Monday, February 6, 2012

තවත් වැඩර් කෙනෙක්.


  මේක අපේ තවත් A/L වීර කතාවක්. මේ සිද්දිය වුනේ පොසොන් මාසේ. හරියටම කිව්වොත් 2009 ජුනි 05. එදා පොසොන් උත්සවය වෙනුවෙන් ආගමික වතාවත් කරන්න ඉස්කෝලේ ළග පන්සලකට එක්කන් යනවා කියලා කලින්ම කියලා තිබ්බා.ඒ හින්දම අපි පොඩි ප්‍ලෑනක් ගැහුවා. අපි ඉතින් ආගමට දහමට ලැදි ළමයිනේ. හිකිස්....

  උදේ බෑග් නැතුව ඉස්කෝලේ ඇවිත් පන්සල් යනකොට සේප් එකේ ගෙදර යන එක තමා ප්‍ලෑන. කොහොමද අපේ ටිකිරි මොළේ. :P ගෙදර කිව්වට යන්න තියෙන්නේ පොයියාගේ ගෙදර තමා. මමයි, පොයියායි (Address නැති වීම.), කොතයි (මෙහෙමත් වැඩ වෙනවා.), මලියායි, DJයි තමා වැඩේට රෙඩි වුනේ. තව පොඩ්ඩෙන් අමතක වෙනවා ගඩොලයත් අපිත් එක්ක ආවානේ. අත්දැකීම් බහුල ටීම් එකක්.

  එදා ප්‍ලෑන් කරපු විදිහට ඔක්කොම වැඩ සිද්ද උනා. Prefect ලාට ඉන්නෙත් අපේ එවුන්ම හින්දා උන්ටත් බායි කියා ගෙන අපි පොයියාගේ ගෙදර ගියා. ගිහින් තේ එකක් එහෙම බිලා කරන්න වැඩකුත් නැති හින්දා බැස්සා එලියට. මෙන්න තියෙනවා පොයියාගේ වන්ඩිය. වන්ඩිය කිව්වේ බයික් එකට. ටිකක් පරණයි. වෙලාවේ හැටියට මරු භන්ඩේ. දෙයියනේ කියලා පොයියා ගත්තා වන්ඩිය එළියට. ගත්ත ගමන්ම මේකා තැ‍රි ගහගෙන වැටුනනේ. ලැජ්ජාවේ බෑ. හිකිස්. හොද වෙලාවට අපි විතරයි දැක්කේ. හොද වෙලාවට තුවාල උනෙත් නෑ.

  උගේ අවාසනාවට අපේ වාසනාවට මේ සීන් එක මගේ ෆෝන් එකේ රෙකෝඩ් උනා. ඒක අත්වැරදීමක්. මම ඒ දවස්වල ෆෝන් ඒක යන යන තැන ගෙනියනවා. හදිස්සියකට ගෙදරට කථා කරන්න. :P මෙන්න ඒ විකඩම.....




නිෂ්පාදනය හා අධ්‍යාක්ෂනය - මම.
පසුබිම් කථනය - කොතා.
ආරාධිත රංගනය - පොයියා.
තිර රචනය - මොකා ලිව්වද දන්නේ නැතෝ.

  ඊට පස්සේ තමා අපිට කෙල වෙන්න පටන් ගත්තේ. සෙනසුරාදා ඉරිදා class වලදී ආරංචි උනා අපේ ප්‍ලෑන ලික් කියලා. ඒත් ඉතින් අපිට අපේ එවුන් ෂුවර් නැනේ. වෙලාවකට පොයියා කැලේ උන්ගේ පොයිවලට. කෝකටත් සුදානම් ශරීරයෙන් සදුදා ඉස්කෝලේ ගිහින් ඔක්කොටම පොයියාගේ හපන්කම (චාටර් වීඩියෝව) පෙන්නලා පන්තියට ෆන් එකක් සැපෙව්වා. එදා පොයියා ටිකක් බයිට්. කවුරුත් පොයියව බයිට් කරන්න යන්නේ නෑ පොයියා බයිට් කරන්න ගත්තොත් රෙදි ගැලවෙන්නම බයිට් කරනවා කියලා දන්න හින්දා. ඒ කුරිරු අත්දැකීමට මුහුණ දෙන්න කවුරුත් කැමති නැනේ...

