Thursday, March 8, 2012

චාටර් නොවීම.



A/L පංතියේ අන්තිම කාලේ එච්චර උගන්නන්නේත් නැනේ. වැඩියෙන්ම කරන්නේ නිකන් ඉන්න එක තමා. අපේ පංතියේ එවුන් නම් නිකන් ඉන්නෙම නෑ. එක්කෝ පංතිය ඇතුලේ කොල බෝලෙන් බෝල ගහනවා, නැත්නම් සිංදු කියනවා. ආ තව කට්ටියක් ඉන්නවා පංතියේ නිදා ගන්න. ඒත් විනාඩි පහකට වඩා උන්ට නිදා ගන්න හම්බෙන්නෙම නෑ. කොහේ හරි තෙමා ගෙන තමා නැගිටින්නේ. ගඩොලා තමා හැමදාම තෙමා ගන්නේ. මල පැනගෙන තමා නැගිටින්නේ. පොයියා තමා ඔය වගේ වැඩ වලට මුලිකත්වය ගන්නේ. කවුරු කරත් අන්තිමේට අහුවෙන්නේ පොයියා තමා. ළග ඉන්න එකා කියලා නෑ ඕකා මවත් තෙමලා තියෙනවා. පංතියේ අනිත් පැත්තේ හිටියා නිදි චුලා කියලා එකෙක්. උගේ ඇත්ත නම කවුරුත් දන්නේ නැතුව ඇති. මිනිහගේ වැඩේම වෙලාවක් කලාවක් නැතුව නිදා ගන්න එක. උගන්නන වෙලාවටත් මේකා නිදි. තෙමුවට වැඩකුත් නෑ මේකා හැදෙන එකෙක් නෙවෙයි. ඒ හින්දා තමා නිකන්ම නිකන් චුලා නිදි චුලා උනා. 


වැඩියෙන්ම බෝල නම් ගැහුවේ ඉස්කෝලේ පටන් ගන්න කලින්. ඒ හින්දා මම ඒ ගැන වැඩිය දන්නේ නෑ. මොකද මම කලින් ඉස්කෝලේ යන්නේ නෑනේ :P. ඔය වැඩේට පන්ති නායකයා බටර් හැමදාම බර බරේ දානවා. කොහොම හරි පංතියේ තිබුණේම අධ්‍යපන වාතාවරණයක්.


දවසක් ෆ්‍රී පීරියඩ් එකක කට්ටිය සෙට් වෙලා සිංදු කියනවා. ඔය ගායන ඇම්ම තිබ්බේ පොයියටයි, DJටයි, මලියාටයි, කොතාටයි, ගඩොලටයි, කුණු මුල්ලේ රජාටයි (වංගෙඩිය), තව කිපදෙනේකුටයි විතරයි. වැඩේ නැගලම යනවා. කවදත් සිංදු කාපු DJ මාති දෙකේ කාසියක් අරන් ඩේස් එකට තඩිබානවා. අනිත් එවුන් සිංදු කියනවා. 


වැඩේ නැගලම යද්දී එකපාරටම කෘමියා පන්තියට ආවා. කෘමියා කියන්නේ ඉස්කෝලේ Agri සර්. අපි ආදරේට කියන්නේ කෘමියා කියලා :P. සිංදු කියලා ගඩොලයා අතේ මට්ටු. කෘමියා ගඩොලයාට ඉස්සරහට ඇවිත් සින්දුවක් කියන්න කිව්වා. ගඩොලයා වැසිකිලිය පැත්තට යන්න ගිහින් කෝකටත් කියලා ඇබරි ඇබරි අමාරුවෙන් ඉස්සරහට ගියා. ඉස්සරහට වෙලා ගඩොලයා ආතල් එකේ ඉන්නවා. ටිකකින් සර් අමතන්න ගත්තා. එතකොට ගඩොලයා තනියම සිංදු කියන්න බෑ කියලා පොයියාටත් එන්න කිව්වා. පොයියාත් අමාරුවෙන් බෑ බෑ කියකිය  ඉස්සරහට ගියා. මුන් දෙන්නම එකතු වෙලා DJ වත් ඉස්සරහට ගත්තා. තුන්දෙනාම ඉස්සරහා වට මේස සාකච්චාවත්. ටික වෙලාවකින් පොයියයි, ගඩොයෙයි "සරා සදේ...." සිංදුව කියන්න ගත්තා. DJ සද්ද නෑ. ටිකකින් මෙන්න මු පටන් ගත්තානේ බිට් බොක්ස් දෙන්න. ඇඩෙනවා.


