Saturday, January 17, 2015

පොඩි එවුන් ඉදිරියේ නොන්ඩි වෙයි


    


    ටික කාලෙකට කලින් අපේ පොයිය මහතා (දැන් නම්බු දීලා කථා කරන්න එපයිනේ. වැදගත් මිනිස්සුනේ) ඉස්කෝලෙට ගිහින් නොතිබුන චරිතේ ගන්න. ඔය අතරේ අපේ කලින් පන්ති භාර මැඩම් හම්බෙලා. මැඩම් පොයියව ඇදන් ගිහින් පොඩි එවුන්ට පාඩම් කරපු හැටි කියල දෙන්න කියලා. 

     පන්තියට එක්කන් ගිහින් මැඩම් පොයියා හදුන්වලා දුන්නලු.

"මේ අයියා හොදට වැඩ කරලා දැන් කැම්පස්. මේ අයියා ගියා නම් ඔය කට්ටියට කොහොමත් කැම්පස් යන්න පුළුවන්." 

     ඔය දීලා තියෙන්නේ පොඩි එවුන් ඉස්සරහම රෙදි ගැලවෙන්න. ඉස්කෝලේ කලේ ඒවා තමා ඔය ඵල දෙන්නේ. පොයියා දෙලෝ රත් වෙලාලු හිටියේ තව මොනවා කියයිද කියලා.

"දැන් මේ අයියා පාඩම් කරපු හැටි කියයි"

     කියලා පොයියට පන්තිය බාර දුන්නලු. පොයියත් පොර ටෝක් ටිකක් දුන්න කියලා කියනවා. කොහොමත් පොයියනේ.

    පොර ටෝක් ටික ඉවර කරලා මැඩම් එක්ක එද්දී මැඩම් අහනවලු "ඔය ඔක්කොම කරාද?" කියලා.

   අයෙත් මේකා රෙදි ගලවාගෙන. කට උත්තර නෑලු.

   මේ සිද්දියෙන් පස්සේ මොන චරිතෙද කියලා පොර ගෙදර ආවලු. අයේ යන්නේ නෑ  කිව්වේ පැත්ත පළාතේ. දැන් අපිත් ඉස්කෝලෙට යන්න කලින් දෙපාරක් හිතන්න වෙයි.

      මේ සිද්දිය මාත් හරියට දන්නෑ. පොයියා තාම කිව්වේ. පොඩ්ඩක් සල්අඩි කරලා ගන්න වෙයි.   

http://www.craven.k12.nc.us/bes/

Friday, December 26, 2014

පොඩි එකාට අවවාදයක්



        අපි කාලයක් බලන් හිටපු මළ ගෙදරක ගියා මීට කාලෙකට කලින්. අනේ වාසනාවන්. අවුරුදු ගානක් බලන් හිටියා ඕකට. දන්නා කියන ගොඩක් එවුන් ඇවිත් හිටියා. ඔය අතර අපේ අතා දවස් දෙකක් තුනක් එහෙම ඉදලා එහෙ පවුලේ එකෙක්ම වගේ වෙලා. පිටින් එන අය අහනවලු "පුතා මෙහේද?" කියලා.

         අතා, ගහේගේ අම්ම නැති උනා කියලා තමා ගහේගේ අත්තම්මගේ මළගෙදර ඇවිත් තියෙන්නේ. මේකා ලජ්ජා නැතුව ගහෙට කියනවා "අඩෝ සොරි බං, මට උබලගේ අම්මා මරන්න සිද්ද උනා. උබ වැඩේ ලික් කරන්න එහෙම එපා" කියලා. මේ වගේ පුත්තු රටකට සම්පතක්.


