Friday, April 27, 2012

ලන්ඩන් නයා





මම A/L කරලා ගෙදරට වෙලා කාලකන්නි වෙන කාලේ චැට් එකට ලන්ඩන් නයා සෙට් වුණා. ඒ දවස්වල ඔය නම හැදිලා තිබුණේ නෑ. මු මට චැට් එකේදී මට කියනවා " අඩෝ මම ලන්ඩන් ගියා higher education වලට, ආයේ එන්නේ pilot කෙනෙක් වෙලා තමයි  " කියලා. මම ගණන් ගත්තේ නෑ. මොකද ඕකත් අරිනවා ටොම්බ පොයි. ඒත් අපේ පොයියා තරම් ලස්සනට පොයි කෙලින්න බෑ. අතේ මාට්ටු වෙනවා. කෝකටත් කියලා profile එකේ බැලුවා. මේකා current city එකටත් ලොන්ඩන් කියලා දාලා. විශ්වාස කරන්නත් අමාරුයි.


කෝකටත් කියලා මම ඕක අපේ එවුන්ට කිව්වා. මේ සිද්දිය තව කීප දෙනෙක්ට ලන්ඩන් නයාම කියලා. අපේ එවුන් කියනවා " පිස්සුද යකෝ මම ඊයෙත් දැක්කා ඕකා පේපර් එක බාගෙට ලියලා කලින් ගෙදර යනවා " කියලා. මම බැලුවා මේකව ලන්ඩන් වලින් පන්නුවද දන්නේත් නැනේ. සමහරු නම් කිව්වේ " ඕකා airport එකක් නැතුවම නුවරට ප්ලේන් එකක් බායි" කියලා.


ලන්ඩන් නයාගේ ගෙදර තිබ්බේ ටවුන් එකෙමයි පයින් යන දුරින්. ඒ හින්දා පොයියා නම කිව්වේ " ඕකා ඔර්ලෝසු කනුව ලගින් යන බස් එකක 6 ටිකට් එකක් අරන් ලන්ඩන් යන්න ඇති" කියලා. එහෙම කියලා තමා ලන්ඩන් නයා කියලා නමත් දැම්මේ.


ලන්ඩන් නයා ඉස්කෝලේදී කරපු වැඩක් මතක් වුණා. අපි A/L කරන්න ගියපු ගමන්ම අපු ගුරු දිනයට, ගුරුවරුන්ට මොනවා හරි දෙමු කියලා කට්ටිය කථා වුණා. පන්ති නායක බටර් තමා මුලසුන. කට්ටිය දෙන්න හොද තෑගි යෝජනා කරනවා. 


ඒ දවස්වල අපිට අල්ලලාම ගියපු විෂය තමා physics. පන්ති භාර මැඩම් තමා ඕක කරේ. A/L කරන්න ගියපු ගමන් යාන්ත්‍ර විද්‍යාව හෙන පාඩමක්නේ. ඔය කාලේ තමා කප්පි ගණන් හැදුවේ. මැඩම්ගේ කටේම තියෙන්නේ කප්පි තමා. කප්පි ගණන් හදලම අපි කප්පි ඔස්තාර්ලා වෙලා හිටියේ.


ඔය හින්දා වෙන්න ඇති ලන්ඩන් නයා එක පාරටම නැගිටලා " මචං අපි අපේ මැඩම්ට කප්පියක් දෙමු " කිව්වේ. හරවත් සාකච්චාවක හිටපු බටර්ට මේ ගොන් කථාවට මල පැනලා ලන්ඩන් නයාගේ බෙල්ලෙන් අල්ල ගෙන ඇවිත් පයින් එකක් ගහලා දොරෙන් එළියට දැම්මේ " තෝ ඕන එකෙකුට කප්පියක් දී ගනින් " කියලා. ලැජ්ජාවක් නැති ලන්ඩන් නයාත් ඉස්කෝලේ වටේ දෙපාරක් ගිහින් ආපහු පංතියට අවේ අපේ මුවට හිනාවක් නංවමින්. 


මට මේ සිද්දි මතක් වුනේ ලගදි මට පොරව හම්බුන හින්දා. මම පොරගෙන් ඇහුවා " ආයේ ලන්ඩන් පැත්තේ එහෙම ගියේ නැද්ද? " කියලා. කින්ඩියට වගේ. මේකා කියනවා " අඩෝ මම කවදා හරි ලන්ඩන් යනවා " කියලා. අහේ හපොයි. ලන්ඩන් ඉවරයි......  





