Wednesday, March 14, 2012

අපි නොදන්න මැජික්.




මැජික් කිව්වහම විවිධාකාර මැජික් තියෙනවානේ. අපිත් A/L කරන කාලේ පොඩි මැජික් ටිකක් කරා. අන්තරස්දාන මැජික් එකක් තමා කරේ.


ඒ දවස්වල පංතිවල ඉගෙන ගෙන ඉගෙන ගත්ත දේවල් දෙන පේපර් එකට ලියා ගන්න මාර ගේමක්නේ දෙන්නේ. සමහර දවස්වලට නන්නත්තාර පේපර් දෙනවා මේලෝ දෙයක් ලියා ගන්න බැරි. ඒ දවස්වලට පොඩි ෆන් එකක් ගන්න කට්ටිය අමතක කරන්නේ නෑ. ඔය කිව්වට අනිත් දවස්වලටත් ෆන් එකෙන්ම තමා ඉන්නේ. ඒ වගේ දවසක තමා මේ භයානක මැජික් කරේ.


මුලින්ම පොඩි පොඩි දේවල් තමා නැති කරේ.


මුලින්ම රුලක්.....



ඊට පස්සේ ෆෝන් එකක් නැති කරා.....





අන්තිමේට තමා භයානකම වැඩේ කරේ. ඒ තමා මිනිහෙක් නැති කරන එක.....



අත්හදා බැලීමෙන් වලකින්න. හික්ස්.....


විශේෂ ස්තුතිය.
මැජික් ශිල්පී ගන්නොරුව (ගහේ)
පොයියා.
අතා.




Thursday, March 8, 2012

චාටර් නොවීම.



A/L පංතියේ අන්තිම කාලේ එච්චර උගන්නන්නේත් නැනේ. වැඩියෙන්ම කරන්නේ නිකන් ඉන්න එක තමා. අපේ පංතියේ එවුන් නම් නිකන් ඉන්නෙම නෑ. එක්කෝ පංතිය ඇතුලේ කොල බෝලෙන් බෝල ගහනවා, නැත්නම් සිංදු කියනවා. ආ තව කට්ටියක් ඉන්නවා පංතියේ නිදා ගන්න. ඒත් විනාඩි පහකට වඩා උන්ට නිදා ගන්න හම්බෙන්නෙම නෑ. කොහේ හරි තෙමා ගෙන තමා නැගිටින්නේ. ගඩොලා තමා හැමදාම තෙමා ගන්නේ. මල පැනගෙන තමා නැගිටින්නේ. පොයියා තමා ඔය වගේ වැඩ වලට මුලිකත්වය ගන්නේ. කවුරු කරත් අන්තිමේට අහුවෙන්නේ පොයියා තමා. ළග ඉන්න එකා කියලා නෑ ඕකා මවත් තෙමලා තියෙනවා. පංතියේ අනිත් පැත්තේ හිටියා නිදි චුලා කියලා එකෙක්. උගේ ඇත්ත නම කවුරුත් දන්නේ නැතුව ඇති. මිනිහගේ වැඩේම වෙලාවක් කලාවක් නැතුව නිදා ගන්න එක. උගන්නන වෙලාවටත් මේකා නිදි. තෙමුවට වැඩකුත් නෑ මේකා හැදෙන එකෙක් නෙවෙයි. ඒ හින්දා තමා නිකන්ම නිකන් චුලා නිදි චුලා උනා. 


වැඩියෙන්ම බෝල නම් ගැහුවේ ඉස්කෝලේ පටන් ගන්න කලින්. ඒ හින්දා මම ඒ ගැන වැඩිය දන්නේ නෑ. මොකද මම කලින් ඉස්කෝලේ යන්නේ නෑනේ :P. ඔය වැඩේට පන්ති නායකයා බටර් හැමදාම බර බරේ දානවා. කොහොම හරි පංතියේ තිබුණේම අධ්‍යපන වාතාවරණයක්.