      කතා කර කර ඉන්න ගමන් අතා පොඩි එකෙක් පෙන්නලා කියනවා,


"අඩෝ උබ දන්නවද? මේකට කියන්නේ බාගයා...
මේකාගේ පියා හවසට ගහන්න තිබ්බ බාගයක් මේකා තනියම ගහලානේ....
පව් බන් අර වැඩ කරලා, වැඩ කරලා මහන්සි වෙලා ගෙදර එන මනුස්සයා, එක්කෝ කාලක් ගහපන්, අර මනුස්සයාට ඉතුරු කරලා.....
නැත්තම් කාලක් ගහලා ඉතුරු ටිකට වතුර පුරවපන් අපි වගේ...."


        ඔන්න ඔහොමයි වැඩිහිටියෝ වශයෙන් පොඩි එවුන්ට උපදෙස් දෙන්නේ. ඉගෙනගනිල්ලා...



Sunday, February 2, 2014

කයිසෙන් යෝජනා

 

    මම 9 වසරේ වගේ ඉන්නකොට 5S සංකල්පය ඉස්කෝලේ හොදටම කරගෙන ගියා. ඕකේ කයිසෙන් යෝජනා කියලා කොටසකුත් තිබුණා. අපේ අදහස් යෝජනා ඕකට තමා දාන්න ඕනේ. 


    මම දන්න විදිහට අපේ එවුන් නම් ඕකට වැඩකට ඇති යෝජනා නම් දාලා නෑ. පන්තියට එක ගානේ කයිසෙන් යෝජනා පෙට්ටි තියෙන්න ඕනේ කියලා හදිස්සියේම ආරංචියක් ආවා. පන්තියේ වග කිවයුතු ශිෂ්‍යයෙක් වශයෙන් මමම මේක හදන එන්න බාර ගත්තා. ගෙදර ගිහින් කාඩ්බෝඩ් පෙට්ටියක් හොයාගෙන වටේට කොළ අලවලා, කයිසෙන් කියලා ලොකුවට ගහලා, ගිහින් පන්තියේ එල්ලුවා.

    ගින්නක් නැ පන්තිය දැන් අංග සම්පුර්නයි. දවස් දෙක තුනකට පස්සේ කයිසෙන් ගැන පොඩි හැදින්වීමක් තිබ්බා අපේ පන්තියේ තව පන්ති දෙක තුනකුත් දාලා. කොල්ලෝ අපේ එවුන්ගේ ඔඩොක්කෙත් එක්ක. මොනවදෝ මොනවදෝ කියලා, (අපි අහන ඉන්නෙත් නැනේ) අන්තිමේට මැඩම් 

"අහ මේ පන්තියෙත් ලස්සන කයිසෙන් පෙට්ටියක් තියනවා. බලමු මොනවද තියන යෝජනා"

කියලා පෙට්ටිය අරන් හොලවලා බැලුවා. අපේ එවුන් දාපු චෝක් කෑලිද කොහේදෝ හෙලවෙන්නවා. 

"යෝජනා ගොඩක් තියනවා වගේ."

කියලා මැඩම් හතර වටේ කරකනවා පෙට්ටිය. 

"ළමයි මේකේ කොහෙන්ද යෝජනා එලියට ගන්නේ." 

හුටා එළියට ගන්න තැනක් හැදුවේ නැනේ මම. පන්තියේ එවුන් මගේ දිහා බලනවා වස නෝන්ඩිය.

මැඩම් ගියාට පස්සේ කට්ටියම එකතු වෙලා, කවුළුවක් කපුවා යෝජනා එලියට ගන්න. නොදකින් මුන් දාලා තියන යෝජනා, හොද වෙලාවට යෝජනා ටික මැඩම්ට බලන්න බැරි උනේ....


http://mixedmartialworld.com/be-all-that-you-can-be-with-kaizen/

Wednesday, September 18, 2013

මුහුදු ජලයේ වැඩිපුරම ඇති සංඝටකය


"ඔයා කියන්න බලන්න සංයෝගයක්? " අපි අසරණ කරන රසායන විද්‍යා ගුරුවරයාගේ ප්‍රශ්නය. මෙවර ප්‍රශ්නය අයිස්මන්තයාට. අයිස්මන්තයා නැගිට පිළිතුරු දෙයි.

