Sunday, November 11, 2012

කුඩයක් තියෙනවද බං?


මේ දවස්වල වහින හින්දා පන්තියේ එවුන් කුඩෙට කරපු කුජිත වැඩ ටිකක් මතක් උනා. A/L පන්තියේදී ෆ්‍රී පීරියඩ් එකක් හම්බුන ගමන් අපේ එවුන්ගේ වැඩේ ක්‍රිකට් ගහනවා නැත්නම් සිංදු කියනවා. ඔය අතරේ දෙතුන් දෙනෙක් කනේ පුළුන් ගහගෙන පාඩම කරනවා. ඕකුන් හින්දා තමා හදිස්සියකට එකෙක් හොම්බ ඇනගත්තොත් බෙහෙත් දාන්න තිබ්බ පුළුන් ටික ඉවර උනේ. අයියෝ සල්ලි....

ඔය අතරේ කවදාවත් නැතුව පොයියා පැත්තකට වෙලා කඩදාසියක් අරන් කැලි වලට ඉරනවා කාටත් හොරෙන්. කවුරුත් ගනන් ගත්තෙත් නෑ. කෙළිදෙලෙන් කාලය ගත වෙලා ඉස්කෝලේ අරින වෙලාවත් ආවා.   වැස්සත් පටන් ගත්තා ඒත් එක්කම. ඉස්කෝලේ යද්දී කුඩයක් ගෙනියනවා ඒ හින්දා හිතට බයක් නෑ. ගේට්ටුවෙන් එලියට ඇවිත් ගත්තා කුඩේ එලියට. ඉහලන්න හදනකොට ඇතුලේ තිබිලා කොළ කැලි ටිකක් බිම වැටුනා. දැන්නේ වැඩේ මීටර් උනේ. පොයියා ළග ඉන්න එකා කියලා නෑ මටම වැඩේ දීලනේ. වට පිට බලලා හෙමිට බිත්තිය අයිනට කරලා කුඩේ ඉහිලුවා. සල බල ගාලා කොළ කැලි ටික බිම. යන්තම් නින්ඩියෙන් බේරුණා. ගත්ත ගමන් ඉහිලුවා නම් දෙනෝදාහක් මැද මගේ රෙදි ගැලෙවෙනවා.

පහුවදා ආරංචි උනා තව එකෙක් කුඩේ ඉහලලා නොන්ඩි වෙලා කියලා. පොයියා දීලා තියෙන්නේ ඩබල් ගේමක් වගේ. පව් අරු අසරණයා, කිසි හිරිකිතයක් නැතුව ටවුන් ඒක මැද්දෙම කුඩේ දිග ඇරලා. 



තව දවසක් අම්බානක වහිනවා. කුඩේකුත් නෑ. හිමිට පොයියා ළගට කිට්ටු උනා.

" අඩෝ කුඩයක් තියෙනවද? "

" ආ පාට කුඩයක් තියෙනවා දෙන්නද? "

" ආපෝ එපා උබම තියා ගනින්... මම තෙමි තෙමි යන්නම්... "


http://www.toxel.com/tech/2011/02/02/unusual-and-creative-umbrellas/

Tuesday, October 2, 2012

පුසෙක් ගුරුවරියකට කල හදියක්

ඉස්සර අපේ ඉස්කෝලෙට හවස් යාමේ කොහෙදෝ ඉදලා කාලකන්නි පුසෙක් එනවා. උදේට මේකා හොයා ගන්නත් නෑ. සමහර දවස්වල උදේ පාන්දර එන හැම එකගේම සිත කුල්මත් කරන දර්ශනය පුසාගේ බොක ගොඩ. සමාන්‍යයෙන් පුසෙක් ඔය වැඩේ කරන්නේ වලක් හරලා පිලිවෙලටනේ. මේ නැහැදිච්චි පුසා, පුස් ආචාර ධර්ම අමු අමුවේ උල්ලංගනය කරලා කිසිම හිරිකිතයක් නැතුව උඩ තට්ටුවේ කොරිඩෝවේම දාලා යනවා. උදේ පාන්දර ඕක දකින එවුන් පුසාගේ දේවාලය මහන්න හිතාගෙන තමා පන්තියට එන්නේ.