  ඉස්කෝලෙත් පටන් ගත්තා. මැඩම් ඇවිත් ගත්තා කොලයක් එළියට කියවන්න පටන් ගත්තනේ නම් සෙට් එකම. අපේ පැත්තේ 8 ක් හිටියා ඉතුරු වෙලා ඉදලා තියෙන්නේ 2යි. ගියේ 6 දෙනයි. ඒත් නම් 8 කියවුනා. පන්තියේ අනිත් ඇත්තේ 2 ක් අපේ මෙහෙවුමට හොරෙන් සවන් දීලා අපිව අනුගමනය කරලා උන් දෙන්නත් ගෙදර ගිහින්.

  මැඩම් පොඩි බණකුත් දුන්නා. ඒත් ඉහළට දැනුන් දීලා නෑ. මැඩම් හොද හින්දා හොදයි. මැඩම්ට අනුව මේක සංවිධානාත්මක කුමන්ත්‍රණයක්. මේකේ නායකත්වය පොයියා සහ කොතා අරගෙන ඇති බවයි මැඩම්ගේ මතය. පිස්සු වැඩ කොච්චර කරත් පන්තියේ තැනකට ඇවිත් තියෙන්නෙත් මේ සෙට් එකම තමා.

  තව පොඩ්ඩෙන් අමතක වෙනවා. පොයියගේ වීඩියෝවට මම දුන්න පබ්ලිකේෂන් ඒක දැකලා පොයියා අහපි.....

පොයියා - තෝ ඕකත් දාපං Facebook...
මම - කියන්න දෙයක් නෑ දාලා ඉවරයි...
පොයියා -නොදකින් තෝ නම්..
මම - බය වෙන්න එපා බං, උබේ මුණ පෙන්නේ නෑ..
පොයියා - එහෙනම් අවුලක් නෑ
මම - ඒ හින්දා මම උබව tag කරා. කාට හරි අදුර ගන්න බැරි උනොත් අපරාදෙනේ...
පොයියා - අපෝ...... අමනයා...

පව් අසරණයා....




Sunday, January 1, 2012

තේ හැදිල්ල


එහනම් කට්ටියටම සුභ නව වසරක් වෙන්න ඕනේ.....

           මේක පහුගිය අවුරුද්දේ වෙච්ච දෙයක්. වැඩි ඇතක නෙවෙයි ගිය සතියේ. මට අංකල් කෙනෙක් එන්න කියලා තිබ්බා එහෙට ඉන්ටනෙට් අරගෙන වයර් ටික මුට්ටු කර ගන්න විදිහක් නෑ කියලා. මම යද්දී ගෙදර හිටියේ අංකලුයි අංකල්ගේ දුවයි විතරයි. මම වයර් මුට්ටු කරන අතරේ මට තාත්තලා දුවලා කුටු කුටු ගානවා ඇහුණා. අංකල් සිනි හැදී 3, පිටි හැදී 2 .......කියලා කියනවා මට ඇහුණා . ඊට පස්සේ විනාඩි 15 කට විතර පස්සේ මෙන්න අංකල්ගේ දුව එනවා තේ කොප්පයකුත් අරන්....

මේක දැකපු අංකල්ට මාර හැපී. අංකල් කියනවා....

"ඔය ජිවිතේ පළවැනි පාරට තේ එකක් හැදුවේ. පුතාට ඉස්පිලිතාලේ යන්නත් වෙයිද දන්නෙත් නෑ...." කියලා....

මගේ ලේ වතුර උනා. මට එක පාරටම මතක් උනේ ක්ලොගර්ඩ් ඇඩ් එක. (මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී.)

අංකල්ගේ දුව හිනා වේවි කියනවා.

" අනේ තාත්ත වතුර නිමිලානේ."

කාලා වරෙන්කො මෙකි කිරි හැදුවේ ඇල් වතුරෙන්ද දන්නේ නෑ.

"කලින් කියන්න එපයිනේ. මම හිටරේ ගහලා දෙනවනේ" අංකල් කියනවා.

මෙකි ලැජ්ජා නැතුව යන ගමන් මගෙන් අහනවා.....

"අයියා වෙන තේ එකක් හදන් එන්නද?" කියලා.

මම ඕනේ නෑ කිව්වා. මොකටද නිකන් ඉල්ලන් කන්නේ....

