Saturday, September 19, 2015

බියුරෙට්ටුවක් කැඩීමේ සතුට.

    
     මයිනර් නොහොත් සාජන් මහත්තයා ජිවිතේට පන්තියට නොයෙන එකෙකි. ඉදලා ඉදලා පැමිණි දවසේ රසායනික විද්‍යා අනුමාපනයකි.

 මයිනර් අදාරකයේ බියුරෙට්ටුවක සෙට් කර අත ඇරියා පමණි, බියුරෙට්ටුව රූටා විත් බිමය. මේකා බියුරෙට්ටුව හරියට සෙට් කර නැතය. A/L පන්තියට පැමිණ පළමු වාරය ඉවර වීමටත් පෙර කැඩුවා නේද මේකා බියුරෙට්ටුවක්. අපේ එවුන් ගිය තැනක් විනාසය.

   විදුලි වේගයෙන් සර් එතනය "ඔයයි මේක කැඩුවා නම් එකක් ගෙනත් දෙන්න වෙයි". කෙලිය නේද?

  පන්ති නායක බටර්, සියල්ල සමග සාකච්චා කර එකාගෙන් රුපියල් 100 බැගින් එකතු කර බියුරෙට්ටුවක් අරන්දීමට තීරණය කරන ලදී. ඉතුරු වන මුදලින් එළ කිරි පාටියක් දාන්නත් තීරණය කර ගත්හ. කට්ටිය වැඩියෙන්ම සතුටු වූ කරුණ එයයි.




  අමාරුවෙන් අමාරුවෙන් මුදල් එකතු කරගෙන පටියක් දමන ලදී. නියමෙට පාටිය තිබ්බේය. බියුරෙට්ටුවක් ගැනීමට වෙන් කරන ලද මුදල් චිනාට බියුරෙට්ටුවක් ගෙන ඒම සදහා දෙන ලදී. බියුරෙට්ටුවක් නම් නොගෙන ආ බව සුවර්ය. මුදල්වලට උන දේ තාම අභිරහසකි.

  එදින පාර්ටියේදී කොතා සමග පොයියා දැමු නර්තනයක්. වස කැතයි කරන්න දෙයක් නෑ.




Saturday, January 17, 2015

පොඩි එවුන් ඉදිරියේ නොන්ඩි වෙයි


    


    ටික කාලෙකට කලින් අපේ පොයිය මහතා (දැන් නම්බු දීලා කථා කරන්න එපයිනේ. වැදගත් මිනිස්සුනේ) ඉස්කෝලෙට ගිහින් නොතිබුන චරිතේ ගන්න. ඔය අතරේ අපේ කලින් පන්ති භාර මැඩම් හම්බෙලා. මැඩම් පොයියව ඇදන් ගිහින් පොඩි එවුන්ට පාඩම් කරපු හැටි කියල දෙන්න කියලා. 

     පන්තියට එක්කන් ගිහින් මැඩම් පොයියා හදුන්වලා දුන්නලු.

"මේ අයියා හොදට වැඩ කරලා දැන් කැම්පස්. මේ අයියා ගියා නම් ඔය කට්ටියට කොහොමත් කැම්පස් යන්න පුළුවන්." 

     ඔය දීලා තියෙන්නේ පොඩි එවුන් ඉස්සරහම රෙදි ගැලවෙන්න. ඉස්කෝලේ කලේ ඒවා තමා ඔය ඵල දෙන්නේ. පොයියා දෙලෝ රත් වෙලාලු හිටියේ තව මොනවා කියයිද කියලා.

"දැන් මේ අයියා පාඩම් කරපු හැටි කියයි"

     කියලා පොයියට පන්තිය බාර දුන්නලු. පොයියත් පොර ටෝක් ටිකක් දුන්න කියලා කියනවා. කොහොමත් පොයියනේ.

    පොර ටෝක් ටික ඉවර කරලා මැඩම් එක්ක එද්දී මැඩම් අහනවලු "ඔය ඔක්කොම කරාද?" කියලා.

   අයෙත් මේකා රෙදි ගලවාගෙන. කට උත්තර නෑලු.

   මේ සිද්දියෙන් පස්සේ මොන චරිතෙද කියලා පොර ගෙදර ආවලු. අයේ යන්නේ නෑ  කිව්වේ පැත්ත පළාතේ. දැන් අපිත් ඉස්කෝලෙට යන්න කලින් දෙපාරක් හිතන්න වෙයි.

      මේ සිද්දිය මාත් හරියට දන්නෑ. පොයියා තාම කිව්වේ. පොඩ්ඩක් සල්අඩි කරලා ගන්න වෙයි.   

http://www.craven.k12.nc.us/bes/

Friday, December 26, 2014

පොඩි එකාට අවවාදයක්



        අපි කාලයක් බලන් හිටපු මළ ගෙදරක ගියා මීට කාලෙකට කලින්. අනේ වාසනාවන්. අවුරුදු ගානක් බලන් හිටියා ඕකට. දන්නා කියන ගොඩක් එවුන් ඇවිත් හිටියා. ඔය අතර අපේ අතා දවස් දෙකක් තුනක් එහෙම ඉදලා එහෙ පවුලේ එකෙක්ම වගේ වෙලා. පිටින් එන අය අහනවලු "පුතා මෙහේද?" කියලා.