දවසක් ෆ්‍රී පීරියඩ් එකක කට්ටිය සෙට් වෙලා සිංදු කියනවා. ඔය ගායන ඇම්ම තිබ්බේ පොයියටයි, DJටයි, මලියාටයි, කොතාටයි, ගඩොලටයි, කුණු මුල්ලේ රජාටයි (වංගෙඩිය), තව කිපදෙනේකුටයි විතරයි. වැඩේ නැගලම යනවා. කවදත් සිංදු කාපු DJ මාති දෙකේ කාසියක් අරන් ඩේස් එකට තඩිබානවා. අනිත් එවුන් සිංදු කියනවා. 


වැඩේ නැගලම යද්දී එකපාරටම කෘමියා පන්තියට ආවා. කෘමියා කියන්නේ ඉස්කෝලේ Agri සර්. අපි ආදරේට කියන්නේ කෘමියා කියලා :P. සිංදු කියලා ගඩොලයා අතේ මට්ටු. කෘමියා ගඩොලයාට ඉස්සරහට ඇවිත් සින්දුවක් කියන්න කිව්වා. ගඩොලයා වැසිකිලිය පැත්තට යන්න ගිහින් කෝකටත් කියලා ඇබරි ඇබරි අමාරුවෙන් ඉස්සරහට ගියා. ඉස්සරහට වෙලා ගඩොලයා ආතල් එකේ ඉන්නවා. ටිකකින් සර් අමතන්න ගත්තා. එතකොට ගඩොලයා තනියම සිංදු කියන්න බෑ කියලා පොයියාටත් එන්න කිව්වා. පොයියාත් අමාරුවෙන් බෑ බෑ කියකිය  ඉස්සරහට ගියා. මුන් දෙන්නම එකතු වෙලා DJ වත් ඉස්සරහට ගත්තා. තුන්දෙනාම ඉස්සරහා වට මේස සාකච්චාවත්. ටික වෙලාවකින් පොයියයි, ගඩොයෙයි "සරා සදේ...." සිංදුව කියන්න ගත්තා. DJ සද්ද නෑ. ටිකකින් මෙන්න මු පටන් ගත්තානේ බිට් බොක්ස් දෙන්න. ඇඩෙනවා.


අපරාදේ කියන්න බෑ පට්ටටම සිංදුව කිව්වා. පංතිය මීක්‌ නෑ. සර්ටත් කට උත්තර නැතුව කට අරගෙන බලන් ඉන්නවා. කොහොම හරි මුළු සිංදුවම බොක්කෙන්ම ඩබල කිව්වා. සිංදුව ඉවර උන ගමන් අපි අත් පුඩියක්  එහෙම දිලා අප් කරලා ගත්තා. අපි හිතුවෙම මැදදී රැප් එකක් DJ දායිම කියලා. සර් හිතන් ඉන්න ඇති ගඩොලයට සිංදුව කියා ගන්න බැරුව එතන චාටර් වෙලා එක අල්ල ගෙන නොන්ඩියක් දෙන්නම් කියලා. ඒත් දැන් වැඩේ අවුල්. සර්ට කර කියා ගන්න දෙයක් නෑ.


"ඔය ළමයිට හොද හැකියාවක් තියෙනවා, ඒත් ඕවා කරන තැනක් නෙවෙයිනේ පන්තිය."


කියලා සර් ෂෙප් උනා. සර් කොල්ලන්ගෙන් බයිට් ද මන්දා? අපි ඔක්කොටම හිතුනේ එහෙමයි.


අපි හිතුවෙම හොද පෝරියල් එකක් සෙට් උනා කියලා. ගඩොලගෙයි, පොයියාගෙයි. DJගෙයි, හැකියාවෙන අනිත් එවුනුත් ගොඩ ගියා.


http://www.clipartof.com/portfolio/toonaday/illustration/cartoon-black-and-white-outline-design-of-a-school-boy-sleeping-on-his-desk-1046265.html

Monday, February 6, 2012

තවත් වැඩර් කෙනෙක්.