          දැන් තමා නියම හරියට එන්නේ. කොහොම හරි මේක බොන්නම වෙනවා. එතන අංකලුත් ඉන්නවනේ විසි කරන්නත් බෑ. මොනවා කරන්නද මම මගේ ජිවිතේ පරදුවට තියලා මම තේ එක බොන්න පටන් ගත්තා. ඇල් වතුරෙන්ම තමා තේ හදලා තියෙන්නේ. බොන්න බැරි තරම් අවුලක් තිබ්බෙත් නෑ. අවුලක් නැත්තෙමත් නෑ. කිරි පිටි අඩුවෙන් දාලා වගේ දැනුනා. උගුරට දෙකට තේ එක බිව්වා. මොකද රස විදින්න දෙයක් තියනවා කියලය. තාම නම් කිසිම අවුලක් උනේ නෑ. අනාගතයේ මොනවා වෙයිද දන්නේ නෑ.

         මට පස්සේ හිතුනේ මෙහෙම ගැනු ගන්න වෙන අසරණ කොල්ලෝ පව් කියලා. හැබැයි මම එක දෙයක් ගැන සතුටු වෙනවා අමාරුවෙන් හරි තේ එකක් හදා ගත්ත එක ගැන. සමහර කෙල්ලෝ ඉන්නවනේ තමන්ගේ හස්බන්ඩට වත් තේ එකක් හදලා දෙන්නනේ  නෑ කියලා දැන්මම හිතාගෙන ඉන්න...... හිකිස්....



Friday, December 9, 2011

මෙහෙම වැඩත් වෙනවා.



ගිය සතියේ මාර වැඩක් උනා. මම Facebok එකේ Offline හිටියත් වැඩිය Online ඉන්නේ නෑ. Online ගිය වෙලාවක අපේ පන්තියේ එකෙක්  Chat එකට ආවා. මිනිහා Online ඉන්නවා දැකලා තිබ්බට Chat කරලම තිබ්බේ නෑ.

පොර මාත් එක්ක පොඩි කාලේ ඉදලම එක පන්තියේ හිටියේ. O/L කරන කාලේ විතරක් පන්ති දෙකක හිටියේ. ඊට පස්සේ A/L කරන කොට ආයෙත් එකම පන්තියට වැටුනා. ආයේ කියල වැඩක් නෑ පරක්කුවෙලා පාසල් ඒම පිළිබද Cup ගහලා තියෙන්නේ.  ජීවිතේට කලින් ඇවිත් නැතුව ඇති. ටිකක් ඇත හිටියට කලින් එන්න බැරි කමකුත් නෑ. ඉකෝලෙනුත් මොකුත් කියන්නේ නෑ . කියලම එපා වෙලා. පිනාත් දවසක්  “මේ ළමයා සදා කාලිකවම පරක්කුයි ” කියලා යන්න කිව්වලු. A/L කරන කාලේ තමා අපේ විනය හොදටම තිබ්බේ. ඒ හින්දා Meeting එකක් තිබ්බා. එදත් අපේ එකා පරක්කු වෙලා ඇවිත් පිටිපස්සේම ඉන්නවා. පිනා මේකව පෙන්නලා කියනවා “අර ළමයා මම දන්න කාලේ ඉදන් හැමදාම පරක්කු වෙලා එන්නේ. A/L කරන කාලේවත් මේ ළමයට මේ ළගින් බෝඩ් වෙන්න උවමනාවක් නෑ.” ඕවා මානසිකව වට්ටන්න කියන කතා. අපි සැලෙයි ඔවාගෙන්. ඒවා කොහේද දිගටම පරක්කුවෙලා තමා එන්නේ. (කිව්වට මොකද මමත් ඔය Set එකේම තමා හිටියේ. ඒත් එච්චරම පරකුවෙන්නේ නෑ.)


පරක්කු වෙලා එන අයගේ නම් ලියන්න මැඩම් කෙනෙක් හිටියා ගේට්ටුව ගාව. අපි නම් බොරු නමක් දීලා කොහේ හරි වන්නියක් කියලා ෂේප් වෙනවා. ඒත් බැනුම් ටිකක් අහගන්න නම් වෙනවා. මුලදී නම් මොකක් හරි බොරුවක් කියනවා. ඒත් මැඩම්ව බම්බන්න අමාරුයි. ලේසිම වැඩේ තමා කොහෙහරි වන්නියක නමක් කියන එක. අපේ එකා ගේන්නම් ඕවා මොකුත් අහන්නේ නෑ. මැඩම් මුගේ මුන බලලා යන්න කියනවා. උගේ නම මැඩම්ට මතකයි. හැමදාම කියලම. සමහර දවස් වලට නම ලියන්නෙත් නෑ. අන්තිම කාලේ මට උනෙත් ඔය වැඩේම තමා.