Wednesday, March 14, 2012

අපි නොදන්න මැජික්.




මැජික් කිව්වහම විවිධාකාර මැජික් තියෙනවානේ. අපිත් A/L කරන කාලේ පොඩි මැජික් ටිකක් කරා. අන්තරස්දාන මැජික් එකක් තමා කරේ.


ඒ දවස්වල පංතිවල ඉගෙන ගෙන ඉගෙන ගත්ත දේවල් දෙන පේපර් එකට ලියා ගන්න මාර ගේමක්නේ දෙන්නේ. සමහර දවස්වලට නන්නත්තාර පේපර් දෙනවා මේලෝ දෙයක් ලියා ගන්න බැරි. ඒ දවස්වලට පොඩි ෆන් එකක් ගන්න කට්ටිය අමතක කරන්නේ නෑ. ඔය කිව්වට අනිත් දවස්වලටත් ෆන් එකෙන්ම තමා ඉන්නේ. ඒ වගේ දවසක තමා මේ භයානක මැජික් කරේ.


මුලින්ම පොඩි පොඩි දේවල් තමා නැති කරේ.


මුලින්ම රුලක්.....



ඊට පස්සේ ෆෝන් එකක් නැති කරා.....





අන්තිමේට තමා භයානකම වැඩේ කරේ. ඒ තමා මිනිහෙක් නැති කරන එක.....



අත්හදා බැලීමෙන් වලකින්න. හික්ස්.....


විශේෂ ස්තුතිය.
මැජික් ශිල්පී ගන්නොරුව (ගහේ)
පොයියා.
අතා.




Thursday, March 8, 2012

චාටර් නොවීම.



A/L පංතියේ අන්තිම කාලේ එච්චර උගන්නන්නේත් නැනේ. වැඩියෙන්ම කරන්නේ නිකන් ඉන්න එක තමා. අපේ පංතියේ එවුන් නම් නිකන් ඉන්නෙම නෑ. එක්කෝ පංතිය ඇතුලේ කොල බෝලෙන් බෝල ගහනවා, නැත්නම් සිංදු කියනවා. ආ තව කට්ටියක් ඉන්නවා පංතියේ නිදා ගන්න. ඒත් විනාඩි පහකට වඩා උන්ට නිදා ගන්න හම්බෙන්නෙම නෑ. කොහේ හරි තෙමා ගෙන තමා නැගිටින්නේ. ගඩොලා තමා හැමදාම තෙමා ගන්නේ. මල පැනගෙන තමා නැගිටින්නේ. පොයියා තමා ඔය වගේ වැඩ වලට මුලිකත්වය ගන්නේ. කවුරු කරත් අන්තිමේට අහුවෙන්නේ පොයියා තමා. ළග ඉන්න එකා කියලා නෑ ඕකා මවත් තෙමලා තියෙනවා. පංතියේ අනිත් පැත්තේ හිටියා නිදි චුලා කියලා එකෙක්. උගේ ඇත්ත නම කවුරුත් දන්නේ නැතුව ඇති. මිනිහගේ වැඩේම වෙලාවක් කලාවක් නැතුව නිදා ගන්න එක. උගන්නන වෙලාවටත් මේකා නිදි. තෙමුවට වැඩකුත් නෑ මේකා හැදෙන එකෙක් නෙවෙයි. ඒ හින්දා තමා නිකන්ම නිකන් චුලා නිදි චුලා උනා. 


වැඩියෙන්ම බෝල නම් ගැහුවේ ඉස්කෝලේ පටන් ගන්න කලින්. ඒ හින්දා මම ඒ ගැන වැඩිය දන්නේ නෑ. මොකද මම කලින් ඉස්කෝලේ යන්නේ නෑනේ :P. ඔය වැඩේට පන්ති නායකයා බටර් හැමදාම බර බරේ දානවා. කොහොම හරි පංතියේ තිබුණේම අධ්‍යපන වාතාවරණයක්.


දවසක් ෆ්‍රී පීරියඩ් එකක කට්ටිය සෙට් වෙලා සිංදු කියනවා. ඔය ගායන ඇම්ම තිබ්බේ පොයියටයි, DJටයි, මලියාටයි, කොතාටයි, ගඩොලටයි, කුණු මුල්ලේ රජාටයි (වංගෙඩිය), තව කිපදෙනේකුටයි විතරයි. වැඩේ නැගලම යනවා. කවදත් සිංදු කාපු DJ මාති දෙකේ කාසියක් අරන් ඩේස් එකට තඩිබානවා. අනිත් එවුන් සිංදු කියනවා. 