මොකෙක් හරි වාසනාවන්තයෙක්ට ඕක අයින් කරන්න වෙනවා. සමහර දවස්වල මොකෙක් හරි අල්ල ගන්න බැරි උනොත් මම යන වෙලාවටත් ඕක තියෙනවා බැබලි බැබලි. චික් දවසම ඉවරයි. 

දවසක් දොරත් එකක්ම තියෙන වංගුවක අපේ පුසා අපිට තෑග්ගක් තියලා ගිහින්. ඕක අයින් කරන්න වගකිය යුත්තන්ට එකෙක් හොයා ගන්න බැරි වෙලා. අපි ලැබ් එකට යන්න එලියට බැහැලා හිටියේ. කෙමෙස්ට්‍රි මැඩම් දොරෙන් ඇවිත් වංගුව ළගින් කපලා ගත්තා, කකුලක් බොක ගොඩේ. ඈක්කා...

මැඩම් මුණත් ඇඹුල් කරගෙන නොන්ඩි ගගහා පහළ ටැප් එකට ගිහින් පුසට බැන බැන කකුල හොද ගත්තා. මොනවා කරන්නද? කවුරුත් දැක්කේ නැත්තම් ෂේප් එකේ අයිනක පිහිදාගන්න තිබ්බා. අපේ එවුන් කරනවා වගේ. කට්ටියම සීන් එක දැක්කේ නෑ වගේ ලැබ් එකට දුවගෙන ඇවිත් මුල්ලක් අල්ලන් බඩ අල්ලගෙන හිනා වෙනවා.

ඔය අතරේ වක්කඩයක් වගේ කටක් තියෙන පොයියා සීන් එක දැක්කේ නැති එවුන්ට රංගනයත් සමග කතාව කියනවා....

ඊට පස්සේ මැඩම්ව දකින හැම වෙලාවකම  පොයියා " ආපෝ... අර මැඩම් තමා එදා පුස් බොක පාගගෙන ඉස්කෝලේ වටේ ගාගා ගියේ..." කියලා කියන්න අමතක කරන්නේ නෑ.

http://www.felinest.com/famous-cartoon-cats/


Monday, September 3, 2012

සිංදුවක්‌ අමතක උනොත්


මේකත් පොයියා Address නැති කරපු පංතියේ වුන වැඩක්. ඉස්සර ඉස්කෝලේ ගිය කලේ වගේම තමයි, ඉස්කෝලේ හිටපු ඔක්කොමයි, අනිත් ඉස්කෝලවල ඔක්කොමයි රිවිෂන් එකේ. ඒ හින්දා ෆන් එකේ ඉන්න පුළුවන් උනා. අපි නම් ඉදිරි පෙළ තමා ක්‍රීඩා කරේ. ඒත් පසු පෙළ තරම්ම ආතල් තිබ්බා. මොකද පොයියා ( තවත් වැඩර් කෙනෙක් ) හිටියේ අපිත් එක්කනේ.

මාත් එක්ක එකට රිවිෂන් ගියපු එකෙක් තමා මුට්ටියා. අපේ ගෙවල් පැත්තේ හිටියේ. ඒ හින්දා යන්නේ එන්නේ එකට. වෙලාවට වැඩ කිරීම නම් සුපිරි. මම හැමදාම විනාඩි 10කට වඩා ඉන්නවා හෝල්ට් එකට වෙලා ඕකා එනකල්. වැඩේ කියන්නේ පරක්කු වෙන හැමදාම මේකට කියන්න දෙයක් තියෙනවනේ.