දැන් යමු Facebook සින් එකට......


යාළුවා - හායි
මම - හායි මචෝ
යාළුවා - කොහොමද?
මම - අවුලක් නෑ බං..... උබට?
යාළුවා - වරදක් නෑ....... මොකද කරන්නේ මේ දවස්  වල?
මම - .......... යනවා බං. උබ .......... එකේ වැඩ කරනවද?
යාළුවා - ඕව් ... අදත් වැඩ..... අයියා නම් වැඩ මම තමා Online ඉන්නේ... 

මේක නම් වෙන්න බැරි වැඩක්. මොකද මම හොදටම දන්නවා ඕක කවුරුත් නෑ කියලා. ඕකා තනි අලියා.


මම - ඕකට මල්ලියෙක් නෑනේ ....
යාළුවා - මල්ලි නෙවෙයි එයාගේ නoගි.

කාලා වරෙන්කො. මම ටක් ගාලා බැලුවා මොනවද මම කලින් ලියලා තියෙන්නේ කියලා. හොද වෙලාවට ජරා මොකුත් ලියලා නෑ. යකෝ මේ මාස තුන හතරට මේකට කොහෙන්ද Chat කරන්න පුළුවන් නoගියෙක්.ටික මෙතන වෙන සින් එකක් යන්නේ....

යාළුවා - නoගි කීවට එහෙමමත් නෙවෙයි..

ආහ... ඔය මීටර් වෙන්නේ සින් එක. ෂුවර් එකටම මේ උගේ බඩුව වෙන්න ඕනේ. ඒත් කොහොමද ඕක අහන්නේ. විලි ලැජ්ජාවයිනේ. ඉතින් මම බබා පාර්ට්  එක රග පෑමට තීරණය කෙළෙමි.

මම - මට පිස්සුද?? නැත්නම්.......
යාළුවා - ඒකනම් නම් මම දන්නේ නෑ... මම එකත් අයියාගෙන් 
අහන්නම්.... bt එයා නම් එහෙම කියල නෑ....
මම -  ....... නම් මට නoගි කෙනෙක් ගැන කියලා නම් නෑ.
යාළුවා - මම එයාගේ Wife.... දැන් හරිනේ....
මම - එහෙම කියන්න එපයිනේ....මම අහන්න බැරුව හිටියේ....
යාළුවා - අයියෝ ඔයා මාව දන්නවනේ.... මම නම් ගොඩක් දන්නවා ඔයා ගැන ...
මම - දෙයියෝ..... ඒ කොහොමද?
යාළුවා - මම ඔයාව දැකලත් තියනවා. ඔයා මාව දන්නේ නැද්ද?

අපිත් හොද ඕපාදුප කාරයෝ තමා. ඒ කාලේ ඉදන් අපි ඕකිව දන්නවා. ඒ කලෙත් ඔයා හුටපටේ අපිට ආරංචි උනා. ඊට පස්සේ පාරේදීත් දෙන්නව හම්බෙලත් තියනවා. අපි ගියපු Class වලටත් ආවා.

මම -  දන්නවා Class ආවේ....
යාළුවා - අන්න හරි... ඔය බොරුනේ කිව්වේ දන් නෑ කියලා... දැන් නම් 
යන්න වෙනවා...බායි...
මම -  බායි...

අපිට වෙන්නෙම ඔහොම වැඩ තමා.




Wednesday, November 16, 2011

කෙසේ හෝ ජාමේ බේරා ගතිමු.


        අපිටත් ලැජ්ජා නැනේ ආයෙත් හන්තා ගියා. මුන්ව හදන්න බැනේ. හන්තානේ යන්නම ඕනේ කිව්වා. ඕන දෙයක් වෙච්චාවේ කියලා මාත් සෙට් උනා ගමනට. ගිය පාර හන්තානේ ගිහින් වුණු දේවල් චාරිකාවක පාඩම් කියලා මම මගේ පළවැනි post එකෙන් දැම්මනේ. කලින් කැලෑ පත්තර ගහලා තිබ්බට blog ලියලා තිබ්බේ නැනේ.