වැඩේ නැගලම යද්දී එකපාරටම කෘමියා පන්තියට ආවා. කෘමියා කියන්නේ ඉස්කෝලේ Agri සර්. අපි ආදරේට කියන්නේ කෘමියා කියලා :P. සිංදු කියලා ගඩොලයා අතේ මට්ටු. කෘමියා ගඩොලයාට ඉස්සරහට ඇවිත් සින්දුවක් කියන්න කිව්වා. ගඩොලයා වැසිකිලිය පැත්තට යන්න ගිහින් කෝකටත් කියලා ඇබරි ඇබරි අමාරුවෙන් ඉස්සරහට ගියා. ඉස්සරහට වෙලා ගඩොලයා ආතල් එකේ ඉන්නවා. ටිකකින් සර් අමතන්න ගත්තා. එතකොට ගඩොලයා තනියම සිංදු කියන්න බෑ කියලා පොයියාටත් එන්න කිව්වා. පොයියාත් අමාරුවෙන් බෑ බෑ කියකිය  ඉස්සරහට ගියා. මුන් දෙන්නම එකතු වෙලා DJ වත් ඉස්සරහට ගත්තා. තුන්දෙනාම ඉස්සරහා වට මේස සාකච්චාවත්. ටික වෙලාවකින් පොයියයි, ගඩොයෙයි "සරා සදේ...." සිංදුව කියන්න ගත්තා. DJ සද්ද නෑ. ටිකකින් මෙන්න මු පටන් ගත්තානේ බිට් බොක්ස් දෙන්න. ඇඩෙනවා.


අපරාදේ කියන්න බෑ පට්ටටම සිංදුව කිව්වා. පංතිය මීක්‌ නෑ. සර්ටත් කට උත්තර නැතුව කට අරගෙන බලන් ඉන්නවා. කොහොම හරි මුළු සිංදුවම බොක්කෙන්ම ඩබල කිව්වා. සිංදුව ඉවර උන ගමන් අපි අත් පුඩියක්  එහෙම දිලා අප් කරලා ගත්තා. අපි හිතුවෙම මැදදී රැප් එකක් DJ දායිම කියලා. සර් හිතන් ඉන්න ඇති ගඩොලයට සිංදුව කියා ගන්න බැරුව එතන චාටර් වෙලා එක අල්ල ගෙන නොන්ඩියක් දෙන්නම් කියලා. ඒත් දැන් වැඩේ අවුල්. සර්ට කර කියා ගන්න දෙයක් නෑ.


"ඔය ළමයිට හොද හැකියාවක් තියෙනවා, ඒත් ඕවා කරන තැනක් නෙවෙයිනේ පන්තිය."


කියලා සර් ෂෙප් උනා. සර් කොල්ලන්ගෙන් බයිට් ද මන්දා? අපි ඔක්කොටම හිතුනේ එහෙමයි.


අපි හිතුවෙම හොද පෝරියල් එකක් සෙට් උනා කියලා. ගඩොලගෙයි, පොයියාගෙයි. DJගෙයි, හැකියාවෙන අනිත් එවුනුත් ගොඩ ගියා.


http://www.clipartof.com/portfolio/toonaday/illustration/cartoon-black-and-white-outline-design-of-a-school-boy-sleeping-on-his-desk-1046265.html

Monday, February 6, 2012

තවත් වැඩර් කෙනෙක්.


  මේක අපේ තවත් A/L වීර කතාවක්. මේ සිද්දිය වුනේ පොසොන් මාසේ. හරියටම කිව්වොත් 2009 ජුනි 05. එදා පොසොන් උත්සවය වෙනුවෙන් ආගමික වතාවත් කරන්න ඉස්කෝලේ ළග පන්සලකට එක්කන් යනවා කියලා කලින්ම කියලා තිබ්බා.ඒ හින්දම අපි පොඩි ප්‍ලෑනක් ගැහුවා. අපි ඉතින් ආගමට දහමට ලැදි ළමයිනේ. හිකිස්....

  උදේ බෑග් නැතුව ඉස්කෝලේ ඇවිත් පන්සල් යනකොට සේප් එකේ ගෙදර යන එක තමා ප්‍ලෑන. කොහොමද අපේ ටිකිරි මොළේ. :P ගෙදර කිව්වට යන්න තියෙන්නේ පොයියාගේ ගෙදර තමා. මමයි, පොයියායි (Address නැති වීම.), කොතයි (මෙහෙමත් වැඩ වෙනවා.), මලියායි, DJයි තමා වැඩේට රෙඩි වුනේ. තව පොඩ්ඩෙන් අමතක වෙනවා ගඩොලයත් අපිත් එක්ක ආවානේ. අත්දැකීම් බහුල ටීම් එකක්.