         අතා, ගහේගේ අම්ම නැති උනා කියලා තමා ගහේගේ අත්තම්මගේ මළගෙදර ඇවිත් තියෙන්නේ. මේකා ලජ්ජා නැතුව ගහෙට කියනවා "අඩෝ සොරි බං, මට උබලගේ අම්මා මරන්න සිද්ද උනා. උබ වැඩේ ලික් කරන්න එහෙම එපා" කියලා. මේ වගේ පුත්තු රටකට සම්පතක්.


      කතා කර කර ඉන්න ගමන් අතා පොඩි එකෙක් පෙන්නලා කියනවා,


"අඩෝ උබ දන්නවද? මේකට කියන්නේ බාගයා...
මේකාගේ පියා හවසට ගහන්න තිබ්බ බාගයක් මේකා තනියම ගහලානේ....
පව් බන් අර වැඩ කරලා, වැඩ කරලා මහන්සි වෙලා ගෙදර එන මනුස්සයා, එක්කෝ කාලක් ගහපන්, අර මනුස්සයාට ඉතුරු කරලා.....
නැත්තම් කාලක් ගහලා ඉතුරු ටිකට වතුර පුරවපන් අපි වගේ...."


        ඔන්න ඔහොමයි වැඩිහිටියෝ වශයෙන් පොඩි එවුන්ට උපදෙස් දෙන්නේ. ඉගෙනගනිල්ලා...



Sunday, February 2, 2014

කයිසෙන් යෝජනා

 

    මම 9 වසරේ වගේ ඉන්නකොට 5S සංකල්පය ඉස්කෝලේ හොදටම කරගෙන ගියා. ඕකේ කයිසෙන් යෝජනා කියලා කොටසකුත් තිබුණා. අපේ අදහස් යෝජනා ඕකට තමා දාන්න ඕනේ. 


    මම දන්න විදිහට අපේ එවුන් නම් ඕකට වැඩකට ඇති යෝජනා නම් දාලා නෑ. පන්තියට එක ගානේ කයිසෙන් යෝජනා පෙට්ටි තියෙන්න ඕනේ කියලා හදිස්සියේම ආරංචියක් ආවා. පන්තියේ වග කිවයුතු ශිෂ්‍යයෙක් වශයෙන් මමම මේක හදන එන්න බාර ගත්තා. ගෙදර ගිහින් කාඩ්බෝඩ් පෙට්ටියක් හොයාගෙන වටේට කොළ අලවලා, කයිසෙන් කියලා ලොකුවට ගහලා, ගිහින් පන්තියේ එල්ලුවා.

    ගින්නක් නැ පන්තිය දැන් අංග සම්පුර්නයි. දවස් දෙක තුනකට පස්සේ කයිසෙන් ගැන පොඩි හැදින්වීමක් තිබ්බා අපේ පන්තියේ තව පන්ති දෙක තුනකුත් දාලා. කොල්ලෝ අපේ එවුන්ගේ ඔඩොක්කෙත් එක්ක. මොනවදෝ මොනවදෝ කියලා, (අපි අහන ඉන්නෙත් නැනේ) අන්තිමේට මැඩම් 

"අහ මේ පන්තියෙත් ලස්සන කයිසෙන් පෙට්ටියක් තියනවා. බලමු මොනවද තියන යෝජනා"

කියලා පෙට්ටිය අරන් හොලවලා බැලුවා. අපේ එවුන් දාපු චෝක් කෑලිද කොහේදෝ හෙලවෙන්නවා. 

"යෝජනා ගොඩක් තියනවා වගේ."

කියලා මැඩම් හතර වටේ කරකනවා පෙට්ටිය. 

"ළමයි මේකේ කොහෙන්ද යෝජනා එලියට ගන්නේ." 

හුටා එළියට ගන්න තැනක් හැදුවේ නැනේ මම. පන්තියේ එවුන් මගේ දිහා බලනවා වස නෝන්ඩිය.

මැඩම් ගියාට පස්සේ කට්ටියම එකතු වෙලා, කවුළුවක් කපුවා යෝජනා එලියට ගන්න. නොදකින් මුන් දාලා තියන යෝජනා, හොද වෙලාවට යෝජනා ටික මැඩම්ට බලන්න බැරි උනේ....


http://mixedmartialworld.com/be-all-that-you-can-be-with-kaizen/

Wednesday, September 18, 2013

මුහුදු ජලයේ වැඩිපුරම ඇති සංඝටකය


"ඔයා කියන්න බලන්න සංයෝගයක්? " අපි අසරණ කරන රසායන විද්‍යා ගුරුවරයාගේ ප්‍රශ්නය. මෙවර ප්‍රශ්නය අයිස්මන්තයාට. අයිස්මන්තයා නැගිට පිළිතුරු දෙයි.

"එල්ලයි තුනයි ඕ" (Li3O) A/L පංතියට ආපු ගමන්ම හදා ගත්තා නේද නමක් එල්ලයි මල්ලි.

තවත් දිනක...

"අයිස්මන්ත කියන්න බලන්න මුහුදු ජලයේ වැඩිපුරම ඇති සංඝටකය මොකක්ද කියලා." සර් ඇගිල්ල දිගු කරමින් අයිස්මන්තයාව පන්තිය වටේම හොයයි.

එල්ලයි මල්ලි වටපිට බලමින් නැගිට බසරය නාද කරයි.

"බීප්.... ජලය"


කෙලියා නේද මේකා??