      ඔන්න ඉතින් ඔක්කොම ඊයේ (2011/11/15) තමා යන්න සෙට් උනේ. ඒත් උදේ පාන්දරම මම කියන එකා පරක්කුයි. බලු බැනුම් මට. බස් එකේ එන ගමන් පොයියා මට කතා කරා.

පොයියා - උබ කොහෙද ඉන්නේ?
මම - තාම මග බන්...
පොයියා - ඉක්මනට වරෙන්..
මම - පොඩ්ඩක්‌ හිටපන් මම driver ට පෝන් එක දෙනකල්...
පොයියා - දීපන් කොන්දොස්තරට......................................

      ටක් ගාලා මම පෝන් එක තිබ්බා. මොකටද උදේ පාන්දරම හොද පද ටිකක් අහා ගන්නේ......

      කොහොම හරි 8.30 විතර වෙද්දී ගියා. මෙන්න කට්ටිය ඉන්නවා බැන බැන. කට්ටිය ඇවිත් තියෙන්නේ හොදින් හෝ නරකින් හන්තාන උඩටම යන්න. එකේ පළමු පියවර තමා බස් එකේ යන එක. ගියා උඩුවෙල බස් එක ගාවට ඇහුවා කීයටද බස් එක යන්නේ කියලා. 9.15 ලු දැන් හිටපන්කෝ විනාඩි 45 ම. දන්නවා නම් තව ටිකක් පරක්කු වෙලා එනවා. යන්න වෙන බස් එකකුත් නෑ. ඩොටේ පැත්තක්.

     වෙන මොනවා කරන්නද? බස් එකේම යන්නත් එපයිනේ. කට්ටියම සෙට් උනා බස් එකේ පස්සහ සිට් එකට. බස් එකේ හිටිය කට්ටියටත් එපා වෙන්න ඇති. මෙතන එක විකාරයි. බයිට් කර ගන්නවා හෝ ගාලා. හිනා වෙනවා. කෑ ගහනවා. ඒ අස්සේ පරණ දේවල් කතා වෙනවා. ගොඩක් කලෙකින්නේ කට්ටිය සෙට් උනේ. විනාඩි 45 යනවා දැනුනෙත් නෑ. බස් එකටම ෆන් එකත් සපයලා. අපිව බස් එකටම සේල්.

     බස් එක යන්න පටන් ගත්තා. කදුම තමා. කැරකිලා කැරකිලා බස් එකෙනුත් බැස්සා. මෙන්න හන්තාන ළගටම ඇවිත්. තව ටිකයි. දැන් නම් මාර ෆිට්. හන්තාන දිහා බල බල නැංගා. කලින් YES එකෙන් ඊතල වගයක් ගහලා තිබ්බා. ඒවාපස්සෙම ගියා මේ පාර නම් කෝලෑ වෙන්න දෙන්නෙම නෑ කියලා හිතා ගෙන. අවුලක් ගියේම නෑ. ඉදලා හිටලා පාරෙන් පිට ගියාට කොහොම හරි හරි පාර හොයා ගත්තා.

      2.30 විතර වෙද්දී දෙයියනේ කියලා පහලට බැහැ ගත්තා. ඔන්න ඔහොමයි කොහොම හරි අපි හන්තානේ ගිහින් ජාමේ බේර ගත්තේ. අපිත් ලේසි පොරවල් නෙවෙයි.........


Friday, November 11, 2011

අමතක වීම.

          2010 අප්‍රේල් අපි ගියා අපේ පාසැල ජිවිතේ අවසාන trip එක. අදාල අවුරුද්දේ   A/L කරන පන්ති   trip එක්කන් යන සිරිතන් අපේ ඉකොලේ තිබ්බේ නෑ. ඒ වුනාට අපි කියලා කියලා කොහොම හරි trip එකක් දාගත්තා. ගියේ පාසිකුඩයි. වෙනදා නම් එක පන්තියකට එක බස් එක ගානේ ගන්නවා. ඒත් මේ පාර science section එකටම එක බස් එකයි. එච්චරකට ළමයි. විභාගේ ළග හින්දා කට්ටිය ගෙවල්වලට වෙලා වැඩ. මේ ටික එකතු කරගත්තෙත් මාර අමාරුවෙන්. වෙනදා ළමයි තිහකට විතර පත බස් එකක් ගන්නේ. බුදියගෙන යන්න පුළුවන්. 