  එදා ප්‍ලෑන් කරපු විදිහට ඔක්කොම වැඩ සිද්ද උනා. Prefect ලාට ඉන්නෙත් අපේ එවුන්ම හින්දා උන්ටත් බායි කියා ගෙන අපි පොයියාගේ ගෙදර ගියා. ගිහින් තේ එකක් එහෙම බිලා කරන්න වැඩකුත් නැති හින්දා බැස්සා එලියට. මෙන්න තියෙනවා පොයියාගේ වන්ඩිය. වන්ඩිය කිව්වේ බයික් එකට. ටිකක් පරණයි. වෙලාවේ හැටියට මරු භන්ඩේ. දෙයියනේ කියලා පොයියා ගත්තා වන්ඩිය එළියට. ගත්ත ගමන්ම මේකා තැ‍රි ගහගෙන වැටුනනේ. ලැජ්ජාවේ බෑ. හිකිස්. හොද වෙලාවට අපි විතරයි දැක්කේ. හොද වෙලාවට තුවාල උනෙත් නෑ.

  උගේ අවාසනාවට අපේ වාසනාවට මේ සීන් එක මගේ ෆෝන් එකේ රෙකෝඩ් උනා. ඒක අත්වැරදීමක්. මම ඒ දවස්වල ෆෝන් ඒක යන යන තැන ගෙනියනවා. හදිස්සියකට ගෙදරට කථා කරන්න. :P මෙන්න ඒ විකඩම.....




නිෂ්පාදනය හා අධ්‍යාක්ෂනය - මම.
පසුබිම් කථනය - කොතා.
ආරාධිත රංගනය - පොයියා.
තිර රචනය - මොකා ලිව්වද දන්නේ නැතෝ.

  ඊට පස්සේ තමා අපිට කෙල වෙන්න පටන් ගත්තේ. සෙනසුරාදා ඉරිදා class වලදී ආරංචි උනා අපේ ප්‍ලෑන ලික් කියලා. ඒත් ඉතින් අපිට අපේ එවුන් ෂුවර් නැනේ. වෙලාවකට පොයියා කැලේ උන්ගේ පොයිවලට. කෝකටත් සුදානම් ශරීරයෙන් සදුදා ඉස්කෝලේ ගිහින් ඔක්කොටම පොයියාගේ හපන්කම (චාටර් වීඩියෝව) පෙන්නලා පන්තියට ෆන් එකක් සැපෙව්වා. එදා පොයියා ටිකක් බයිට්. කවුරුත් පොයියව බයිට් කරන්න යන්නේ නෑ පොයියා බයිට් කරන්න ගත්තොත් රෙදි ගැලවෙන්නම බයිට් කරනවා කියලා දන්න හින්දා. ඒ කුරිරු අත්දැකීමට මුහුණ දෙන්න කවුරුත් කැමති නැනේ...

  ඉස්කෝලෙත් පටන් ගත්තා. මැඩම් ඇවිත් ගත්තා කොලයක් එළියට කියවන්න පටන් ගත්තනේ නම් සෙට් එකම. අපේ පැත්තේ 8 ක් හිටියා ඉතුරු වෙලා ඉදලා තියෙන්නේ 2යි. ගියේ 6 දෙනයි. ඒත් නම් 8 කියවුනා. පන්තියේ අනිත් ඇත්තේ 2 ක් අපේ මෙහෙවුමට හොරෙන් සවන් දීලා අපිව අනුගමනය කරලා උන් දෙන්නත් ගෙදර ගිහින්.

  මැඩම් පොඩි බණකුත් දුන්නා. ඒත් ඉහළට දැනුන් දීලා නෑ. මැඩම් හොද හින්දා හොදයි. මැඩම්ට අනුව මේක සංවිධානාත්මක කුමන්ත්‍රණයක්. මේකේ නායකත්වය පොයියා සහ කොතා අරගෙන ඇති බවයි මැඩම්ගේ මතය. පිස්සු වැඩ කොච්චර කරත් පන්තියේ තැනකට ඇවිත් තියෙන්නෙත් මේ සෙට් එකම තමා.

