Friday, June 15, 2012

කියන දේ හරියට අහගනින්...



   මම 6 වසරට අලුත් ඉස්කෝලෙට ගියපු දවසේ මට ගොඩක් උදවු කරපු එකෙක් තමා මාළු කට්ටා. මාළු කට්ටා හිටපු පේලියේ ඩේස් 3 තිබ්බේ. ඔකේ මාළු කට්ටි, හොක්කයි, දස කුට්ටයි තමා හිටියේ.  මම අලුත් පංතියට ගිය දවසේ පංතියේ වැඩිපුර පුටු තිබ්බේ නෑ. මාළු කට්ටා තමා ඉස්කෝලේ වටේම ඇවිදලා මට පුටුවක් හොයන් ආවේ. ඒ විතරක් නෙවෙයි මුන් තුන්දෙනා මාව උන්ගේ පොලිමටත් ගත්තා.


   අපේ පංතියට එහා පැත්තේ තවත් පංති කාමරයක් තිබ්බා. එකේ තමා අපේ ඉංග්‍රීසි මැඩම් උගන්නන්නේ. මැඩම් හොදයි ඒත් වසයි. මැඩම් ඉස්කෝලේ එන්නේ කාර් එකේ. ඔය පංති කාමරය අතු ගාන්න එක එක පංතිවලට බාර දීලා තමා තිබ්බේ. ඒත් සමහර දවස්වලට අයියලා අතු ගාන්න එන්නේ නෑ. එහෙම දවසට අපිට තමා අතු ගාන්න සෙට් වෙන්නේ.


   ඒ කාලේ මම 6.30 විතර වෙද්දී ඉස්කෝලෙට යනවා. ලොකු පංතිවලට යන්න යන්න තමා පරක්කු වෙලා ඉස්කෝලේ යන්නේ. උදේම ගියාට කරන්න වැඩකුත් නෑ. ඉස්කෝලේ පටන් ගන්නෙත් 8 නේ. ඒ හින්ද අතු ගාන්න සෙට් උනොත් අතු ගානවා. නියම වැඩේ කියන්නේ එහෙම අතු ගාපු දවසට මැඩම් අපිට රෝල්ස්, හැලප වගේ දේවල් අරන් දෙනවා. ඒ හින්දා අතු ගාන්න සෙට් උනොත් අත අරින්නෙම නෑ.

   දවසක් ඉංග්‍රීසි මැඩම් මාළු කට්ටාට යතුරක් දීලා මොනවදෝ කියලා. මාළු කට්ටා " වරෙන්කෝ මචෝ.." කියලා මාවත් ඇදගෙන මැඩම්ගේ කාර් එක ගාවට ගියා. මු කාර් එකේ දොර ඇරලා, යතුර මැඩම්ගේ බෑග්‍ එකට දාලා, දොර වැහුවා. මේකා දොර ලොක් කරේ නැනේ. වැඩි ආරක්ෂාවට මොකෙක් හරි රින්ගුවොත් කියලා මම දොර ආයෙත් ඇරලා ලොක් එක දාලම දොර වැහුවා.




   මාළු කට්ටා විරයා වගේ ගිහින් කාර්ය සාර්ථකව නිම කල බව ලොකු තැනට වාර්තා තරා. මෙන්න මැඩම් එනවා කඩාගෙන බිදගෙන. ඇවිත් කාර් එක වටේ දුවනවා දෙරවල් අරින්න හදනවා. එක විකාරයයි. ඒත් ඔක්කොම දෙරවල් ලොක් කරලා.


   මල මගුලයි මාළු කට්ටා කාර් එකේ යතුරනේ මැඩම්ගේ බැග් එකට දාලා තියෙන්නේ. දෙන්නම අම්බානක බය වෙලා හිටියේ. ඒ මදිවට පන්තියේ එවුනුත් වට කරගෙන බය කරනවා. මැඩම් ෆෝන් ඒකෙන කාටදෝ කතා කරා. දැන් අපේ වාරේ කන පැලෙන්න අහගන්න වෙයි. කඩ්ඩෙන් බැන්නොත් ගොඩ. මෙලෝ දෙයක් තේරෙන්නේ නැනේ.


   ෂුවර් එකටම මැඩම් මාළු කට්ටට කඩ්ඩෙන් කියන්න ඇත්තේ. මේ මැටි පුතාට ඒක තේරිලා නෑ. මොනවා උනත් මැඩම් අපිට වචනයක්වත් කිව්වේ නෑ. මේ මෝඩයෝ දෙන්නට කියලා වැඩක් නෑ කියලා හිතෙන්න ඇති.


   මට නම් තේරුන හැටියට මගේ අතේ වැරද්දක් නෑ. මාළු කට්ටා කරන්න ඕන දේ හරියට අහගෙන නැනේ. බලනකොට මැඩම් කියලා තියෙන්නේ කාර් එකේ තියෙන බැග්‍ ඒක අරගෙන එන්න කියලානේ.




http://blog.autoroadservice.com/public/item/use-your-phone-to-unlock-your-car-door





11 comments:

  1. ආපුස්..ඉතින් කොහොමද පස්සේ දොර ඇරගත්තේ..

    ReplyDelete
    Replies
    1. මැඩම් ගෙදරට කෝල් කරලා යතුරක් ගෙන්න ගත්තා කියලා තමා ආරංචි උනේ.....

      Delete
  2. මලයා මේ Fonseka madam ගැනද කියලා තියන්නේ?

    ReplyDelete
    Replies
    1. ඕව් ඕව් මැඩම් තමා.....

      Delete
  3. උබ වැඩි හොද කරන්න ගිහින්.

    අපේ ඉක්කෝලෙ ෆොන්සේකා ටීචර් නෙවේ මයෙ හිතේ. :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේ වෙන මැඩම් කෙනෙක්...... හිකිස්‌.....

      Delete
  4. ඒක නම් මරු ඈෑෑ

    ReplyDelete
    Replies
    1. මාරු තමා..... මම නම් හිටියේ පණ බයේ...

      Delete
  5. මම කල්පනා කරේ ටීචර්ට මොනවා හිතෙන්න ඇද්ද ඇත්තටම ...?

    ReplyDelete
    Replies
    1. මොනවා හිතන්නද? මේ මැටි පුතාලට ආයේ මොකුත් වැඩ කියන්නෑ කියලා හිතා ගන්න ඇති...

      Delete
  6. හයියෝ මාළුකට්ටා ............

    ReplyDelete