Friday, November 11, 2011

අමතක වීම.

          2010 අප්‍රේල් අපි ගියා අපේ පාසැල ජිවිතේ අවසාන trip එක. අදාල අවුරුද්දේ   A/L කරන පන්ති   trip එක්කන් යන සිරිතන් අපේ ඉකොලේ තිබ්බේ නෑ. ඒ වුනාට අපි කියලා කියලා කොහොම හරි trip එකක් දාගත්තා. ගියේ පාසිකුඩයි. වෙනදා නම් එක පන්තියකට එක බස් එක ගානේ ගන්නවා. ඒත් මේ පාර science section එකටම එක බස් එකයි. එච්චරකට ළමයි. විභාගේ ළග හින්දා කට්ටිය ගෙවල්වලට වෙලා වැඩ. මේ ටික එකතු කරගත්තෙත් මාර අමාරුවෙන්. වෙනදා ළමයි තිහකට විතර පත බස් එකක් ගන්නේ. බුදියගෙන යන්න පුළුවන්. 

        ඕන්න කොහොමහරි දැන් trip එක යනවා. සර්ලා දෙන්නෙක්  අන්තිම සිට් එකට කලින් සිට් එකේ. අයියලාගේ වැඩ දන්න හින්ද වෙන්න ඇති. අපේ එවුන්ට කරකියා ගන්න දෙයක් නෑ. සැලසුම් ඔක්කෝම අබ්ලික්. කට ඇරලා මොකුත් කියන්නත් බෑ. පාරේ බස් එකේ යනවට වඩා හොදට දැන් කට්ටිය යනවා. සින්දුත් නෑ. කට්ටියගේ මුණුත් අවුල්. පැයකින් විතර සර්ලාට එපා වෙලාද කොහේදෝ බස් එකේ ඉස්සරසට ගියා. හිතුවද දන්නෑ දිගටම මෙහෙම යයි කියලා. කට්ටිය හුරේ පාරක් එහෙම දාලා වැඩ පටන් ගත්තා. අපි බොහොම අමාරුවෙන් නහය කට තියාගෙන ගියේ. 

           පාසිකුඩයි ගිහින් දිය වෙන්න නාලා කාලා බිලා එන්න ලෑස්ති. බස් එක ආවාට වඩා වේගෙන් සැහැල්ලුවෙන් යනවා වගේ අපිට තේරුණා. ටිකක් වටපිට බැලුවහම මෙන්න ඉස්කෝලෙට හිටපු ලොකුම එකම වල් අලියා නෑ. අහ් දැන් වල් අලි නැනේ. වන අලියා. මල මගුලයි. මේකා මුහුදෙවත් ගහගෙන ගියාද.....? නෑ නෑ... අපි එකාව මුහුදට බැස්සුවේ නෑ. මුහුද ගොඩ ගලයි කියලා. මුට මොකද උනේ....

    වෙන එකෙක් නම් අමතක උනත් අවුලක් නෑ. දැක්කේ නෑ කියන්නවත් තිබ්බානේ. ඒත් මේ පර්වතයක් වගේ හිටපු වන අලියා අමතක උනා කිව්වාහම. හිතා ගන්න පුළුවන්නේ උගේ පන්තියේ එවුන්ගේ සිහිය ගැන. බස් එක අයින් කරලා නැවැත්තුව අනිත් බස් ටික යනකල්. දැන් බස් වල අලියෙක් ඉන්නවද කියලා බලනවා. එතකොට  එක බස් එකක් අයින් කරලා අනිත් පැත්තෙන් නැවැත්තුවා. බස් එක  එක පාරටම උඩ ගියා. යන්තන් ඇති වගා පාළුවා ඒ බස් ඒකෙන් බැස්සා. බැස්සද? බැස්සුවද? කියලා තම හරියටම දන්නේ නෑ. ඇවිත් සතුටින් අපේ බස් එකට නැග්ගා. අයියෝ අපේ බස් එක පාත් උනා. දැන් ඔය යන්නේ ආයෙත් ඇද ඇද අන්තිමේට. නැග්ග ගත්තේ අපරාදේ කියලා හිතුනා. දුක තමා.