ඔය කාලේම ගෙවල් පැත්තේ අපේ රිවිෂන් එකටම ආපු කෙල්ලෙක් මුට හිනා වෙලා. හෝල්ට්වල හිටන් ඉන්නයි, ඒකි යන බස්වල යන්නයි අපි මාර කට්ටක් කෑවේ. අපි නම් ඒකිට කිව්වේ පෙන්දී කියලා. ඒකි හැමදාම එනකොට කොන්ඩ කැරැල්ලක් මුණට දාගෙන එන්නේ. අපි දකින දකින සැරේ ඔකිගේ වැඩේම ඔය පෙන්ද අරගෙන කන අස්සේ ගහ ගන්න එක. මුට්ටියා බයිට් උනෙම ඔය පෙන්ද හින්දා තමා. මුට්ටියත් මෝඩයා වගේ අපේ කුණු කථා අහගෙන ඉන්නවා. පස්සේ ආරංචි උනා පෙන්දී කොල්ලෝ ගොඩකට ඔහොම හිනා වෙලා තියෙනවා කියලා. කොල්ලෝ අවුස්සන එක ඒකිගේ විනෝදාංශයලු. ඒ ආරංචියෙන් පස්සේ කොල්ලා අප්සට් ගහලා හිටියේ. ඒත් වැඩේ අත ඇරියේ නෑ. ඔය දවස්වලම පෙන්දිට බොක්කෙන්ම ට්‍රයි කරපු තව එකෙක් හිටියා.

කෙමෙන් කෙමෙන් කාලය ගෙවිලා රිවිෂන් පන්තියේ අන්තිම දවසටත් ආවා. අන්තිම පැය කිහිපය ළමයිට සිංදු කියන්න වෙන් කරලා තිබ්බේ (නෑ.. නෑ.. ඒ සිංදු නෙවෙයි යකෝ.). කොල්ලෝ ස්ටේජ් එකට නැගලා සිංදු කියනවා ඉවරයක්‌ නෑ.  එක කෙල්ලෙක් නෑ ආසාවට. ඔය අතරේ පෙන්දිට ට්‍රයි කරපු කොල්ලත් " උණුහුම....." සිංදුව කිව්වා.

මේක මුට්ටියා බයිට් කරන්න හොදම වෙලාව කියලා හිතපු පොයියයි මමයි මුට්ටියා වට කර ගත්තා. " බලපන් යකෝ අරු නම් සිංදුවක් කියලා පෙන්දිගෙන් ලකුණු දා ගත්තා. තොත් සිංදුවක් වත් කියලා ලකුණු ටිකක් ද ගනින්.... නැත්තම් වස නෝන්ඩිය..."

කාගේ මෝඩකමද දන්නේ නෑ. මුට්ටි එක පාරටම සර්ට පෙන්න අත උස්සලා නැගිටලා ඉස්සරහට ගියා. අපි නම් හිතුවෙම මු අපිට විහිලු කරනවා කියලා, කවුද දන්නේ මුට මෙච්චර ගතක් එයි කියලා. මුට්ටි මයික් එකත් අල්ලන් ස්ටේජ් එකට නගින පඩිපෙළේ පඩි දෙකක් නැගලා සිංදුව කියන්න පටන් ගත්තා. කිව්වේ " මතු දාක කාසි නිසා....". මම දන්න කාලේ ඉදන් ඕකගේ කටේම තිබ්බේ ඔය සිංදුව තමා. මට නම් එපා වෙලා තිබ්බේ මුට්ටියා ඔය සිංදුව කියනවා අහලම. මෙච්චර වෙලා කෑගගහ හිටපු අපේ එවුන් සද්දයක් නෑ. ඒත් අනිත් එවුන් කෑගහනවා.

එක පාරටම මුට්ටියා සින්දුව නැවැත්තුවා. මල කෙලියයි මුට සිංදුවේ ඉතුරු ට්ක අමතක වෙලා. දස අතේ කල්පනා කරනවා. දිවා රෑ නොබලා මුමුණන සිංදුව මුට අමතක උන එකත් පුදුමයි. අපි කල්පනා කරේ මේකා ස්ටේජ් එකෙන් බැහැලා ආවා නම් නෝන්ඩියක් නෑ කියලා. ඒත් මේකා එන පාටක් නෑ. තප්පර 30ක් විතර මුට්ටි පඩිපෙළ උඩ සිංදුව මතක් කරනවා. එක පාරටම මුට සිංදුවේ ඉතුරු ටික මතක වෙලා කියන්න පටන් ගත්තා. අවුලක් නැතුව ඉවර වෙන කල්ම කියා ගත්තා යන්තන්. සිංදුව ඉවර කරලා " ස්තුතියි... මගදී සිංදුව අමතක උනා. එකට සමාවෙන්න .... " කියලා මුට්ටි බැහැලා ආවා. ස්ටේජ් එකෙන් මගදී බැහැලා ආවට වඩා ඒක නම්බුකාරයි කියලා අපිට පස්සේ තේරුණා.

