Friday, June 1, 2012

ඉස්කුල් බස් එක මිස් උනාද?


මේ අපේ මලියට වුන තවත් වැදගත් සිද්දියක්. මලියටයි DJටයි ( තවත් වැඩර් කෙනෙක්. )ඉන්නේ එකම පැත්තේ. ඒ හින්දා මුන් දෙන්නා යන්නේ එන්නේ එකටමයි. මුන් දෙන්නම A/L කරන්න තමා අපේ ඉස්කෝලෙට ආවේ. ඉස්කෝලෙට අලුතින් ආපු අනිත් හැම එකෙකුගෙන්ම අපි බිස්කට් කැවා. ඒත් මුන් දෙන්නා බිස්කට් ගෙනාවේ නෑ.

දවසක් DJ එනවා මාර සතුටකින් ඇවිත් කියනවා " වරෙන්කො මචෝ අද මරු සීන් එකක් උනා.... අහපන්කෝ කථාව " කියලා. මලියයි අපේ සෙට් එකයි වට වුණා උදේ පාන්දර මුගේ රස කතාව අහන්න. DJ කථාව පටන් ගත්තා.
" අද උදේ මලියයි මායි බස් එකට නැන්ගා. මලියා කෙල්ලෙක් ගාව ඉද ගත්තා. මම ඊට පස්ස සිට් එකේ ඉද ගත්තා. හරිද බං?

ටිකකින් මු අර කෙල්ලගේ මුණ දිහා බැලුවා. මට සීන් එක හොදට පේනවා පස්සට. ටිකකින් මේකා අරකිගෙන් ඇහුවනේ "අද ඉස්කුල් බස් එක මිස් උනාද?" කියලා. ඒකි මුගේ මුණ දිහා හොදට බලලා ගස්සලා අහක බලා ගත්තා. චා සීන් එක බං...

ඊට පස්සේ තමා මරු සීන් එක උනේ.... ටික දුරක් ගියාට පස්සේ මලියා හෙමිට පිටිපස්ස හැරිලා මගේ දිහා බැලුවා. ෂුවර් එකටම මු බලන්න ඇත්තේ මම සීන් එක දැක්කද කියලා බලන්න. මම සීන් එක දැක්කේ නෑ වගේ හිටියා."

මම මලියා දිහා බැලුවා. මුණ රතු වෙලා. වස ලැජ්ජවනේ. මේ නෝන්ඩිය ඉවසන් ඉන්න බැරුව මලියා කථාව පටන් ගත්තා.

" ඕව් බං ඒ වේසි මාව කැවා. ඉස්සර දහම් පාසලේ කෙල්ලෙක් හින්දා කථා කරේ. බලපකෝ බං මුන් ලොකු ලොකු ඉස්කොල්වලට ගිහින් දැන් මුන්ගේ ගෑස්.

ඇත්තටම මම හිතුවේ DJ මාති සීන් එක දැක්කේ නෑ කියලා බං. මම හිතන් හිටියේ අනේ වාසනාවන් මු සීන් එක දැක්කේ නැනේ කියලා. චික් විතරක්..."

එහෙම කියලා මලියා බේරුනාට තවමත් උට අපෙන් නම් බේරෙන්න හම්බෙන්නේ නෑ. තවමත් හම්බුන ගමන් අහන්නේ " ආ මචෝ අද ඉස්කුල් බස් එක මිස් උනාද? " කියලා.


10 comments:

  1. පව් බොල.. කොල්ලා..

    ReplyDelete
  2. කොල්ලොන්ගේ හිත රිද්දන්න හොඳ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ මෝඩ ගෑණුන්ට ඒක තේරෙන්නේ නෑනේ.....

      Delete
  3. පව් අප්පා.... හැමෝමත් ඔහොම නෑ ඉතින් ඔව්වට කියන්නේ පුහු මානය කියලා

    ReplyDelete
  4. WADAR KENEK KIYANNE KOHOMA KENEK DA MALAYO,

    ReplyDelete
    Replies
    1. මොකක් හරි ගොන් වැඩක් කරලා හොම්බෙන් යන එකෙක් තමා..

      Delete