අපරාදේ කියන්න බෑ පට්ටටම සිංදුව කිව්වා. පංතිය මීක්‌ නෑ. සර්ටත් කට උත්තර නැතුව කට අරගෙන බලන් ඉන්නවා. කොහොම හරි මුළු සිංදුවම බොක්කෙන්ම ඩබල කිව්වා. සිංදුව ඉවර උන ගමන් අපි අත් පුඩියක්  එහෙම දිලා අප් කරලා ගත්තා. අපි හිතුවෙම මැදදී රැප් එකක් DJ දායිම කියලා. සර් හිතන් ඉන්න ඇති ගඩොලයට සිංදුව කියා ගන්න බැරුව එතන චාටර් වෙලා එක අල්ල ගෙන නොන්ඩියක් දෙන්නම් කියලා. ඒත් දැන් වැඩේ අවුල්. සර්ට කර කියා ගන්න දෙයක් නෑ.


"ඔය ළමයිට හොද හැකියාවක් තියෙනවා, ඒත් ඕවා කරන තැනක් නෙවෙයිනේ පන්තිය."


කියලා සර් ෂෙප් උනා. සර් කොල්ලන්ගෙන් බයිට් ද මන්දා? අපි ඔක්කොටම හිතුනේ එහෙමයි.


අපි හිතුවෙම හොද පෝරියල් එකක් සෙට් උනා කියලා. ගඩොලගෙයි, පොයියාගෙයි. DJගෙයි, හැකියාවෙන අනිත් එවුනුත් ගොඩ ගියා.


http://www.clipartof.com/portfolio/toonaday/illustration/cartoon-black-and-white-outline-design-of-a-school-boy-sleeping-on-his-desk-1046265.html

9 comments:

  1. ai bun gadol ta sara sande gadola kiyala namath hadune

    ReplyDelete
    Replies
    1. ඕව්මනේ මට ඒක මතක් උනේ නෑනේ.....

      Delete
  2. wili lajjawaiiiiiiiiiiiiiii,...................

    ReplyDelete
    Replies
    1. පිස්සුද යකෝ කාටද ආඩම්බර.....

      Delete
  3. ගුරුවරයෙක් යම් අවස්ථාවක හැසිරෙන ආකාරය අපේ දෘෂ්ටි කෝණයෙන් බැලුවහම සමහර විට හිතෙනවා අපි දිනුම් කියලා. ඒ වුනත් සිසුවාගේ වයස, අවස්ථාව ආදී දහසකුත් දෙවල් දිහා බලලා තමයි ඒ තීරණය ගන්නේ. ඒ බව හොඳින්ම වටහා ගත හැකි වෙන්න නම් තමන් ගුරුවරයෙකු විය යුතුමයි කියලයි මට නම් හිතෙන්නේ. (කොයි වෙලාවෙත් මල අතේ අරගෙන ඉන්න අයට නම් මේක අදාල නැතුව ඇති

    ReplyDelete
    Replies
    1. වැදගත් කමෙන්ට් එකක් දැම්මමයි......

      Delete
  4. apo ubalage addyapana wathawaranaya...
    Ubalage panthiye 'faculty of enginearing' da mkakdo naama puwaruwak gahala thbuna neh...
    Mma nan dekkamai ehma deyak, enginears la nethi enginearing faculty ekk.

    Mnwa unat ubala sinduwak hari kiyala lawata hari fun ekak gaththane, ehmawat fun 1k gatte nethi ewunta thma.....

    [-Tq_R]

    ReplyDelete
    Replies
    1. ඒ අපේ පන්තිය නෙවෙයි වෙන්න ඇති....

      Delete
    2. දැන් උබට එහෙම කියන්න බෑ..... හොයලා බලපන් ඉංජිනේරුවෝ කීදෙනෙක් ඉන්නවද කියලා. කීදෙනෙක් විශ්ව විද්‍යාලෙට ගියාද කියලා.

      Delete