අපිටත් ලැජ්ජා නැනේ ආයෙත් හන්තා ගියා. මුන්ව හදන්න බැනේ. හන්තානේ යන්නම ඕනේ කිව්වා. ඕන දෙයක් වෙච්චාවේ කියලා මාත් සෙට් උනා ගමනට. ගිය පාර හන්තානේ ගිහින් වුණු දේවල් චාරිකාවක පාඩම් කියලා මම මගේ පළවැනි post එකෙන් දැම්මනේ. කලින් කැලෑ පත්තර ගහලා තිබ්බට blog ලියලා තිබ්බේ නැනේ.
ඔන්න ඉතින් ඔක්කොම ඊයේ (2011/11/15) තමා යන්න සෙට් උනේ. ඒත් උදේ පාන්දරම මම කියන එකා පරක්කුයි. බලු බැනුම් මට. බස් එකේ එන ගමන් පොයියා මට කතා කරා.
පොයියා - උබ කොහෙද ඉන්නේ?
මම - තාම මග බන්...
පොයියා - ඉක්මනට වරෙන්..
මම - පොඩ්ඩක් හිටපන් මම driver ට පෝන් එක දෙනකල්...
පොයියා - දීපන් කොන්දොස්තරට......................................
ටක් ගාලා මම පෝන් එක තිබ්බා. මොකටද උදේ පාන්දරම හොද පද ටිකක් අහා ගන්නේ......
කොහොම හරි 8.30 විතර වෙද්දී ගියා. මෙන්න කට්ටිය ඉන්නවා බැන බැන. කට්ටිය ඇවිත් තියෙන්නේ හොදින් හෝ නරකින් හන්තාන උඩටම යන්න. එකේ පළමු පියවර තමා බස් එකේ යන එක. ගියා උඩුවෙල බස් එක ගාවට ඇහුවා කීයටද බස් එක යන්නේ කියලා. 9.15 ලු දැන් හිටපන්කෝ විනාඩි 45 ම. දන්නවා නම් තව ටිකක් පරක්කු වෙලා එනවා. යන්න වෙන බස් එකකුත් නෑ. ඩොටේ පැත්තක්.
වෙන මොනවා කරන්නද? බස් එකේම යන්නත් එපයිනේ. කට්ටියම සෙට් උනා බස් එකේ පස්සහ සිට් එකට. බස් එකේ හිටිය කට්ටියටත් එපා වෙන්න ඇති. මෙතන එක විකාරයි. බයිට් කර ගන්නවා හෝ ගාලා. හිනා වෙනවා. කෑ ගහනවා. ඒ අස්සේ පරණ දේවල් කතා වෙනවා. ගොඩක් කලෙකින්නේ කට්ටිය සෙට් උනේ. විනාඩි 45 යනවා දැනුනෙත් නෑ. බස් එකටම ෆන් එකත් සපයලා. අපිව බස් එකටම සේල්.
බස් එක යන්න පටන් ගත්තා. කදුම තමා. කැරකිලා කැරකිලා බස් එකෙනුත් බැස්සා. මෙන්න හන්තාන ළගටම ඇවිත්. තව ටිකයි. දැන් නම් මාර ෆිට්. හන්තාන දිහා බල බල නැංගා. කලින් YES එකෙන් ඊතල වගයක් ගහලා තිබ්බා. ඒවාපස්සෙම ගියා මේ පාර නම් කෝලෑ වෙන්න දෙන්නෙම නෑ කියලා හිතා ගෙන. අවුලක් ගියේම නෑ. ඉදලා හිටලා පාරෙන් පිට ගියාට කොහොම හරි හරි පාර හොයා ගත්තා.
2.30 විතර වෙද්දී දෙයියනේ කියලා පහලට බැහැ ගත්තා. ඔන්න ඔහොමයි කොහොම හරි අපි හන්තානේ ගිහින් ජාමේ බේර ගත්තේ. අපිත් ලේසි පොරවල් නෙවෙයි.........