  මේක අපේ තවත් A/L වීර කතාවක්. මේ සිද්දිය වුනේ පොසොන් මාසේ. හරියටම කිව්වොත් 2009 ජුනි 05. එදා පොසොන් උත්සවය වෙනුවෙන් ආගමික වතාවත් කරන්න ඉස්කෝලේ ළග පන්සලකට එක්කන් යනවා කියලා කලින්ම කියලා තිබ්බා.ඒ හින්දම අපි පොඩි ප්‍ලෑනක් ගැහුවා. අපි ඉතින් ආගමට දහමට ලැදි ළමයිනේ. හිකිස්....

  උදේ බෑග් නැතුව ඉස්කෝලේ ඇවිත් පන්සල් යනකොට සේප් එකේ ගෙදර යන එක තමා ප්‍ලෑන. කොහොමද අපේ ටිකිරි මොළේ. :P ගෙදර කිව්වට යන්න තියෙන්නේ පොයියාගේ ගෙදර තමා. මමයි, පොයියායි (Address නැති වීම.), කොතයි (මෙහෙමත් වැඩ වෙනවා.), මලියායි, DJයි තමා වැඩේට රෙඩි වුනේ. තව පොඩ්ඩෙන් අමතක වෙනවා ගඩොලයත් අපිත් එක්ක ආවානේ. අත්දැකීම් බහුල ටීම් එකක්.

  එදා ප්‍ලෑන් කරපු විදිහට ඔක්කොම වැඩ සිද්ද උනා. Prefect ලාට ඉන්නෙත් අපේ එවුන්ම හින්දා උන්ටත් බායි කියා ගෙන අපි පොයියාගේ ගෙදර ගියා. ගිහින් තේ එකක් එහෙම බිලා කරන්න වැඩකුත් නැති හින්දා බැස්සා එලියට. මෙන්න තියෙනවා පොයියාගේ වන්ඩිය. වන්ඩිය කිව්වේ බයික් එකට. ටිකක් පරණයි. වෙලාවේ හැටියට මරු භන්ඩේ. දෙයියනේ කියලා පොයියා ගත්තා වන්ඩිය එළියට. ගත්ත ගමන්ම මේකා තැ‍රි ගහගෙන වැටුනනේ. ලැජ්ජාවේ බෑ. හිකිස්. හොද වෙලාවට අපි විතරයි දැක්කේ. හොද වෙලාවට තුවාල උනෙත් නෑ.

  උගේ අවාසනාවට අපේ වාසනාවට මේ සීන් එක මගේ ෆෝන් එකේ රෙකෝඩ් උනා. ඒක අත්වැරදීමක්. මම ඒ දවස්වල ෆෝන් ඒක යන යන තැන ගෙනියනවා. හදිස්සියකට ගෙදරට කථා කරන්න. :P මෙන්න ඒ විකඩම.....




නිෂ්පාදනය හා අධ්‍යාක්ෂනය - මම.
පසුබිම් කථනය - කොතා.
ආරාධිත රංගනය - පොයියා.
තිර රචනය - මොකා ලිව්වද දන්නේ නැතෝ.

  ඊට පස්සේ තමා අපිට කෙල වෙන්න පටන් ගත්තේ. සෙනසුරාදා ඉරිදා class වලදී ආරංචි උනා අපේ ප්‍ලෑන ලික් කියලා. ඒත් ඉතින් අපිට අපේ එවුන් ෂුවර් නැනේ. වෙලාවකට පොයියා කැලේ උන්ගේ පොයිවලට. කෝකටත් සුදානම් ශරීරයෙන් සදුදා ඉස්කෝලේ ගිහින් ඔක්කොටම පොයියාගේ හපන්කම (චාටර් වීඩියෝව) පෙන්නලා පන්තියට ෆන් එකක් සැපෙව්වා. එදා පොයියා ටිකක් බයිට්. කවුරුත් පොයියව බයිට් කරන්න යන්නේ නෑ පොයියා බයිට් කරන්න ගත්තොත් රෙදි ගැලවෙන්නම බයිට් කරනවා කියලා දන්න හින්දා. ඒ කුරිරු අත්දැකීමට මුහුණ දෙන්න කවුරුත් කැමති නැනේ...

