මොකෙක් හරි වාසනාවන්තයෙක්ට ඕක අයින් කරන්න වෙනවා. සමහර දවස්වල මොකෙක් හරි අල්ල ගන්න බැරි උනොත් මම යන වෙලාවටත් ඕක තියෙනවා බැබලි බැබලි. චික් දවසම ඉවරයි.
දවසක් දොරත් එකක්ම තියෙන වංගුවක අපේ පුසා අපිට තෑග්ගක් තියලා ගිහින්. ඕක අයින් කරන්න වගකිය යුත්තන්ට එකෙක් හොයා ගන්න බැරි වෙලා. අපි ලැබ් එකට යන්න එලියට බැහැලා හිටියේ. කෙමෙස්ට්රි මැඩම් දොරෙන් ඇවිත් වංගුව ළගින් කපලා ගත්තා, කකුලක් බොක ගොඩේ. ඈක්කා...
මැඩම් මුණත් ඇඹුල් කරගෙන නොන්ඩි ගගහා පහළ ටැප් එකට ගිහින් පුසට බැන බැන කකුල හොද ගත්තා. මොනවා කරන්නද? කවුරුත් දැක්කේ නැත්තම් ෂේප් එකේ අයිනක පිහිදාගන්න තිබ්බා. අපේ එවුන් කරනවා වගේ. කට්ටියම සීන් එක දැක්කේ නෑ වගේ ලැබ් එකට දුවගෙන ඇවිත් මුල්ලක් අල්ලන් බඩ අල්ලගෙන හිනා වෙනවා.
ඔය අතරේ වක්කඩයක් වගේ කටක් තියෙන පොයියා සීන් එක දැක්කේ නැති එවුන්ට රංගනයත් සමග කතාව කියනවා....
ඊට පස්සේ මැඩම්ව දකින හැම වෙලාවකම පොයියා " ආපෝ... අර මැඩම් තමා එදා පුස් බොක පාගගෙන ඉස්කෝලේ වටේ ගාගා ගියේ..." කියලා කියන්න අමතක කරන්නේ නෑ.
http://www.felinest.com/famous-cartoon-cats/