  තව පොඩ්ඩෙන් අමතක වෙනවා. පොයියගේ වීඩියෝවට මම දුන්න පබ්ලිකේෂන් ඒක දැකලා පොයියා අහපි.....

පොයියා - තෝ ඕකත් දාපං Facebook...
මම - කියන්න දෙයක් නෑ දාලා ඉවරයි...
පොයියා -නොදකින් තෝ නම්..
මම - බය වෙන්න එපා බං, උබේ මුණ පෙන්නේ නෑ..
පොයියා - එහෙනම් අවුලක් නෑ
මම - ඒ හින්දා මම උබව tag කරා. කාට හරි අදුර ගන්න බැරි උනොත් අපරාදෙනේ...
පොයියා - අපෝ...... අමනයා...

පව් අසරණයා....




Sunday, January 1, 2012

තේ හැදිල්ල


එහනම් කට්ටියටම සුභ නව වසරක් වෙන්න ඕනේ.....

           මේක පහුගිය අවුරුද්දේ වෙච්ච දෙයක්. වැඩි ඇතක නෙවෙයි ගිය සතියේ. මට අංකල් කෙනෙක් එන්න කියලා තිබ්බා එහෙට ඉන්ටනෙට් අරගෙන වයර් ටික මුට්ටු කර ගන්න විදිහක් නෑ කියලා. මම යද්දී ගෙදර හිටියේ අංකලුයි අංකල්ගේ දුවයි විතරයි. මම වයර් මුට්ටු කරන අතරේ මට තාත්තලා දුවලා කුටු කුටු ගානවා ඇහුණා. අංකල් සිනි හැදී 3, පිටි හැදී 2 .......කියලා කියනවා මට ඇහුණා . ඊට පස්සේ විනාඩි 15 කට විතර පස්සේ මෙන්න අංකල්ගේ දුව එනවා තේ කොප්පයකුත් අරන්....

මේක දැකපු අංකල්ට මාර හැපී. අංකල් කියනවා....

"ඔය ජිවිතේ පළවැනි පාරට තේ එකක් හැදුවේ. පුතාට ඉස්පිලිතාලේ යන්නත් වෙයිද දන්නෙත් නෑ...." කියලා....

මගේ ලේ වතුර උනා. මට එක පාරටම මතක් උනේ ක්ලොගර්ඩ් ඇඩ් එක. (මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී.)

අංකල්ගේ දුව හිනා වේවි කියනවා.

" අනේ තාත්ත වතුර නිමිලානේ."

කාලා වරෙන්කො මෙකි කිරි හැදුවේ ඇල් වතුරෙන්ද දන්නේ නෑ.

"කලින් කියන්න එපයිනේ. මම හිටරේ ගහලා දෙනවනේ" අංකල් කියනවා.

මෙකි ලැජ්ජා නැතුව යන ගමන් මගෙන් අහනවා.....

"අයියා වෙන තේ එකක් හදන් එන්නද?" කියලා.

මම ඕනේ නෑ කිව්වා. මොකටද නිකන් ඉල්ලන් කන්නේ....

          දැන් තමා නියම හරියට එන්නේ. කොහොම හරි මේක බොන්නම වෙනවා. එතන අංකලුත් ඉන්නවනේ විසි කරන්නත් බෑ. මොනවා කරන්නද මම මගේ ජිවිතේ පරදුවට තියලා මම තේ එක බොන්න පටන් ගත්තා. ඇල් වතුරෙන්ම තමා තේ හදලා තියෙන්නේ. බොන්න බැරි තරම් අවුලක් තිබ්බෙත් නෑ. අවුලක් නැත්තෙමත් නෑ. කිරි පිටි අඩුවෙන් දාලා වගේ දැනුනා. උගුරට දෙකට තේ එක බිව්වා. මොකද රස විදින්න දෙයක් තියනවා කියලය. තාම නම් කිසිම අවුලක් උනේ නෑ. අනාගතයේ මොනවා වෙයිද දන්නේ නෑ.

         මට පස්සේ හිතුනේ මෙහෙම ගැනු ගන්න වෙන අසරණ කොල්ලෝ පව් කියලා. හැබැයි මම එක දෙයක් ගැන සතුටු වෙනවා අමාරුවෙන් හරි තේ එකක් හදා ගත්ත එක ගැන. සමහර කෙල්ලෝ ඉන්නවනේ තමන්ගේ හස්බන්ඩට වත් තේ එකක් හදලා දෙන්නනේ  නෑ කියලා දැන්මම හිතාගෙන ඉන්න...... හිකිස්....