  ඉස්කෝලෙත් පටන් ගත්තා. මැඩම් ඇවිත් ගත්තා කොලයක් එළියට කියවන්න පටන් ගත්තනේ නම් සෙට් එකම. අපේ පැත්තේ 8 ක් හිටියා ඉතුරු වෙලා ඉදලා තියෙන්නේ 2යි. ගියේ 6 දෙනයි. ඒත් නම් 8 කියවුනා. පන්තියේ අනිත් ඇත්තේ 2 ක් අපේ මෙහෙවුමට හොරෙන් සවන් දීලා අපිව අනුගමනය කරලා උන් දෙන්නත් ගෙදර ගිහින්.

  මැඩම් පොඩි බණකුත් දුන්නා. ඒත් ඉහළට දැනුන් දීලා නෑ. මැඩම් හොද හින්දා හොදයි. මැඩම්ට අනුව මේක සංවිධානාත්මක කුමන්ත්‍රණයක්. මේකේ නායකත්වය පොයියා සහ කොතා අරගෙන ඇති බවයි මැඩම්ගේ මතය. පිස්සු වැඩ කොච්චර කරත් පන්තියේ තැනකට ඇවිත් තියෙන්නෙත් මේ සෙට් එකම තමා.

  තව පොඩ්ඩෙන් අමතක වෙනවා. පොයියගේ වීඩියෝවට මම දුන්න පබ්ලිකේෂන් ඒක දැකලා පොයියා අහපි.....

පොයියා - තෝ ඕකත් දාපං Facebook...
මම - කියන්න දෙයක් නෑ දාලා ඉවරයි...
පොයියා -නොදකින් තෝ නම්..
මම - බය වෙන්න එපා බං, උබේ මුණ පෙන්නේ නෑ..
පොයියා - එහෙනම් අවුලක් නෑ
මම - ඒ හින්දා මම උබව tag කරා. කාට හරි අදුර ගන්න බැරි උනොත් අපරාදෙනේ...
පොයියා - අපෝ...... අමනයා...

පව් අසරණයා....




Sunday, January 1, 2012

තේ හැදිල්ල


එහනම් කට්ටියටම සුභ නව වසරක් වෙන්න ඕනේ.....

           මේක පහුගිය අවුරුද්දේ වෙච්ච දෙයක්. වැඩි ඇතක නෙවෙයි ගිය සතියේ. මට අංකල් කෙනෙක් එන්න කියලා තිබ්බා එහෙට ඉන්ටනෙට් අරගෙන වයර් ටික මුට්ටු කර ගන්න විදිහක් නෑ කියලා. මම යද්දී ගෙදර හිටියේ අංකලුයි අංකල්ගේ දුවයි විතරයි. මම වයර් මුට්ටු කරන අතරේ මට තාත්තලා දුවලා කුටු කුටු ගානවා ඇහුණා. අංකල් සිනි හැදී 3, පිටි හැදී 2 .......කියලා කියනවා මට ඇහුණා . ඊට පස්සේ විනාඩි 15 කට විතර පස්සේ මෙන්න අංකල්ගේ දුව එනවා තේ කොප්පයකුත් අරන්....

මේක දැකපු අංකල්ට මාර හැපී. අංකල් කියනවා....

"ඔය ජිවිතේ පළවැනි පාරට තේ එකක් හැදුවේ. පුතාට ඉස්පිලිතාලේ යන්නත් වෙයිද දන්නෙත් නෑ...." කියලා....

මගේ ලේ වතුර උනා. මට එක පාරටම මතක් උනේ ක්ලොගර්ඩ් ඇඩ් එක. (මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී.)

අංකල්ගේ දුව හිනා වේවි කියනවා.

" අනේ තාත්ත වතුර නිමිලානේ."

කාලා වරෙන්කො මෙකි කිරි හැදුවේ ඇල් වතුරෙන්ද දන්නේ නෑ.

"කලින් කියන්න එපයිනේ. මම හිටරේ ගහලා දෙනවනේ" අංකල් කියනවා.

මෙකි ලැජ්ජා නැතුව යන ගමන් මගෙන් අහනවා.....

"අයියා වෙන තේ එකක් හදන් එන්නද?" කියලා.

මම ඕනේ නෑ කිව්වා. මොකටද නිකන් ඉල්ලන් කන්නේ....