"එල්ලයි තුනයි ඕ" (Li3O) A/L පංතියට ආපු ගමන්ම හදා ගත්තා නේද නමක් එල්ලයි මල්ලි.

තවත් දිනක...

"අයිස්මන්ත කියන්න බලන්න මුහුදු ජලයේ වැඩිපුරම ඇති සංඝටකය මොකක්ද කියලා." සර් ඇගිල්ල දිගු කරමින් අයිස්මන්තයාව පන්තිය වටේම හොයයි.

එල්ලයි මල්ලි වටපිට බලමින් නැගිට බසරය නාද කරයි.

"බීප්.... ජලය"


කෙලියා නේද මේකා??

Friday, August 9, 2013

Facebook for Engineers


  ඉස්සර අපිට තිබ්බා Computing for Engineers කියලා සබ්ජෙක්ට් එකක්. ඉගැන්නුවේ Mathlab. එපා වෙනවා ලෙක්චර්ස් යන්න. හොදකට තිබ්බේ ලෙක්චර්ස් තියෙන්නේ ලැබ් එකේ. ඒ හින්දා Mathlab කෙසේ වෙතත් වෙන වෙන වැඩ කර ගන්නවා.

  මුලදී කට්ටිය ටිකක් වැඩ කරා. කෝඩ් ගහලා උත්තර ගත්තා. ඒක එපා වෙන වැඩේ. සමහර වෙලාවට රචනාවක් වගේ කෝඩ් ගහන්න ඕනේ එකකට උත්තර ගන්න. සර් කරන්නෙත් සර්ගේ presentation slides වල තියන කෝඩ් කොපි පේස්ට් කරන එක. අපිත් සර්ගේ අඩි පාරේ ගියා. කොපි පේස්ට් වැඩේ නැගලම ගියා. ඒ හින්දා ටික දෙනෙක් ලෙක්චර්ස් එන එකත් නැවැත්තුවේ, ගෙදර ගිහින්ම කොපි පේස්ට් කර ගන්නම් කියලා. ඉතුරු එවුන් ටිකත් කොපි පේස්ට් පාරක් දාලා උත්තරේ අරන් Facebook යන්න පටන් ගත්තා. ටික දවසක් යද්දී Mathlab කෙසේ වෙතත් කට්ටිය Facebook ලොග් වෙලා ඉන්නවා. අන්තිමේදී කට්ටියට Mathlab බැරි උනාට Facebook Communication Skills හොද තත්වයකට ආවා. ඊට පස්සේ ඇඩ්මින් එක සබ්ජෙක්ට් එකේ නමත් Facebook for Engineers කියලා වෙනස් කරන්න යනවා කියලා තමා අපේ එවුන් කිව්වේ. :P


  විභාග ලං වෙද්දී තමා කට්ටියටම මතක් වෙන්නේ මෙහෙම සබ්ජෙක්ට් එකකුත් තියනවා කියලා. එකෙක්ටවත් හරියට Mathlab බෑ. 

  Engineering Maths කරපු සර් නම් පට්ට. හොදටම කියලා දෙනවා. හදන ගණන් විභාගෙටත් එනවා. ඉතින් අපේ එවුන් සර්ගෙන් Mathlab කියලා දෙනවද කියලා ඇහුවා.

සර් හිනා වෙලා, "Mathlab ලේසි සබ්ජෙක්ට් එකක්නේ. අපි ඒ දවස් වල Mathlab කරන්න ගියේ ටයිපින් ක්ලාස් යනවා කියලා". අපේ එවුන් කර වෙලා ගියා. සර් නොදැනෙන්න අපිට කින්ඩියක් දැම්මේ.

එතකොටම කවුදෝ එකෙක් "අපි නම් යන්නේ කොපි පේස්ට් ක්ලාස්" කියලා කිව්වා. සර් හිතා ගන්න ඇති  අපිට Mathlab බැරි වෙන්න හේතුව. 

http://forum.xcitefun.net/facebook-class-room-t68884.html