අවුලක් නෑ වැඩේ ලස්සනට ගියා. ඒත් මුට්ටිට අප්සෙට්. ටිකකින් මුටම අවුල් කියලා හිතිලද කොහේදෝ " අපි දැන් ගියොත් හොදයි නේද බං ? " කියලා බැග් එක අතට ගත්තා. මොනවා කරන්නද අපිත් මේවට වග කියන්න එපයිනේ. ඉතින් ෆිල්ම් එක ඉවර වෙන්නත් කලින් මුට්ටියි, මමයි නැගිටලා ආවා.

එලියට යන්න ආවට යන්න විදිහක් නෑ. ළමයි පොළින් ගැහිලා සර්ට වදිනවා. අන්තිම දවසනේ. එලියට යන්න ඕනේ නම් පෝලිමේ ඉන්න වෙනවා. හෝල් එකේ මැද අපි පෝලිමේ හිටගෙන. හෝල් එකේ ඔක්කොටම පේනවා. එහා පැත්තෙන් කෙල්ලොන්ගේ පොලිමකුත් හැදෙනවා. මුට්ටියා දිහා කට්ටිය නොන්ජලේට වගේ බලනවා අපිට දැනුනා. පෝලිමේ හිටියොත් අගුරු වෙන්නම කර වෙන්න වෙනවා. මෙච්චර කලි ඉගෙන ගත්ත භෞතික විද්‍යා දැනුමයි ස්ථානෝචිත මෙව්වා එකයි දාලා බංකු උඩින් ගිහින් බැම්මෙන් පැනලා එලියට යන්න අපි තීරණය කරා. හොද නරක හිතන්න වෙලාවක් නෑ. අපි සැලසුම ක්‍රියාත්මක කරා.

එලියට ආවා විතරයි පොයියා කෝල් කරනවා. " හිටපන් යකෝ අපිත් එනවා." බලනකොට කොල්ලෝ සෙට් එකක් අපේ තියරිය භාවිතා කරමින් හෝල් එකෙන් එලියට එනවා. සර්ට වදින්න හිටියොත් අපේ රෙදි ගැලවෙයි කියලා හිතලා අපි සර්ට වදින එක පස්සට කල් දාලා ගෙදර එන්න ආවා. බස් තොර තොර ඉන්න අපි එදා ආපු පලමු බස් එකේම නැගලා වෙනදාටත් වඩා කලින් ගෙදර ආවා.


Wednesday, August 1, 2012

සිල් ගැනීම..



පාසලේ සිල් ගත් අයුරු අපේ සිලේ මැයෙන් පසුගිය වෙසක් මස පල විය. මෙම පොහෝ දිනද ලියන්නට යන්නේ සිල් ගෙන කල අජුත වැඩ පිළිබදවය.


පාසලේ සිල් ගැනීමේදී සරම අනිවාර්ය වේ. වැස්සකටවත් දහම් පාසලකට ගොඩ වී නැති සමහරුන්ට සුදු සරමක් නැත. ඔවුන් එදිනටද සුදු කලිසමෙන් සිල් ගනිති. එහෙත් සරමක් ඇද සිල් ගන්නා විට ආතල් එකක්ද ඇත. අපට සුදු සරම් තිබුනද අදින්නේ අකලටය. දහම් පාසල් අන්දේද නොඇද බැරි තැනය. දහම් පාසල් ගමන නැවතුන පසු සරම අදින්නට වුයේ අවුරුද්දට එක් වරක් පමණි. ඒ පාසලේ සිල් ගන්නා දිනයේය. අවුරුද්දක් පුරා සගවා තැබූ සුදු සරම එදිනට සොයා ගන්නේ බොහොම අමාරුවෙනි.