          දැන් තමා නියම හරියට එන්නේ. කොහොම හරි මේක බොන්නම වෙනවා. එතන අංකලුත් ඉන්නවනේ විසි කරන්නත් බෑ. මොනවා කරන්නද මම මගේ ජිවිතේ පරදුවට තියලා මම තේ එක බොන්න පටන් ගත්තා. ඇල් වතුරෙන්ම තමා තේ හදලා තියෙන්නේ. බොන්න බැරි තරම් අවුලක් තිබ්බෙත් නෑ. අවුලක් නැත්තෙමත් නෑ. කිරි පිටි අඩුවෙන් දාලා වගේ දැනුනා. උගුරට දෙකට තේ එක බිව්වා. මොකද රස විදින්න දෙයක් තියනවා කියලය. තාම නම් කිසිම අවුලක් උනේ නෑ. අනාගතයේ මොනවා වෙයිද දන්නේ නෑ.

         මට පස්සේ හිතුනේ මෙහෙම ගැනු ගන්න වෙන අසරණ කොල්ලෝ පව් කියලා. හැබැයි මම එක දෙයක් ගැන සතුටු වෙනවා අමාරුවෙන් හරි තේ එකක් හදා ගත්ත එක ගැන. සමහර කෙල්ලෝ ඉන්නවනේ තමන්ගේ හස්බන්ඩට වත් තේ එකක් හදලා දෙන්නනේ  නෑ කියලා දැන්මම හිතාගෙන ඉන්න...... හිකිස්....



Friday, December 9, 2011

මෙහෙම වැඩත් වෙනවා.



ගිය සතියේ මාර වැඩක් උනා. මම Facebok එකේ Offline හිටියත් වැඩිය Online ඉන්නේ නෑ. Online ගිය වෙලාවක අපේ පන්තියේ එකෙක්  Chat එකට ආවා. මිනිහා Online ඉන්නවා දැකලා තිබ්බට Chat කරලම තිබ්බේ නෑ.

පොර මාත් එක්ක පොඩි කාලේ ඉදලම එක පන්තියේ හිටියේ. O/L කරන කාලේ විතරක් පන්ති දෙකක හිටියේ. ඊට පස්සේ A/L කරන කොට ආයෙත් එකම පන්තියට වැටුනා. ආයේ කියල වැඩක් නෑ පරක්කුවෙලා පාසල් ඒම පිළිබද Cup ගහලා තියෙන්නේ.  ජීවිතේට කලින් ඇවිත් නැතුව ඇති. ටිකක් ඇත හිටියට කලින් එන්න බැරි කමකුත් නෑ. ඉකෝලෙනුත් මොකුත් කියන්නේ නෑ . කියලම එපා වෙලා. පිනාත් දවසක්  “මේ ළමයා සදා කාලිකවම පරක්කුයි ” කියලා යන්න කිව්වලු. A/L කරන කාලේ තමා අපේ විනය හොදටම තිබ්බේ. ඒ හින්දා Meeting එකක් තිබ්බා. එදත් අපේ එකා පරක්කු වෙලා ඇවිත් පිටිපස්සේම ඉන්නවා. පිනා මේකව පෙන්නලා කියනවා “අර ළමයා මම දන්න කාලේ ඉදන් හැමදාම පරක්කු වෙලා එන්නේ. A/L කරන කාලේවත් මේ ළමයට මේ ළගින් බෝඩ් වෙන්න උවමනාවක් නෑ.” ඕවා මානසිකව වට්ටන්න කියන කතා. අපි සැලෙයි ඔවාගෙන්. ඒවා කොහේද දිගටම පරක්කුවෙලා තමා එන්නේ. (කිව්වට මොකද මමත් ඔය Set එකේම තමා හිටියේ. ඒත් එච්චරම පරකුවෙන්නේ නෑ.)