         කොහොම හරි පොළොන්නරුවටත් ආවා ඇද ඇද. දැන් බස් එක හරවන්න reverse කරනවා. අපේ පණ්ඩිත හැත්තට ඉන්න බැනේ. reverse කරන්න උදවු කරනවා.

"හරේ ගන්න....අංකල් පස්සට reverse කරන්ඩ..."

"හරේ දැන් full කපලා තව ටිකක් කපන්න....."

    මේ අතරපස්සහම හිටපු තව එකෙක් අමාරුවෙන් පස්ස හැරී අංකල් reverse කරනවා දැකලා....

"මාරුවෙන් හැරී හැරී reverse කරන්න ඕනේ නෑ අංකල්.....ඔය රවුමත් අරන් මෙහෙට එන්නඩො.... මෙතෙන්න හොදට පස්ස පේනවෝ...."

මුන්ට තියෙන්නේ වක්කඩ වගේ කටවල්නේ.....

7 comments:

  1. mchn oya bus kathawa nam patta boruwak... mama dannawa oya bus 1.. oke driverta kiyanne PATHOLAYA kiyala... oka anuradapura-kandy route permit nathi karagena tama mehe dan duwanne.. oka a tarama hemin yana dial 1k... so boru kiyanna epa bus 1 paa wuna wage awa kiyala

    ReplyDelete
    Replies
    1. මැට්ටෝ මම එහෙම දැම්මේ අපේ වල් අලියව බයිට් කරන්න. අනික උබ කියන පොරගේ බස් එකේ නෙවෙයි අපි ගියේ. පන්තියේ එකෙක්ගේ ගමේ බස් එකේ. දැන් මොනවද කියන්න තියෙන්නේ.....

      Delete
  2. අඩෝ ඒකගෙ පන්තියෙ ඒක විතරනෙ ගියෙ....අනිත් උන් CUT 1 දැම්මනේ......ඒ කියන්නෙ තොපිට තමා ඒකව අමතක වෙලා තියෙන්නෙ..... ඕං බලාපල්ල තොපේ තියන වෙනස්කම .......
    උඹලව විශ්වාස කොරල TRIP 1 ආපු ඒ අසරණයව තනි කරා මදිවට දැන් මඩත් ගහනව නොවැ..... චී....චී.... වැඩේ කැතයි..............වැඩේ කැතයි.......

    ReplyDelete
  3. අඩෝ තෝ එහෙනම් මටත් මඩ ගැහුව නේද​?.... හා හා බලාගමු.......අර උඩ එකා කිව්ව වගේ අපේ පන්තියෙ මම විතරනෙ ගියෙ..... උඹට ඒකත් අමතකද​? අනිත් උන් පන දාගෙන පාඩම් කරානොවැ..... තව ටික දවසකින් උඹට උඹෙ නමත් අමතක වෙයිද දන්නෙනෑ................
    bale...

    ReplyDelete
    Replies
    1. අඩෝ නෑ බං. බලපන් උබේ නමක් වත් දාලා නැනේ. උබ බලෙන් බාර ගන්න එපා යකෝ. උබේ පන්තියෙන් උබ විතරක් ගියාට BIO එකෙන් ගියේ උබ විතරක් නෙවෙයිනේ. උබලගේ පන්තියේ හිටියේ ගැනු සෙට් එකක්නේ. අනිත් පන්තියේ හිටපු බේබද්දෝ සෙට් එක ගැන තමා මම කිව්වේ.....

      Delete
  4. පල ඩෝ....... ඒ වුනාට උඹ SECTION 1ක් ගැන කිව්වෙ නෑනේ.....අපෙ පන්තියෙන් මම විතරක් හරි තොපේ TRIP 1 ට ආපු 1 ගැන සතුටුවෙයන්...... නැත්තම් සෙනග වැඩි නිසාම TRIP 1 CANCEL වෙන්න තිබ්බෙ.... එහෙනම් තොපිටත් ඉතින් ගෙදරට වෙලා පොත් ගුල්ලො වෙන්න වෙන්නේ........ මට පින් දීපිය​......
    bale...

    ReplyDelete
    Replies
    1. section එකටම හරියන්න තෝ ආවනේ.....

      Delete