        ඕන්න කොහොමහරි දැන් trip එක යනවා. සර්ලා දෙන්නෙක්  අන්තිම සිට් එකට කලින් සිට් එකේ. අයියලාගේ වැඩ දන්න හින්ද වෙන්න ඇති. අපේ එවුන්ට කරකියා ගන්න දෙයක් නෑ. සැලසුම් ඔක්කෝම අබ්ලික්. කට ඇරලා මොකුත් කියන්නත් බෑ. පාරේ බස් එකේ යනවට වඩා හොදට දැන් කට්ටිය යනවා. සින්දුත් නෑ. කට්ටියගේ මුණුත් අවුල්. පැයකින් විතර සර්ලාට එපා වෙලාද කොහේදෝ බස් එකේ ඉස්සරසට ගියා. හිතුවද දන්නෑ දිගටම මෙහෙම යයි කියලා. කට්ටිය හුරේ පාරක් එහෙම දාලා වැඩ පටන් ගත්තා. අපි බොහොම අමාරුවෙන් නහය කට තියාගෙන ගියේ. 

           පාසිකුඩයි ගිහින් දිය වෙන්න නාලා කාලා බිලා එන්න ලෑස්ති. බස් එක ආවාට වඩා වේගෙන් සැහැල්ලුවෙන් යනවා වගේ අපිට තේරුණා. ටිකක් වටපිට බැලුවහම මෙන්න ඉස්කෝලෙට හිටපු ලොකුම එකම වල් අලියා නෑ. අහ් දැන් වල් අලි නැනේ. වන අලියා. මල මගුලයි. මේකා මුහුදෙවත් ගහගෙන ගියාද.....? නෑ නෑ... අපි එකාව මුහුදට බැස්සුවේ නෑ. මුහුද ගොඩ ගලයි කියලා. මුට මොකද උනේ....

    වෙන එකෙක් නම් අමතක උනත් අවුලක් නෑ. දැක්කේ නෑ කියන්නවත් තිබ්බානේ. ඒත් මේ පර්වතයක් වගේ හිටපු වන අලියා අමතක උනා කිව්වාහම. හිතා ගන්න පුළුවන්නේ උගේ පන්තියේ එවුන්ගේ සිහිය ගැන. බස් එක අයින් කරලා නැවැත්තුව අනිත් බස් ටික යනකල්. දැන් බස් වල අලියෙක් ඉන්නවද කියලා බලනවා. එතකොට  එක බස් එකක් අයින් කරලා අනිත් පැත්තෙන් නැවැත්තුවා. බස් එක  එක පාරටම උඩ ගියා. යන්තන් ඇති වගා පාළුවා ඒ බස් ඒකෙන් බැස්සා. බැස්සද? බැස්සුවද? කියලා තම හරියටම දන්නේ නෑ. ඇවිත් සතුටින් අපේ බස් එකට නැග්ගා. අයියෝ අපේ බස් එක පාත් උනා. දැන් ඔය යන්නේ ආයෙත් ඇද ඇද අන්තිමේට. නැග්ග ගත්තේ අපරාදේ කියලා හිතුනා. දුක තමා.

         කොහොම හරි පොළොන්නරුවටත් ආවා ඇද ඇද. දැන් බස් එක හරවන්න reverse කරනවා. අපේ පණ්ඩිත හැත්තට ඉන්න බැනේ. reverse කරන්න උදවු කරනවා.

"හරේ ගන්න....අංකල් පස්සට reverse කරන්ඩ..."

"හරේ දැන් full කපලා තව ටිකක් කපන්න....."

    මේ අතරපස්සහම හිටපු තව එකෙක් අමාරුවෙන් පස්ස හැරී අංකල් reverse කරනවා දැකලා....

"මාරුවෙන් හැරී හැරී reverse කරන්න ඕනේ නෑ අංකල්.....ඔය රවුමත් අරන් මෙහෙට එන්නඩො.... මෙතෙන්න හොදට පස්ස පේනවෝ...."

මුන්ට තියෙන්නේ වක්කඩ වගේ කටවල්නේ.....