පරක්කු වෙලා එන අයගේ නම් ලියන්න මැඩම් කෙනෙක් හිටියා ගේට්ටුව ගාව. අපි නම් බොරු නමක් දීලා කොහේ හරි වන්නියක් කියලා ෂේප් වෙනවා. ඒත් බැනුම් ටිකක් අහගන්න නම් වෙනවා. මුලදී නම් මොකක් හරි බොරුවක් කියනවා. ඒත් මැඩම්ව බම්බන්න අමාරුයි. ලේසිම වැඩේ තමා කොහෙහරි වන්නියක නමක් කියන එක. අපේ එකා ගේන්නම් ඕවා මොකුත් අහන්නේ නෑ. මැඩම් මුගේ මුන බලලා යන්න කියනවා. උගේ නම මැඩම්ට මතකයි. හැමදාම කියලම. සමහර දවස් වලට නම ලියන්නෙත් නෑ. අන්තිම කාලේ මට උනෙත් ඔය වැඩේම තමා.


දැන් යමු Facebook සින් එකට......


යාළුවා - හායි
මම - හායි මචෝ
යාළුවා - කොහොමද?
මම - අවුලක් නෑ බං..... උබට?
යාළුවා - වරදක් නෑ....... මොකද කරන්නේ මේ දවස්  වල?
මම - .......... යනවා බං. උබ .......... එකේ වැඩ කරනවද?
යාළුවා - ඕව් ... අදත් වැඩ..... අයියා නම් වැඩ මම තමා Online ඉන්නේ... 

මේක නම් වෙන්න බැරි වැඩක්. මොකද මම හොදටම දන්නවා ඕක කවුරුත් නෑ කියලා. ඕකා තනි අලියා.


මම - ඕකට මල්ලියෙක් නෑනේ ....
යාළුවා - මල්ලි නෙවෙයි එයාගේ නoගි.

කාලා වරෙන්කො. මම ටක් ගාලා බැලුවා මොනවද මම කලින් ලියලා තියෙන්නේ කියලා. හොද වෙලාවට ජරා මොකුත් ලියලා නෑ. යකෝ මේ මාස තුන හතරට මේකට කොහෙන්ද Chat කරන්න පුළුවන් නoගියෙක්.ටික මෙතන වෙන සින් එකක් යන්නේ....

යාළුවා - නoගි කීවට එහෙමමත් නෙවෙයි..

ආහ... ඔය මීටර් වෙන්නේ සින් එක. ෂුවර් එකටම මේ උගේ බඩුව වෙන්න ඕනේ. ඒත් කොහොමද ඕක අහන්නේ. විලි ලැජ්ජාවයිනේ. ඉතින් මම බබා පාර්ට්  එක රග පෑමට තීරණය කෙළෙමි.

මම - මට පිස්සුද?? නැත්නම්.......
යාළුවා - ඒකනම් නම් මම දන්නේ නෑ... මම එකත් අයියාගෙන් 
අහන්නම්.... bt එයා නම් එහෙම කියල නෑ....
මම -  ....... නම් මට නoගි කෙනෙක් ගැන කියලා නම් නෑ.
යාළුවා - මම එයාගේ Wife.... දැන් හරිනේ....
මම - එහෙම කියන්න එපයිනේ....මම අහන්න බැරුව හිටියේ....
යාළුවා - අයියෝ ඔයා මාව දන්නවනේ.... මම නම් ගොඩක් දන්නවා ඔයා ගැන ...
මම - දෙයියෝ..... ඒ කොහොමද?
යාළුවා - මම ඔයාව දැකලත් තියනවා. ඔයා මාව දන්නේ නැද්ද?

අපිත් හොද ඕපාදුප කාරයෝ තමා. ඒ කාලේ ඉදන් අපි ඕකිව දන්නවා. ඒ කලෙත් ඔයා හුටපටේ අපිට ආරංචි උනා. ඊට පස්සේ පාරේදීත් දෙන්නව හම්බෙලත් තියනවා. අපි ගියපු Class වලටත් ආවා.

මම -  දන්නවා Class ආවේ....
යාළුවා - අන්න හරි... ඔය බොරුනේ කිව්වේ දන් නෑ කියලා... දැන් නම් 
යන්න වෙනවා...බායි...
මම -  බායි...

අපිට වෙන්නෙම ඔහොම වැඩ තමා.