සිල් ගන්නා දිනයේ සුදු දිග කලිසම උඩින් සුදු සරම අපේ පුරුද්දය. එය ශරීර සෞඛ්‍යට හොදය. නැතහොත් නිසැකෙන්ම එකෙක් සරමේ එල්ලී සරම කඩා දමනු ඇත. එවිට විලි ලැජ්ජාවකි. එම නිසා සුදු කලිසමට උඩින් සරම ඇද කලිසමේ කකුල් තුන්කාලක් වන තෙක් නැමීම හොදය. ඒවිට වෙනසක්ද නොපෙනේ. කලිසමක් ඇද තිබේදැයි බැලීමට සරම ඉස්සිය යුතුය. එවන් අවස්ථාද එදීනට පන්තියේ සුලභය. තවද එදින බිම ඉද ගන්නා නිසා සුදු කලිසමේ මඩ ගෑ වීමෙන් ආරක්ෂා කර ගැනීමටද සරම යොදා ගත්හ. සුදු දිග කලිසම් ඇදීමට පටන් ගත් මුල් කාලයේ මඩෙන් දුවිල්ලෙන් කලිසම බේරා ගැනීම අසීරු කාර්යයකි. බස් රථයේදී කලිසම පාගන විට යකා නැගී. එකල පංතියේ එකාලා හවස් වනවිට රට හුණු අතුල්ලා කලිසමේ මඩ පහරවල් මකා ගත් ආකාරය මට හොදින් මතකය. පසුව අපි ඒ දේවල් සදහා හුරු වුනෙමු. කෙසේ වෙතත් සිල් ගන්නා දිනයේ එවන් කරදර අඩුය.


යටින් කලිසමක් ඇද සිටියත් බෙල්ට් එකක් දැමීමට අපි අමතක නොකෙළෙමු. නටන නැටුම්වලට සරමට යොදන ගැටය වැඩි වෙලාවක් රදා පැවතියොත් එය පුදුමයකි. අවුරුද්දට වරක් අදින සරමට හරිහමන් ගැටයක් දීමටද අපි නොදන්නෙමු,


සිල් ගන්නා දිනයේ සරමෙන් කල විකාර රැසකි. සමහරුන් බෝට්ටු පදි, තවකෙක් සරම කරට ගෙන ඩාන්ස් කරයි, තවකෙක් සරමෙන් බුතයා පාරක ගසයි. එක විකාරයකි. යටින් සුදු කලිසම තියෙන තෙක් ලැජ්ජාවක් නැත. කොහොමත් අපේ එවුන්ට ලැජ්ජාවක් නැත. අවසන් වරට සිල් ගත් දිනයේ ගත් සරම් ඩාන්ස් වීඩියෝවක් පහත ඇත.




11 වසරේ සිල් ගත් දිනයේ හාමුදුරුවෝ බණට වැදෑරු කරුණක් මතක් විය. අපත් සමග සිල් ගෙන සිටි පන්ති භාර ගුරුතුමා එලියට ගිය පසු හාමුදුරුවෝ " බලන්න මල්ලිලා අර ඔර්ලෝසු කනුව ළග පඩිපෙළේ, පඩිපෙළ බහිනවා ගෑණු ළමයි කොටට ඇදගෙන, පහළ ඉන්න අපිට මොනවද නොහිතෙන්නේ?? " කියා වැදෑරූවා මතකය.


ප.ලි. අනාගතයේ සිල් ගැනීමට සිටින උපාසකයන් මේවා ආදර්ශයට නොගන්නා මෙන් ඉල්ලා සිටිමි.


ප.ප.ලි. අප 10 වසරේ සිටින කල සිංහල ගුරුතුමා නිවසට සරම් අදින අය විමසු විට එකෙක් වත් නොවිය. එවිට එතුමා පැවසුවේ ඕවා අනාගතයට තමා බලපාන්නේ කියාය. එසේ පැවසුවේ කිමදැයි මම තවම සිතමි.

Tuesday, July 10, 2012

මස් කට්ටා...


