක් වත් කියන නෑ පොරට විරුද්ධව. මට එහා පැත්තේ හිටපු හින්දා මටත් එකෙක්වත් මොකුත් කියන නෑ. ඒ හින්දා මට බයක් සැකක් නැතුව හිටියා. පන්තියේ එවුන් " හිටන්කෝ බනා ආපු නැති දවසක තෝව අල්ල ගන්නම් " කියලා කීප සැරයක්ම කියලා තියෙනවා.

අපේ පෝලිමට ඉස්සරහ පෝලිමේ හිටියා මස් කට්ටා නොහොත් චුටි කුකු. ඔය නම හැදුන හැටි සුන්දරයි. සුන්දරයි කිව්වට පැත්තම ගද ගහන කුණු කතාවක්. ඕකා ජිවිතේටවත් බැග් ඒක අස් කරන එකෙක් නෙවෙයි. වට පිටාවේ ඉන්න එවුන් ගැන අපි දන්නවානේ. 

දවසක් ඉන්ටවල් එකේ බනා මස් කට්ටක් සුප්පු කර කර ඉන්නවා. චුටි කුකු එලියට යනකල් ඉදලා " මේකා මෙහෙමවත් හදා ගන්න ඕනේ " කියලා බනා සුප්පු කර කර හිටපු මස් කට්ට අරුගේ බැග් එකට දැම්මා. පන්තියේ හිටපු එවුන් මොකුත් ඇහුනෙත් නෑ දැක්කෙත් නෑ වගේ හිටියා. කවුරුත් කට හොල්ලන් නෑ. දන්නවනේ බනා හැටි. අකාලේ තරුණ ජිවිතයක් වල පල්ලට යවා ගන්න ඕනේ නෑනේ බානබස්ට කියලා.

දවස දෙක තුනක් ගියා. කිසිම ප්‍රතිචාරයක් නෑ. බැරිම තැන බනා පොරට කරපු වැඩේ කිව්වා. ඊට පස්සේ තමා මේකා බැග් ඒක අදින්න පටන් ගත්තේ. මෙහෙමත් එකෙක්. මාසයක් ගියත් ඔය ටිකම තමා. බොහොම අමාරුවෙන් හොයලා හොයලා මස් කට්ට එලියට ගත්තා. ඉතුරු ටික ඕනේ නෑනේ. මටත් අප්පිරියයි වගේ. මේකා බනාට බනිනවා පලු යන්න. අපිට හිනා. ඊට පස්සේ තමා මස් කට්ටා කියලා නම හැදුනේ. ඊට අමතරව චුටි කුකු කියන්නත් පටන් ගත්තා.

මට මේ සිද්දිය මතක් උනේ මස් කට්ටා මේ බ්ලොග් එක කියවන ගමන් SMS එවපු හින්දා. පොර මෙහෙම වැඩත් වෙනවා පොස්ට් එක කියවන ගමන් මට SMS එවනවා. 

මස් කට්ටා - මචෝ මේ චැට් සීන් එක ඇත්තටම උන දෙයක්ද බං...

මම -  ඕව් යකෝ... ඇයි ??

මස් කට්ටා - නෑ බං. ඕකි මටත් ඔය වැඩේම කරානේ. වැඩේ කියන්නේ මගේ අතින් කුණු හරප ටිකක් කිය උනනානේ බං. මොනවා හිතුවද දන්නේ නෑ...

මම - ඔහේ පලයන්.... මොනවා හිතන්නද බං.... මෙහෙමත් ගැනු.....




8 comments:

  1. hikizzzzzzzzzzzzz............
    anthima tika aththada bun.........

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා යකෝ... අහපන් මස් කට්ටාගෙන්.....

      Delete
  2. ඇයි බං මෙහෙම නම් මිනිස්සුන්ට දාන්නේ :)

    ReplyDelete
    Replies
    1. මුන් කරන මැටි වැඩවලට වෙන මොනවා කරන්නද?

      Delete
    2. ahinsaka minissu apahasu thawayata path karannane bn...

      Delete
    3. මටත් ඕකම හිතුණා....

      Delete
  3. චන්ඩියෙක්ට ගැලපෙන නම, ඌරා..... මම හිතන්නෙ උගෙ බෑග් එකට මස් කටු ටිකක් දාන්න තිබුනෙ. එහෙනම් ඌ වේලක් වත් පිරිමහ ගන්න තිබුණා

    ReplyDelete
    Replies
    1. ඌරාගේ බෑග්‍ එකට දාලා මාට්ටු උනොත් අපේ අවසානේ තමා....

      Delete