O/L කරන කාලේ මට එහා පැත්තේ හිටියේ හයේ හතරේ පොරක්. පන්තියේ එවුන් පොරට කිව්වේ ඌරා කියලා. වැඩ කිඩ වල හැටියට නම දාලා තිබ්බේ. ඔය කාලෙම තමා රොබින්සන් අන්දරය ගියේ. එකේ හිටපු ඌරාගේ නම බානබස්නේ. ඒ හින්දා පොරටත් බානබස් කියන්න පුරුදු උනා. කවදාවත් පොරට ඇහෙන්න ඔය නම් එකක්වත් නොකියන්න අපේ එවුන් වග බලා ගත්තා. කවුරුත් කැමති නැනේ නිකන් බොරුවට අත පය කඩා ගන්න. බනා මැරයෙක් නෙවෙයි, ඒත් චන්ඩියෙක්. කවුරුත් ඌට බයයි. වචනයක් වත් කියන නෑ පොරට විරුද්ධව. මට එහා පැත්තේ හිටපු හින්දා මටත් එකෙක්වත් මොකුත් කියන නෑ. ඒ හින්දා මට බයක් සැකක් නැතුව හිටියා. පන්තියේ එවුන් " හිටන්කෝ බනා ආපු නැති දවසක තෝව අල්ල ගන්නම් " කියලා කීප සැරයක්ම කියලා තියෙනවා.

අපේ පෝලිමට ඉස්සරහ පෝලිමේ හිටියා මස් කට්ටා නොහොත් චුටි කුකු. ඔය නම හැදුන හැටි සුන්දරයි. සුන්දරයි කිව්වට පැත්තම ගද ගහන කුණු කතාවක්. ඕකා ජිවිතේටවත් බැග් ඒක අස් කරන එකෙක් නෙවෙයි. වට පිටාවේ ඉන්න එවුන් ගැන අපි දන්නවානේ. 

දවසක් ඉන්ටවල් එකේ බනා මස් කට්ටක් සුප්පු කර කර ඉන්නවා. චුටි කුකු එලියට යනකල් ඉදලා " මේකා මෙහෙමවත් හදා ගන්න ඕනේ " කියලා බනා සුප්පු කර කර හිටපු මස් කට්ට අරුගේ බැග් එකට දැම්මා. පන්තියේ හිටපු එවුන් මොකුත් ඇහුනෙත් නෑ දැක්කෙත් නෑ වගේ හිටියා. කවුරුත් කට හොල්ලන් නෑ. දන්නවනේ බනා හැටි. අකාලේ තරුණ ජිවිතයක් වල පල්ලට යවා ගන්න ඕනේ නෑනේ බානබස්ට කියලා.

දවස දෙක තුනක් ගියා. කිසිම ප්‍රතිචාරයක් නෑ. බැරිම තැන බනා පොරට කරපු වැඩේ කිව්වා. ඊට පස්සේ තමා මේකා බැග් ඒක අදින්න පටන් ගත්තේ. මෙහෙමත් එකෙක්. මාසයක් ගියත් ඔය ටිකම තමා. බොහොම අමාරුවෙන් හොයලා හොයලා මස් කට්ට එලියට ගත්තා. ඉතුරු ටික ඕනේ නෑනේ. මටත් අප්පිරියයි වගේ. මේකා බනාට බනිනවා පලු යන්න. අපිට හිනා. ඊට පස්සේ තමා මස් කට්ටා කියලා නම හැදුනේ. ඊට අමතරව චුටි කුකු කියන්නත් පටන් ගත්තා.

මට මේ සිද්දිය මතක් උනේ මස් කට්ටා මේ බ්ලොග් එක කියවන ගමන් SMS එවපු හින්දා. පොර මෙහෙම වැඩත් වෙනවා පොස්ට් එක කියවන ගමන් මට SMS එවනවා. 

මස් කට්ටා - මචෝ මේ චැට් සීන් එක ඇත්තටම උන දෙයක්ද බං...

මම -  ඕව් යකෝ... ඇයි ??

මස් කට්ටා - නෑ බං. ඕකි මටත් ඔය වැඩේම කරානේ. වැඩේ කියන්නේ මගේ අතින් කුණු හරප ටිකක් කිය උනනානේ බං. මොනවා හිතුවද දන්නේ නෑ...

මම - ඔහේ පලයන්.... මොනවා හිතන්නද බං.... මෙහෙමත් ගැනු.....